අද ජනපති ගෝටාභයත් එදා මං වගේ වෙලා.. වැඩ කරන්න බෑ..- හිටපු ජනපති

January 19, 2020 at 2:10 pm | lanka C news
අද ජනපති ගෝටාභයත් එදා මං වගේ වෙලා.. වැඩ කරන්න බෑ..- හිටපු ජනපති

ශ්‍රී ලංකා නිදහස් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට ශක්තියක් වූ බවත් ජනාධිපතිධුරයේ සිටි තමන්ට වූ දේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුව ඇති බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු බලය ලබාගැනීමට එක්ව තරග කරන බවත් ඔහු පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවසා සිටියේය.

“මම පාර්ලිමේන්තුවට ගිහින් මේ දක්වා වසර තිහක් ජනාධිපති ධුරයත් එක්ක. මේ දිස්ත්‍රික්කයට රැකි රක්ෂා තිස් දාහකට වැඩිය දීලා තිබෙනවා. ඒ කරපු කැප කිරීම් එක්ක අද වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක තමුන් නන්සේලා අපි හෙට දවසේ කුමක් කළ යුතුද කියන කාරණාව අවධානයට ගන්න ඕනේ.

16දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජයග්‍රහණය කළ. එකට අපි සියලු දෙනා කැප වුණා. සහයෝගය දුන්නා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පොහොට්ටුව නැත්නම් පොදු ජන පෙරමුණත් එක්ක අපි ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ජයග්‍රහණයට අපි වැඩ කරනවා කියලා.ඒ වගේම අපි වැඩ කළා. අපි 2018 පළාත් පාලන මැතිවරණයේදී ගත්ත ඡන්ද ලක්ෂ දහහතට වැඩි ගණනක් ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය පැහැදිලි ලෙසම ශක්තියක් වුණා.

සමහර අය ඒව කියන්නේ නෑ, නමුත් දේශපාලන ව්‍යාපාරයකදී රටක් ගොඩ නගන්න සන්ධාන පෙරමුණු සංකල්පය තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ රටට ආදරය කරන හැම කෙනෙක්ම එකට එකතු වෙලා හදන ආණ්ඩුවක් එක තමයි එකේ සරල අදහස. මාර්තු මාසයේ තුන්වැනිදා පාර්ලිමේන්තුව විසිරෙනවා. අප්‍රේල් මාසේ අන්තිමේ පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. අපි එකට එකතුවෙලා හදලා තිබෙන ගිවිසුම් අනුව අපි සියලු දෙනාම ඒ මැතිවරණය එකට තරග කරනවා.

අද ගෝඨාබය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. මම ජනාධිපතිධුරයේ ඉදලා අවේ එතුමාටත් වෙලා තියෙන්නේ මට වෙච්ච දේ. මම ජනාධිපති වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තු බලය මට නෙමෙයි තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට 142 ක් තිබුණා. පාර්ලිමේන්තුවේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කළා. එයාට 47 යි තිබුණේ. නමුත් ඒ පළවෙනි අවුරුද්දේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 අගෝස්තු මහා මැතිවරණය එනකම් මට සහයෝගය දුන්න.

ඒ නිසා අවශ්‍ය අනපනත් රාශියක් පාර්ලිමේතුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරන්න පුළුවන් වුණා. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ එකට එකතු වෙලා වැඩ කරන්නේ. අප්‍රේල් මාසයේ පවත්වන මැතිවරණයේදී අපි වැඩි බලයක් අරගෙන තුනෙන් දෙක වැඩි බලයක් පෙන්වන්න ජයග්‍රහණය කරන්න ඕනේ.”

– ada

44,363 Viewers

21 Comments to “අද ජනපති ගෝටාභයත් එදා මං වගේ වෙලා.. වැඩ කරන්න බෑ..- හිටපු ජනපති”

  1. Anonymous says:

    මූට පිස්සු….

