අද කොරෝනා ආසාදිතයන් 09ක් මිය යයි.. තොරතුරු මෙන්න..

November 21, 2020 at 11:43 pm | lanka C news
අද කොරෝනා ආසාදිතයන් 09ක් මිය යයි.. තොරතුරු මෙන්න..

අද (21) දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 09 දෙනකු මරණයට පත්වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 83කි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද එම මරණ වල තොරතුරු මෙසේය.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග නිවුමෝනියා ආසාදන තත්ත්වය සහ ආසාදන කම්පනයයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65 වන පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගී තත්ත්වය සමග කොරෝනා ආසාදනය වීම මරණයට හේතුවයි.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වය යි.

කොළඹ 10 පදිංචි අවුරුදු 45 ක් වයසැති කාන්තාවන් නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග ඇති වූ හෘදයාබාදයකි.

කොළඹ 10 පෙදෙසේ පදිංචි අවුරුදු 72ක් වයසැති පුද්ගලයෙකු නිවසේදීම ගොස් ඇත. දියවැඩියාව, අධික රුධිර පීඩනය සමග කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකින් මරණයට හේතුවයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් නිවසේදී මියගොස් ඇත. කොරෝනා ආසාදනය සමඟ ඇතිවූ හෘදයාබාධයක් මරණයට හේතුවයි.

වැල්ලවත්තේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේදී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය සමග නිව්මෝනියාව බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනය මරණයට හේතුවයි.

වැල්ලම්පිටියේ පදිංචි අවුරුදු 75ක් කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග නියුමෝනියාව උග්‍ර වීමයි.

76 හැවිරිදි කාන්තාවක් අයිඩීඑච් රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා
ආසාදනය සමග නිව්මෝනියාව සහ ලේ විෂවීමකි.

58,877 views

16 Comments to “අද කොරෝනා ආසාදිතයන් 09ක් මිය යයි.. තොරතුරු මෙන්න..”

  1. මර්තේනිස් අයියා says:

    ඇත්තටම මේ රටේ තිබුණු ආණ්ඩුව දැන් කෝ.ජනාධිපතිවරයාට මොකද වුනේ අගමැතිවරයා කෝ……..මේ පසුබිමේම පාසැල් විවෘත කරන්නත් පුදුම තදියමක් තියෙන්නෙ.කිසිම සැලසුමක් නෑ. මෝඩයො වගේ හැසිරෙන පාලකයො දැක්කම කණගාටුවක් සහ ලැජ්ජාවක් ඇතිවෙන්නෙ.කරැණාකරල රටේ අධ්‍යාපන ඇමති ධූරයට ප්‍රායෝගික මිනිහෙක් දාන්න.නැත්නම් මහ විනාශයක් සිදුවේවි.ගරැ ජනාධිපතිතුමනි ඔබ කොහිද?

    • ඔළුවේ මැටි says:

      ගඟට දැමූ මුට්ටි පොඩි වැඩියි. වඩා ලොකු මුට්ටි දැමිය යුතුයි. පොල් ගෙඩි වලට වගේ, ඒ මුට්ටි වල වට ප්‍රමාණ ගැන ප්‍රමිතියක් ඇති කළ යුතුයි. ඒකත් හරි නොගියොත්, මැටි බාලයි කියලවත් ඇඟ බේරා ගමු.

      ඒ වගේම දවස් 21 ක් පිරිත් කීම 108 දක්වා දිගු කළ යුතුයි. ඒක බැරිවුණොත්, දින ලක්ෂයක්. ඒකත් හරි නොගියොත් ශබ්ධ විකාශණ යන්ත්‍ර බාලයි කියලාවත් ඇඟ බේරා ගන්න වෙනවා.

    • Hashini says:

      GL peries amathithuma hondai usas adyapana amathi thanathurata…dalas alahapperuma wage kenek tama sudusu…..anika prayogika manussayek wiyayuthui adyapana amathi..ekata mahacharyawarayek galapennaha….

