අද ජනතාවට කන්න සල්ලි නැතිව පෑගිලා මැරෙනවා.. 69 ලක්‍ෂයේ ජනාධිපතිට අද ජනතාව බලාගන්න බෑ..

May 24, 2020 at 2:10 pm | lanka C news
අද ජනතාවට කන්න සල්ලි නැතිව පෑගිලා මැරෙනවා.. 69 ලක්‍ෂයේ ජනාධිපතිට අද ජනතාව බලාගන්න බෑ..

අද ජනතාවට ජීවත්වීමට මුදල් නොමැති නිසා රුපියල් 1,500 ක ආධාරයක් ලබා ගැනීමට ගිය කාන්තාවන් තිදෙනෙකු පෑගී මියගිය බව සමගි ජනබලවේගයේ අපේක්ෂිකා හිටපු ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය චෝදනා කරයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා මේ දක්වා මාස දෙකකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් ලබාදී ඇති ආධාර ලෙස ලබා දී ඇත්තේ රුපියල් 5000ක මුදලක් පමණක් යයිද ඇය පැවසීය.

එය දිනකට රුපියල් 84 ක පමණ සුළු මුදලක් බවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද පැවසූ ඇය මෙවන් තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට වත්මන් රජයට නොහැකි වී ඇති බවද චෝදනා කලාය.

තත්වය මෙසේ තිබියදී රජය විසින් කඩිමුඩියේ අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා විශාල ණය මුදල් අනුමත කර ගැනීමට යන බවද ඇය කියා සිටියාය.

මෙරට 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දී පත් කරගත් ජනාධිපතිවරයාට අද මෙරට ජනතාව බලා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඇය පැවසුවාය.

අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු ඇමැතිවරයා මේ අදහස් පල කරන ලදී.

සමඟි ජන බල වේගයෙන් රජයට චෝදනාවක්

සමඟි ජන බල වේගයෙන් රජයට චෝදනාවක්

Gepostet von Hiru News am Sonntag, 24. Mai 2020

126 views

35 Comments to “අද ජනතාවට කන්න සල්ලි නැතිව පෑගිලා මැරෙනවා.. 69 ලක්‍ෂයේ ජනාධිපතිට අද ජනතාව බලාගන්න බෑ..”

  1. siri says:

    rata beraganmata hamadama puluwan wanne nihanda palanayak kala rajapakshalata.

  2. Chinthana says:

    Thalatha ….your file is on the way….

  3. Thala(gannawa)tha says:

    Me moda ammandi danne naha, ema kanthaawan marune, vinayak nathiwa polimaka hariyata inna danne nathi thawath moda ammadila thundenek kiyala.

  4. අල්ලපු ගෙදර තිනන් says:

    සජබට ඡන්ද ගන්න මුජිබර් කුඩු මනි බෙදන්න ගිහින් මිනිස්සු පෑගිලා මලා. කාටද නඩු වැටුනේ? කෝ මැකෝ ඒ ගැන කතාවක් වත් නෑ.

  5. Parakum says:

    I thought only countries like SOMALIA where people get crushed to DEATH. Be prepared to welcome a NEW WORLD ORDER of JARAPAKSEs.

Main News