අද කොරෝනා ආසාදිතයන් 09ක් මිය යයි.. තොරතුරු මෙන්න..

November 21, 2020 at 11:43 pm | lanka C news
අද කොරෝනා ආසාදිතයන් 09ක් මිය යයි.. තොරතුරු මෙන්න..

අද (21) දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 09 දෙනකු මරණයට පත්වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 83කි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද එම මරණ වල තොරතුරු මෙසේය.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග නිවුමෝනියා ආසාදන තත්ත්වය සහ ආසාදන කම්පනයයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65 වන පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගී තත්ත්වය සමග කොරෝනා ආසාදනය වීම මරණයට හේතුවයි.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වය යි.

කොළඹ 10 පදිංචි අවුරුදු 45 ක් වයසැති කාන්තාවන් නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග ඇති වූ හෘදයාබාදයකි.

කොළඹ 10 පෙදෙසේ පදිංචි අවුරුදු 72ක් වයසැති පුද්ගලයෙකු නිවසේදීම ගොස් ඇත. දියවැඩියාව, අධික රුධිර පීඩනය සමග කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකින් මරණයට හේතුවයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් නිවසේදී මියගොස් ඇත. කොරෝනා ආසාදනය සමඟ ඇතිවූ හෘදයාබාධයක් මරණයට හේතුවයි.

වැල්ලවත්තේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේදී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය සමග නිව්මෝනියාව බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනය මරණයට හේතුවයි.

වැල්ලම්පිටියේ පදිංචි අවුරුදු 75ක් කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග නියුමෝනියාව උග්‍ර වීමයි.

76 හැවිරිදි කාන්තාවක් අයිඩීඑච් රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා
ආසාදනය සමග නිව්මෝනියාව සහ ලේ විෂවීමකි.

58,877 views

16 Comments to “අද කොරෝනා ආසාදිතයන් 09ක් මිය යයි.. තොරතුරු මෙන්න..”

  1. Dilrukshi says:

    Rajayak widiayta rate arthika sanwardanayata karagena yana wadapiliwela godak hondai…eth samahara therana waradi bawa apita watahunata baladarinta nodanena aye kiyala terennaha..me welawe school arinnna one awasthawak nemei… G L peris wage kenek adyapana amathita galapennaha…eya hondai usas aaldyapana wage amathokamak…1-13 thek daruwo gana prayogikawa hithanna puluwan kenek nemei..adyapana amathi…dalas alahapperuma wage amathi kenek tama sudusu…

  2. Hashini says:

  3. sumudhu says:

    බස්නාහිර පළාතේ පදිංචි අය පිට පළාත්වල සංචරණය කිරීම දෙසැම්බර් 31 දක්වා වහා අත් හිටවන්න

Leave a Comment

Main News