  2. Praneeth says:

    70 me tikata marila ai ape rate awlak ne wage inne. Ekko me marenawa kiyana eka waradi. Nath nan rata hemita barapatahala thanakata yanawa kiyana eka. Iskola arinna hoda welawakda? Gampaha vitharai awl kiyala colaba wahanne nathuwa dan bara pathala colaba. Oya wage rate anith pathi walatath unoth?

  3. මහමුදියංසේ says:

    කරැණාකර පාසැල් විවෘත කිරීමට හදිසි නොවන්න.තවත් විනාශයකට දායක නොවන්න.අතිගරැ ජනාධිපතිතුමනි දවසෙන් දවස මේ මියැදෙන්නේ ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් හදවතින්ම සතුටු වූ මිනිසුන් ය.මැතිවරණයට පෙර කොරෝනා වෙනුවෙන් දැක්වූ අවධානය අතහරින්න එපා.අපට ඔබගේ නිහඬ බව පිලිබඳව ඇත්තේ කණගාටුවක්.පාසැල් විවෘතකිරීමට තදියම් වෙන්න එපා එය පෙර සේ නිසි සැලසුමකින් සිදුකරන්න.මුළු රටම අණතුරේ වැටීමට සලස්වා රටේ මිනිසුන් මත එහි වරද පටවා ඇඟ බේරාගැනීම ඔබ වැනි නායකයෙකුට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ

  4. Dicky says:

    මේවට බයගුලු කොමෙන්ට් දාන්නේ ඇයි? ලංකාවේ ඔය වයස් වල අය කොහොමත් මැරෙනවා නිව්මොනියාවෙන් හාට් ඇටක්‌ වලින් දිනකට සිය ගානක්.

  5. කාළකණ්ණි දොන් ජුවන් says:

    කොරෝනා දෙවෙනි රැල්ලට හේතුවුනු brandix පොකුර නිර්මාණය කලේ කවුද ? පාර්ලිමේන්තුවට එන්න දගලන දෙබිඩ්ඩාගේ හිතවතුන් නිර්මාණය කල බවයි ආරංචිය. ඒ නිසා එබැවින් එය කාලයෙ වැලිතලාවෙන් යට යනු ඇත. RESPECT SIR !!!

  6. ඉරිසියාකාරයා says:

    ඒ කාලෙ අපි ඔක්කොම ජී. ඇම්. ඕ. ඒ. එකට බැන්නට ඕං උං එදා කියපුවා දැං වෙන්නයි යන්නෙ !

  7. saman says:

    69 lakse rata keewa

  8. Liyanage says:

    Really, frustrated about this Education Minister. He is neither practical nor does he understand the gravity of divulging innocent children and their elderly parents. Former Education Minister Hon Dalas Alahapperuma please come forward and involve in this crucial matter.

  9. kamal says:

    සිංහලයන්ගෙ දැනුම සමාධිය හෙවත් පංචනිවරණ වලින් ගැලවිම හා රෝග නිවාරණය
    රෝග නිවාරණය ලෝකයට ඉස්සෙල්ලාම ගෙනාවේ සිංහලු ඒ තමයි සුව ධරණි එය සුමානයක් බිව්වොත් ලෙඩ හයක් නැතිවෙනවා ඒ තමයි ඉගුරු කොත්තමල්ලි වෙනිවැල් ගැට කටුවැල් බඩු වසා වාසි හා කුරුදු වල ගුණය. සිංහල බෙහෙත් ඇමරිකාවේ ප්‍රචලිත නොවන්නෙ කපටි අය හින්දා නැතිනම් ඒ අය සුව ධරණි ගන්නවා. සුව ධරණි චිනයට යවන්න එයින් ණය පියවන්න පුලුවන් මිට කිරිබත්ගොඩ රහත් හිමි හා කමල් කියන අහිංසකයා නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි. ඒ කිරිබත්ගොඩ හිමිගෙ මනුස්‍යතවය හා අජාසත්තගෙ අහිංසකකම.

  10. Kalana says:

    ගොන් ජනාදිපති මුලදී ම රටම Lock Down කළා නම් මෙහෙම මිනිස්සු මැරෙන්නෙත් නැහැ, මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නෙත් නැහැ.

Leave a Comment

Main News