අද එජාපයෙන් මුල් වරට ගෘහස්ත මැයි රැළියක්.. විරෝධය පා මැතිඇමති පිරිසක් වර්ජනයේ..

May 6, 2018 at 6:23 am | lanka C news
අද එජාපයෙන් මුල් වරට ගෘහස්ත මැයි රැළියක්.. විරෝධය පා මැතිඇමති පිරිසක් වර්ජනයේ..

ලෝක කම්කරු දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන සැමරුම අද කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.

එම පක්‍ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් මෙම සැමරුමට සහභාගී නොවී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට විරෝධය පල කරමින් මෙම සැමරුමට සහභාගී නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ මහතා සදහන් කරයි.

රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර හා මන්ත‍්‍රී චමින්ද විජේසිරිද ඊට සහභාගී නොවන්නේ යයි දැනටමත් සදහන් කර ඇත.

මේ අතර විපක්‍ෂය චෝදනා කරන්නේ ආණ්ඩුවේ ප‍්‍රධාන පක්‍ෂයේ මැයි දින සැමරුව ගෘහස්ත ක‍්‍රීඩාංගණයක පැවැත්වීමම පරාජයක් බවයි.

14 views

3 Comments to “අද එජාපයෙන් මුල් වරට ගෘහස්ත මැයි රැළියක්.. විරෝධය පා මැතිඇමති පිරිසක් වර්ජනයේ..”

  1. Don King says:

    උඹ කාපන් කෙහෙල් ගෙඩි බනානා සුජියා

  2. David Milli-banda says:

    Munta kisi lajjawak nathi pakshikayo………….

    Munge Agamatiya maha banku hora, ewa mahajana salli ,
    Munge jANADHIPATHI sambanda keneku Indian kaarayekugen Pagawak aragena.

    LAJJA NATHUWA MUN KOLA ANDAGENA PELAPALITH YANAWA.

  3. Sadda says:

    දැවැන්ත පක්ෂයද ගෘහස්ථ පක්ෂයක් බවට පෙරලෙන පෙරනිමිති පහල වේ.

Main News