අද ගත් ගෑස් සිලින්ඩරයක් කාන්දු වෙයි.. ආපසු ගන්න සමාගම දන්වා නෑ…

November 29, 2021 at 3:50 pm | lanka C news
අද ගත් ගෑස් සිලින්ඩරයක් කාන්දු වෙයි.. ආපසු ගන්න සමාගම දන්වා නෑ…

හැටන් ප්‍රදේශයේ ගෘහස්ථ ගැස් පාරිභෝගිකයෙකු විසින් හැටන් නගරයේ ගැස් අලෙවි නියොජිතයාගෙන් (28) දින මිල දි ගන්නා ලද ගැස් සිලින්ඩරයේ ගැස් කාන්දුවක් ඇති බව එම පාරිභෝගිකයා විසින් හැටන් පොලිසියට දැනුම් දි ඇත.

මිල දි ගන්නා ලද ගැස් සිලින්ඩරයේ මුද්‍රාව ඉවත් කර ගැස් සිලින්ඩරය , ගැස් ලිපට සම්බන්ධ කිරිමට ප්‍රථම සබන් පෙන යොදා පරික්ෂා කිරිමේදි මිල දි ගන්නා ලද කිලෝ 12.5 ගැස් සිලින්ඩරයේ ගැස් කාන්දුවක් ඇති බවට තහවුරු විමත් සමග එම පාරිභෝගිකයා ගැස් සිලින්ඩරය නිවසින් බැහැර කිරිමට පියවර ගැණින.

එසේ ගැස් කාන්දුවන සිලින්ඩර ආපසු භාර ගැනිමට තමන්ට ගැස් සමාගමෙන් කිසිදු උපදෙසක් මේ වන තෙක් ලැබි නොමැති බව හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

57,064 views

8 Comments to “අද ගත් ගෑස් සිලින්ඩරයක් කාන්දු වෙයි.. ආපසු ගන්න සමාගම දන්වා නෑ…”

  1. ඩොනල්ඩ් ට්‍රම්ප් says:

    කැලණි පාලම් කාබනික බෛ මතයට අනුව ඉහත ගෑස් ටැංකිය සජබේ හෝ ජවිපේ ට සහය ලබා දුන් ගෑස් ටැංකියකි.

  2. කැලණියේ නයා says:

    ඕන් බලහන් කොල්ලො සවුබාග්ගෙ දැක්ම යටතේ දැන් අලුතින් රුකියා හැදෙන හැටි ගෑස් ලීක් බලන්න එක්කෙක්ට රස්සාවක් සෙට් උනා සිලින්ඩරේ එලියෙ සෙට් කරල කූඩු කරන්ඩ තව එකෙක්ට රස්සාවක් හම්බුනා.ඒ ඔක්කොටම වඩා හැම ගෙදෙට්ටම සල්ලි දීල බෝම්බයක් ගෙනත් තියා ගන්න චෑන්ස් එකක් හම්බුනා.කිරිබත් කාල සමරල ලබා ගත්තුව මේව.

  3. dev says:

    regulator eka gahanna. eka val ekek widiyatra wada karanwa

  4. අපේ රට says:

    මෙය ඇත්තක් නම් පාරිභොගිකයාට වග කියන්න සමාගම් නැදි සිටිය යුතුය .

  5. Gamarala says:

    සැම ගැස් සිලින්ඩරයේ මුද්‍රාව අලුත් කල යුතුය.මුද්‍රාව අලුත්කර දිනය සදහන් කල යුතුය

  6. විපක්ෂෙට බාර දුන්නොත් හොද ගානක් හොයාගන්න පුලුවන්

  7. Kushan says:

    දැන් ගෑස් පෝලිම් නැහැ. භාණ්ඩ 633ක මිල බජට් එකට ඉස්සෙල්ලා වැඩිකරා. ජොකා ගැන විතරයි කතාකරේ. කොහමද මුන්ගේ මොලේ?

  8. wijaya amithirigala says:

    ගෑස් පිපිරීම් වලට බ්‍රන්ත වී සිටින ජනතාවට තවත් මර උගුලක්! ඔබේ කුස්සියේ ගස් කන් ඳු වී ඇත්නම් එය ගිනි එව්ලීමට සමත් කිසිම ප්‍රමිති සහතිකයක් නැති මුදල් ඉපයීමම අරමුණ කර ගත සමාගම් විසින් දස දහස් ගණනකට උපකරණයක් ප්‍රවර්දනය කරමින් සිටිය. විවුර්ත වෙළඳ පොලේ ඩොලර් දෙක තුනකට මිලදී ගත හැකි (පරීක්ෂණ මට්ටමේ) සෙන්සරයක් යොදා ගෙන මොබයිල් app එකක හරහා ගස් කාන්දු වන්නේනම් ඔබට දුරසිට දැනුම් දියහැකි මෙම උපකරණය මහා සොයාගැනීමක් ලෙස අර්ථ දක්වය්. එහෙත් ප්‍රමිතියෙන් තොර පරිපත හා බැටරි ඇමුණුම ගෑස් කාන්දුවක් දුර සිට ගිනි එව්ළීමට හැකි මර උගුළකි. ගෑස් කාන්දුවක් ඇති බවට සැක නම් දොර ජනෙල් විවුර්ත කර තබා ටික වෙලාවකට පසු විදුලි උපකරණ භාවිත කරන්න. ස්විට්ච්යක එති සපාර්ක් එක ගිනි එව්ලීමට හැකිය. අනරක්ෂිත එලෙක්ත්රොනික් පරිපත හා battery සහිත උපකරනෙවලට නොරැවැටෙන්න .

Main News