අද ඇත්තේ යහපාලනයක් නම් උතුරට හමුදාව එපා..

November 4, 2016 at 7:05 am | lanka C news
අද ඇත්තේ යහපාලනයක් නම් උතුරට හමුදාව එපා..

අද වන විට රට තුල ඇත්තේ යහපාලනය නම් උතුරු පළාතෙන් ආරක්ෂක හමුදා ඉවත් කළ යුතු යයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

උතුරු පළාත තුල අද වන විට සාමකාමී තත්වයක් ඇති නිසා අරක්‍ෂක හමුදා තව දුරටත් රඳවා තැබීමේ උවමනාවක් නැතැයිද ඔහු සදහන් කරයි.

මහ ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ මේ දිනවල මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්චාවකදීය.

40 views
Main News