අද ඉන්න ශ්‍රිලනිප ඇච්චෝ දන්න කෙහෙල් මලක් නෑ.. මං ඉන්නේ හොදටම කලකිරිලා.. ගන්න ඔ්න වෙලාවට තීන්දුව ගන්නවා..- සුසිල්
August 10, 2017 at 10:28 pm | lanka C news
මේ ආණ්ඩුවේ යහපාලනයක් නැහ. 2018 වෙනකම් මේ ආණ්ඩුවේ ඉන්න බලාපොරොත්තුවක් නැහ. මේ ආණ්ඩුවේ සම්බන්ධව ඉදිරියේදී ජනතාව තීරණයක් ගනිවි යයි එක්සත් ජනතා සංධානයේ හිටපු ලේකම් සම්මුති ආණ්ඩුවේ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ශ්‍රිලනිප මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදි පැවසිය.
මේ ආණ්ඩුව හම්බන්තොට වරාය වික්කා ශ්‍රි ලන්කන් විකුනන්න හදනවා. මේ ආණ්ඩුවට කිසිම ව්‍යාපාර සැලසුමක් නැහ. බලයට ඇවිල්ල තියෙන්නේ සියල්ලම විකුනන්න ජනතාවට ඕක කිව්වා නම් ඒ ගොල්ලන්ට බලයට එන්න ලැබෙන්නේ නැහ.
මම මේක අද කියන්නේ ශ්‍රිලනිප මූලස්ථානයේ ඉදලා මොකද අද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉන්න සමහරක් ඕක දන්නේ නැහ. ශ්‍රිලනිප ඊයේ පෙරේදා ආපු අයත් ඉන්නවානේ ඒගොල්ලන් තමයි අද ලොක්කෝ වෙන්න හදන්නේ එදා 1964 දි සිරිමා බණ්ඩාරනායක මැතිනිය සිරිමා-ශාස්ත්‍රීය ගිවිසුම අත්සන් කලේ අපේ රටට වාසි විදියට. ඒක නිසා කච්චතිව් දූපත අපිට ලැබුනා. හෙට අනිද්දා වෙන කොට මේ ආණ්ඩුව කච්චතිව් දූපතත් දෙයිද කියලා සැකයක් තියෙනවා.
එක රට දෙක අනික් සියලු දේ යටයි කියන මතයේ ඉදලා තමයි එදා නායකයෝ තීරණය ගත්තේ එහෙමයි, මේක අනුගමනය කරන්න බැරිද අද වර්තමාන නායකයින්ට ඒක පිලිගන්න බැරි නිසා අද තමා කලකිරීමෙන් ඉන්න බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
video Link