අද කිසිදු කොරෝනා රෝගියෙක් නෑ.. කොරෝනා ලංකාවෙන් තුරන් කරන්න සූදානම් වන්න..- කොරෝනා පරීක්‍ෂණ ආයතන ප‍්‍රධානී කියයි…

March 25, 2020 at 10:12 pm | lanka C news
අද කිසිදු කොරෝනා රෝගියෙක් නෑ.. කොරෝනා ලංකාවෙන් තුරන් කරන්න සූදානම් වන්න..- කොරෝනා පරීක්‍ෂණ ආයතන ප‍්‍රධානී කියයි…

අද දිනය තුළ පරික්ෂා කරන ලද ජීව සාම්පල අතුරින් පස්වරුව වන තුරුම කොරෝනා ආසාදිත කිසිවකු තහවුරු නොවූ බව සෞඛ්‍යය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

කෙසේ නමුත් ඉදිරි සති දෙකක කාලය තීරණාත්මක නිසා ජනතාව ඉතාම වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඇය කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.

මේ අතර ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ආසන්න දිනවලදී දිනපතා ජීව සාම්පල සියයක් පමණ පරීක්ෂා කලද ඉන් කොරෝනා ආසාදිත යැයි වාර්තා වූයේ පස් දෙනෙකු පමණ ප්‍රමාණයකට බවයි.

මෙය හොඳ ප්‍රවණතාවයක් බවත් මේ ආකාරයෙන් පවත්වාගෙන ගියහොත් මෙරට කොරෝනා ව්‍යාප්ත ව්‍යාප්තිය පාලනය කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

අපි වගේ හික්මුණු ජාතියක් ලෝකේ හොයා ගන්න අමාරුයි – තව සති දෙකක් ඉවසන්න…

අපි වගේ හික්මුණු ජාතියක් ලෝකේ හොයා ගන්න අමාරුයි – තව සති දෙකක් ඉවසන්න…

Gepostet von ITNnews am Mittwoch, 25. März 2020

273 views

14 Comments to “අද කිසිදු කොරෝනා රෝගියෙක් නෑ.. කොරෝනා ලංකාවෙන් තුරන් කරන්න සූදානම් වන්න..- කොරෝනා පරීක්‍ෂණ ආයතන ප‍්‍රධානී කියයි…”

  1. jonana says:

    ඉතාලියේ winter flu එකටත් මිනිස්සු මැරෙනවා අපි බය වෙන්න ඕනේ නැහැ මරණ ගාන වැඩි එකයි

    • jonana says:

      හැම අවුරුද්දකම යුරෝපයේ සිතල කාලෙට මිනිස්සු මැරන වාර්තාව ගත්තම වැඩි ගණන් එන්නේ අපි මේවා දන්නේ නැහැනේ අපි බයේ වෙන්න ඕන නැහැ

  2. lennypooper says:

    sajith thinks that he is the chief of medicine but clear he is saying something stupid

Main News