අද කැබිනට් සංශෝදනයෙන් පසු තවත් 10ක් විපක්‍ෂයට..

May 1, 2018 at 9:20 am | lanka C news
අද කැබිනට් සංශෝදනයෙන් පසු තවත් 10ක් විපක්‍ෂයට..

අද දිනයේ සිදු කිරීමට නියමිත ඇමති මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‍ෂයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගෙන් කිසිවෙකු ඇමති ධුර ලබාගෙන ආණ්ඩුවට එක් නොවන බවද දිසානායක මහතා කියයි.

විපක්‍ෂයේ සිට ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බවත් ශ‍්‍රීලනිප ආණ්ඩුවක් බිහිවන තෙක් විපක්‍ෂයේ සිටින බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

අද කැබිනට් සංශෝදනයෙන් පසුව විපක්‍ෂයෙට එක්වන්නේ මුලින් ඉවත් වූ 16 දෙනාට අමතරව තවත් දස දෙනෙකු යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

87 views
Main News