අදානිට එරෙහි ඉන්දීය විරෝධතාවට සහාය පා වතුකරයේත් විරෝධතා…

January 26, 2021 at 12:40 pm | lanka C news
අදානිට එරෙහි ඉන්දීය විරෝධතාවට සහාය පා වතුකරයේත් විරෝධතා…

ඉංදියාවේ සුලු ගොවින් විසින් එහි අදානි සමාගමට විරුද්ධව කරගෙන යනු ලබන විරෝධාවයට සහාය දැක්විම සදහා 26වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි විරෝධතාවයක් පවත්වන ලදි.

ඉංදිය ශ්‍රිලංකා ජන සහායෝගිතාවය, කදුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩමි හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරනය, යන සංවිධාන මගින් මෙම උද්ගෝෂනය සංවිධානය කරන ලදි.

මෙහිදි අදහස් දැක්වු මෙහි සංවිධායක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන ලද්දේ ඉංදියාවේ අදානි සමාගමට එරෙහිව එහි සුලු ගොවින් විසින් මාස දෙකක පමන කාලයක් උද්ගෝෂන පවත්වන බවත් එයට සහාය වශයෙන් මෙම උද්ගෝෂනය පවත්වන බවත්ය.

එමෙන්ම මෙම අදානි සමාගම මේ වන විට ලංකාවේ කොළඹ නැගෙනහිර ජැටිය ලබා ගැනිමට උත්සහා කරන බවත් එයට අමතරව ලංකාවේ තවත් තේවතු සමාගමක්ද ගැනිමට සුදානම් බවත් එවන් ගැනිමක් සිදු වුවහොත් ඉංදියාවේ ගොවින්ට මෙන්ම ලංකාවේ වතු කම්කරුවන්ටද විශාල ප්‍රශ්නවලට මුහුණ දිමට සිදුවන බවත් එම තත්වයන් මත මෙම අදානි සමාගමට ලංකාවේ දේපල ලබා දිමට තමන් විරෝධය පල කරන බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මෙහිදි අදහස් දැක්වු සි. එස්. සි. ලෝයල් ආයතනයේ අධ්‍යක්ෂ ඒ. ප්‍රේම්කුමාර් මහතා අද මේ අදානි සමාගම හේතුවෙන් ඉංදියාවේ ගොවින් දැඩි ප්‍රශ්නවලට මුහුන දිලා තියෙන්නේ මෙම ගොවින් රැක ගැනිමට සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි.

මේ ගොවින් නැතිනම් ජනතාවට කන්න ලැබෙන්නේ නැහැ එමෙන්ම මේ අදානි සමාගම ලංකාවේ තේ වතු සමාගම්ද මිලට ගැනිමට සුදානම් බවට රාවයක් පවතිනවා එසේ වුනෝත් මෙහි කම්කරුවන්ටත් දෙවියන්ගේ පිහිටයි එමනිසා මෙයට අපි දැඩි විරුද්දත්වයක් පල කරනවා.

– මනුර සුදත් සෙල්ලහේවා

26,754 views

5 Comments to “අදානිට එරෙහි ඉන්දීය විරෝධතාවට සහාය පා වතුකරයේත් විරෝධතා…”

  1. SL Revolution says:

    ශ්‍රී ලංකාව යනු Anglo-American බලවේගයේ ග්‍රහණයේ පවතින රටකි.එවන් පසු බිමක එහි මර්මස්තාන වල නියම අයිතිකාරයා හා නියම පාලකයා Anglo-American අක්ෂයයි.කලින් කලට පත්වන ආණ්ඩු මේ සත්‍ය සැගවීමට හදාගත් Cover-up එකක් පමණි.
    Anglo-American අක්ෂය ලංකාවට දුන් ණය සදහා වාරික හා පොලිය අය කරගැනීමට උපයෝගිි කරගන්නා ප්‍රධාන ආර්තික මර්මස්තානයකි වරාය.චීනයට හෝ ඉන්දියාවට එහි කොටස් නතු වීම Anglo-American අක්ෂය ලංකාවට දුන් ණය සදහා වාරික හා පොලිය අය කරගැනීමට බාදාවකි.ඉන්දියානු විරෝදි බළල් අඬු පිටිපස ඇත්තේ Anglo-American හස්තයයි.

    • Roy Berman says:

      Anglo-American means Americans whose culture or ethnic background is of European origin.

      • Mind your language says:

        Bro you are referring to the term Anglo American.. but here it is Anglo-American.Please note the difference.
        Anglo-American is a term used in modern geopolitics.

      • SL Revolution says:

        වර්ෂ 2003දි එක්සත් රාජධානිය (UK ) හා ඇම‌ෙරිකා එක්සත් ජනපදය(USA ) එක්ව කල ඉරාකය ආක්‍රමණය Anglo‐American invasion of Iraq වශය‌ෙන්ද හදුන්වනවා.එය බ්‍රිතාන්‍ය හා ඇම‌ෙරිකන් සංධානයේ යුද-දේශපාලනික-ආර්තික බලපරාක්‍රමය සදහා පාවිච්චි වන ය‌ෙදුමකි.

    • jayananda says:

      ethkota adani samagamata kade yana ayage pitipasa inn kawda

Main News