අද උතුරු පළාතේ පත්වීම් දෙන්නේ තරග විභාග පැවැත්වීමෙන් අනතුරුවයි…

September 24, 2018 at 2:05 am | lanka C news
අද උතුරු පළාතේ පත්වීම් දෙන්නේ තරග විභාග පැවැත්වීමෙන් අනතුරුවයි…

”අවාසනාවන්ත යුද්ධයෙන් පීඩා විඳි උතුරේ ජනතාව අද තමන්ගේ විරැුකියාව නැති කර ගන්න පළාත් අමාත්‍යාංශ වල තිබෙන පුරප්පාඩු සඳහා පත්වීම් ලබනවා. එම පත්වීම් ලබා දෙන්නේ සියලූම වෘත්තීන් වලට අදාලව තර`ග විභාග පැවැත්වීමෙන් අනතුරුව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා, ප‍්‍රායෝගික පරීක්‍ෂණද පැවැත්වීමෙන් අනතුරුවයැයි” උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගිය දා යාපනය මහනගර සභාවට අයත් පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැසීය.

උතුරු පළාත් රාජ්‍ය ආයතන වල පුරප්පාඩුව පවතින, සංවර්ධන නිලධාරී, සමාජ සේවා නිලධාරී සහ රියදුරු යන තනතුරු සඳහා නව පත්වීම් ලැබූ 150කට ආසන්න පිරිසක් සඳහා මෙහිදී පත්වීම් ලිපි ලබා දුන් අතර වැඩිදුරටත් එහිදී අදහස් දැක් වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙසේ පැවසීය.

”ඔබ හැම දෙනා අද ඉමහත් සතුටට පත් වෙනවා මෙම පත්වීම් ලැබීම නිසා. ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යන්න මෙම වෘත්තිය ඉමහත් පිටුවහලක්, අත්වැලක් වෙනවා. හොඳට ඉගෙන ගෙන තර`ග විභාග වලින් සමත් වූ නිසා ඔබ අද පත්වීම් ලබා ගන්නවා. ඔබ ලබා ගත්තා වූ පත්වීමට අනුව ඔබ සේවයට යන රාජ්‍ය ආයතන වල යහපත් රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යෑම ඔබගේ මූලික අරමුණ විය යුතුයි. ඔබ සමාජීය වශයෙන් රටට ජනතාවට සේවය කරන ජනතා සේවකයෙක් විය යුතුයි. පවත්වන ලද තර`ග විභාග වලින් ඉහලම ලකුණු ලබා ගත් පිරිසට තමයි අද මෙම පත්වීම් ලබා දුන්නේ. රටේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන ඔබ සේවය කිරීමේදී වංචාව, ¥ෂණය පිටු දැක සේවය කළ යුතුයි.

උතුරට සාමය, සමාදානය පැමිණ තිබෙනවා. ඒ සාමය සමාදානය නිසා තමයි තර`ග විභාග පවත්වලා සුදුසු අය මෙම තනතුරුවලට තෝරා පත්කර ගැනීමට හැකිවී තිබෙන්නේ. ඔබ වගේම මෙම පත්වීම් ලැබීමට ඉමහත් බලාපොරොත්තු තියාගෙන ඉන්න තවත් පිරිසක් උතුරේ සිටිනවා. ඒ අයටත් ඇතිවන පුරප්පාඩු අනුව, ලබා ගත් ඉහලම ලකුණු පිළිවෙලට අනුව පත්වීම් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඔබ කාර්යාල වල සේවය කරන විට යහපත් මනසකින්, පිරුණු හදවතකින් ජනතාවට සේවය කළ යුතු බවට මා යෝජනා කරනවා. ඔබ ළ`ගට එන කිසිවෙකුට සැර පරුෂ ලෙසෂ කථා කිරිමෙන් වලකින ලෙසද මා ඉල්ලා සිටිනවා.

උතුරේ ජනතාව දීර්ඝ කාලයක් යුද්ධය නිසා පීඩා විඳි පිරිසක්. ඒ අයට නැවත ඔබේ සේවයෙනුත් පීඩා විඳින්න ඉඩ තබන්න එපා. නිමාවුණු යුද්ධයෙන් කවුරුවත් දිනුවේ නැහැ. විනාශ වුණේ මේ රටේ දේපල, ඔබේ දේපල සහ විශාල මිනිස් ජීවිත ගණනක් පමණයි. ඒ නිසා නැවත උතුරේ ජනතාවට කාගෙන්වත් පීඩා විඳීමට ඉඩ නොතැබිය යුතුයි. මෙය මා ඔබ හැම දෙනාටම සිහිපත් කරමින් අවධාරණයෙන් යුතුව කියා සිටිනවා. යුද්ධයෙන් කඩා වැටුණු ඔබේ ප‍්‍රදේශය, ඔබේ ගම, දියුණු කරන්න, සංවර්ධනය කරන්න හොඳ සේවයක් මෙම රාජ්‍ය ආයතන වල ඉඳලා ඔබට අද ලැබූණු මෙම තනතුරු වලින් කළ හැකියි.

උතුරු පළාතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ස්වේච්ඡුා සෞඛ්‍ය සේවකයින් 800 කට ආසන්න ප‍්‍රමාණයක් ඔවුන්ගේ සේවය ස්ථිර කර දෙන ලෙස මා හමු වී නිතරම ඉල්ලීම් කරනවා. ඒ සඳහාද කඩිනම් විසඳුමක් මා ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එම පත්වීම් ලැබීමට යෝජිත පිරිස අතරේ උතුරේ රෝහල් වල අවුරුදු 10, 15 සේවය කළ පිරිස් සිටිනවා.

මෑතකදී උතුරේ සේවය කළ ස්වේච්ඡුා ගුරුවරුන් 700කට ආසන්න ප‍්‍රමාණයකට පත්වීම් ලබා දුන්නා. ඒ අන්දමින්ම කොන්ත‍්‍රාත් පදනම මත සේවය කළ ගුරුවරුන් 150කට පත්වීම් ලබා දුන්නා. තවදුරටත් එවැනි කොන්ත‍්‍රාත්, ස්වේච්ඡුා ගුරුවරුන් බඳවා ගැනීම අත්හිටවන ලෙස මා අදාල බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා” යයි අවසාන වශයෙන් රෙජිනෝල්ඞ් කුරේ මහතා පැවසීය.

මෙම පත්වීම් ප‍්‍රදානෝත්සවයේ පිලි ගැනීමේ කථාව උතුරු පළාත් නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (පාලන) එස්. මෝහනාදන් මහත්මිය විසින් සිදු කළ අතර අමාත්‍යාංශ ලේකම් වරුන් වන රූබිනී වර්දලිංගම්, වී. කේදීස්වරන් යන මහත්මීන්ද මෙහිදී අදහස් දැක්වූහ.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

481 Viewers
Main News