අදත් රුපියල් දෙකකින් වැටේ.. ඩොලරය170යි.. ඒ ට‍්‍රම්ප් නිසයි.. යුරෝ, පවුම්, යෙන් හමුවේත් රුපියල බාල්දු වන්නේ කා නිසාද..

September 21, 2018 at 12:40 pm | lanka C news
අදත් රුපියල් දෙකකින් වැටේ.. ඩොලරය170යි.. ඒ ට‍්‍රම්ප් නිසයි.. යුරෝ, පවුම්, යෙන් හමුවේත් රුපියල බාල්දු වන්නේ කා නිසාද..

ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේද ඇමරිකානු ඩොලරය හමුවේ වාර්තාගත ලෙස බාල්දු වී තිබේ.

මහ බැංකුවේ අද වාර්තාව අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 166.78ක් හා විකිණුම් මිල රුපියල් 170.65ක් වෙයි.

ඊයේ දිනයේ ගැනුම් මිල රුපියල් 165.08ක් හා විකිණුම් මිල 168.63ක් ලෙස ඩොරලයකට මිල නියම විය.

අද දිනයේ පමණක් රුපියලේ අවප‍්‍රමණය 2.02 වෙයි.

ලෝකයේ සෙසු සියළු ප‍්‍රධාන මුදල් ඒකකයන් ඉදිරියේදීද රුපියලද දරුණු ලෙස කඩා වැඩි තිබේ.

රජය විසින් සදහන් කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මුල්‍ය ප‍්‍රතිපත්ති හේතුවෙන් ඩොරලය ඉහල යන බවයි.

නමුත් යුරෝ, පවුම්, යෙන්, යුආන්, ඔස්ටේ‍්‍රලියා ඩොලර් ආදී මුදල් ඒකකයන් හමුවේ රුපියල බාල්දු වන්නේ කුමක් නිසාදැයි පැහැදිලි කිරීමක් සිදුව නැත.

බි‍්‍රතාන්‍ය පවුම හමුවේ රුපියල් 4.12කින්, යුරෝව හමුවේ රුපියල් 3.50කින් අද දිනය තුල අවප‍්‍රමානය වී ඇත.

118 views
Main News