අද ඉතා වැඩි අගයකින් තෙල් මිල අඩු කල යුතුමයි..- මුදල් ඇමතිට වේලාසන දන්වයි..

June 10, 2019 at 12:40 pm | lanka C news
අද ඉතා වැඩි අගයකින් තෙල් මිල අඩු කල යුතුමයි..- මුදල් ඇමතිට වේලාසන දන්වයි..

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් මුදල් ඇමති මංගල සමරවීර මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

මංගල සමරවීර මහතා
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
මුදල් අමාත්‍යාංශය
කොළඔ 01.

අමාත්‍යතුමනි,

ඉන්ධන මිල සම්බන්ධව.

ඉන්ධන මිල  මිල සූත්‍රයට අනුව අද දින එනම්  2019/06/10 දින ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිතව ඇත.

අවසාන වරට ඉන්ධන මිල සංශෝධනය කරන ලද්දේ 2019/05/10 වන දිනය. එම දින සිට 2019/06/10 දින දක්වා ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සීඝුයෙන් පහත වැටී ඇත. තවද එම කාලවකවානුයේ ඩොලරයේ අගයද ස්ථාවරව පැවැති බව පැහැදිලිව පෙනී යයි.

එම නිසා 2019/06/10 වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ඉහත කරැණු සැළකිල්ලට ගෙන ඉන්ධන මිල ඉතා වැඩි අගයකින්  අඩු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි
මෙයට,

රංජිත් විතානගේ  ‐
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

37,875 Viewers

3 Comments to “අද ඉතා වැඩි අගයකින් තෙල් මිල අඩු කල යුතුමයි..- මුදල් ඇමතිට වේලාසන දන්වයි..”

  1. P. Chang Hutang says:

    ඒ වුනාට ඛේමාගේ සුත්තරය (මං කිව්වේ උගෙ අම්මගේ සූත්‍රය කියන එක ශිෂ්ට බාසාවෙන්) අනුව එහෙදි බැස්සට මෙහෙදි නගින්නත් පුලුවන්.

  2. SL says:

    These idiots takes massive taxes from petrol, Diesel, from vehicle permits,etc. But poor roads always damaging vehicles .almost all the roads in colombo are with thousands of potholes .what do they do with taxes?

  3. මාතර සුනිල් says:

    ඔය අඩු කරේ රුපියල් තුනකින්. ඇට දෙලක්ශේට සනීපයි නේද. සියල්ලෝම එකතු වී සාදු කාරයක් දී පිං දෙන්න, “මෑණියන්ට ඩිජිටල් ගේ පිහිටයි “කියා

Main News