අද ඔස්ටේ‍්‍රලියාව රටවල් දෙකක එකවර තරග කරයි.. ශ‍්‍රී ලංකාවට ‘බී’ කණ්ඩායම දමා ප‍්‍රබල කණ්ඩායම ඉන්දීය සංචාරයේ..

February 19, 2017 at 9:20 am | lanka C news
අද ඔස්ටේ‍්‍රලියාව රටවල් දෙකක එකවර තරග කරයි.. ශ‍්‍රී ලංකාවට ‘බී’ කණ්ඩායම දමා ප‍්‍රබල කණ්ඩායම ඉන්දීය සංචාරයේ..

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල ඔස්ටේ‍්‍රලියාවේ තරග සංචාරයක යෙදී සිටියදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඉන්දීය සංචාරයක නිරත වෙමින් සිටින අතර තවත් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් ශ‍්‍රි ලංකා කණ්ඩායම හා තරග වදිමින් සිටී.

අද දිනයේ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම රටවල් දෙකක් සමග එකවර තරග වදින අයුරු ක‍්‍රික් ඉන්ෆො වෙබ් අඩවියේ ක‍්‍රිකට් තරග කාල සටහනේද සටහන් කර තිබේ.

අද ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ටේ‍්‍රලියාවේදී 20-20 තරගයකට සහභාගී වන ඔස්ටේ‍්‍රලියානු පිල ඉන්දීය පිල සමග ඉන්දියාවේදී ටෙස්ට් තරගයකට සහභාගී වෙයි.

අදාල ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම් දෙක නිරීක්‍ෂණය කිරීමේදී පැහැදිලිවම පෙනී යන්නේ සියළුම ප‍්‍රබල ක‍්‍රීඩකයින් ඉන්දීය සංචාරයක නිරත වන බවයි.

ශ‍්‍රී ලංකාව සමග තරග වදිමින් සිටින්නේ එරට දෙවන පෙල ක‍්‍රිඩකයින් බහුතරයකි.

ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා තරග සටහන මෙතනින්
ඉන්දියා ඔස්ටේ‍්‍රලියා තරග සටහන මෙතනින්

52 views
Main News