අදත් විරෝධතා.. කොළඹ පාරවල් හිරවේ.. පොලීසිය සූදානම්..
March 13, 2017 at 3:00 pm | lanka C news
බොරැල්ල, පුංචි බොරැල්ල, මරදාන, ටෙකින්කල් හංදිය සහ ඒ අසන්න ප්‍රදේශවල පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.
මෙම විරෝධතා පාගමන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇත.
විරෝධතාවය කොටුව දක්වා දුම්රියපල ඉදිරියට පැමිනීමට නියමිතය. පොලිස් බල ඇණි කිහිපයක්ම සූදානමින් කොටුව ආසන්නයේ රදවා සිටී.
සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද පැවැත්වෙන සාකච්චාවක් සදහා තම නියෝජිතයින් සහභාගී කර නොගැකීමට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.