    • ⁣මූට වැඩකරගන්න බෑ. හැබැයි ගසාකන්න හොඳට මොලේ තියෙනවා. මල්ලි ටෙලිකාම් දාලා ගෙවපු පඩිය, ඩීල් වලින් ගහපුවා, රටේ වටිනම තැන මහා මන්දිරයක් අල්ලගත්තුවා ඒවට මොලේ.. එතකොට වැඩ පුලුවන්. අර මුගේ ඩීල් එකකට ගිය ගෝලයො 2ක්නෙ අල්ලස් අරන් හිරේ ගියෙ. ඒ ගේම ඇඹරුවෙ රනිලා කියලා තමයි ඌ එක්ක වෛර පිරිමහන්න ගියේ. අන්තිමට මුගේ ගොන්කමට අහක හිටිය මහින්ද මහත්තයත් කෙලව ගත්තා.

    • රට්ටු says:

      මෙවර මැතිවරණයේ දී, මහින්දගෙන් 100 යි ගොටාගෙන් 100 යි ඉතිරි 25 ජාතික ලැයිස්තුවෙන්. කොහොමහරි ගොටගේ 100 පාර්ලිමේන්තුවට දා ගත්තොත් හරි, නැත්තන් හොරු සමඟ ගෝටාට ගමනක් නැ. මෙසරේ චෝර කරගත්තොත් ආය ජීවිතට ගොඩ එන්න බැ.

    • Susil says:

      MP Sirisena!
      You, Chandrika and Ranil are responsible for this constitutional mess.
      Under your government, you brought in amendments to turn off the smooth functioning mechanism of governing.
      Don’t talk “baba hukum” now.
      As Range Bandara says, you deserve to be in the jail!

  2. mark says:

    GR as President talks less politics but makes an effort to work , unlike you as a President your work was to come on Media & blame others for your inefficiency.

  3. මහින්දගෙයි මෙයාගෙයි තියෙන බල පෙරේතකමයි තන්හාවයි මැරෙනකම්ම යන පාටක් නෑ.

    • don katugampala says:

      sirata tharam balayata kedara kamak mahindata neha ban. sirata agamethikama nodunna kiyala thama mahindagen appa kala ranilta gotta alluve. anthimata mulu ratama” jara valakata” adala demme siravatama sira.

  4. අනේ බන්.. උඹේ නම් 3 ත් එපා. 2ත් එපා. හිටපු කාලෙ දුන්න හරිය හොදටම මදෑ. එලව එලවනෙ දුන්නෙ ඒ කාලෙ. දැන් නම් ඔහේ ලග දෙන්න ජනතාවගෙ 2/3 ක් නැ. තියෙන්නෙ ඔහේගෙ තුනයි දෙකයි විතරයි

  5. Kgs basnayake says:

    ane buruwo

  6. MD says:

    අනේ පව් ඔයා.හරිම අහිංසකයි 😎

  7. Sunil Dahanayake says:

    We do not want the Pohottuwa to take this useless bastard.

  8. john the baptice says:

    මේ දිනවල ‘පැජට් පාර’ ජනප‍්‍රියය. ඒ හිටපු සිරිසේන ජනපති ලෙස පාවිච්චි කළ සුඛෝපභෝගී පැජට් පාරේ නිවස විශ‍්‍රාම ගියද භුක්ති විඳිමින් සිටීමය. තමා සරල මිනිසෙක් යැයි පම්පෝරි ගැසූ සිරිසේන දැන් මේ නිවස අත නොහැර එහි බහිරවයකු සේ ලගිමින් සිටී. මොනවා නැතත් මේ නිවස පමණක් මට දෙන්න යැයි යදින මට්ටමට ඔහු පත්වී ඇත.

  9. gamarala says:

    “ඔයාල දන්නෑනෙ…. මගේ තාත්තා යු.එන්.පී කාරයෙක්…” – සිරිසේන

    ‘ඔයාල දන්නෑනෙ මං දේශපාලනේට ආව හැටි. මගේ තාත්ත යූඑන්පී කාරයෙක්. ඒ කාලේ පොලොන්නරුවෙ තිබුණ ජාතික උත්සවේකට මාව බණ්ඩාරනායක මහත්තය විදිහට ඇන්දෙවුවා. එදා ඉදල බණ්ඩාරනායක මහත්තය ගැන පත්තරේක තිබුනොත් මං කියවනවා. එතුමගේ පින්තුර එකතු කලා. එහෙම ගිහින් මං නිකන්ම ශ‍්‍රී ලංකා කාරයෙක් වුනා’

    • බිල්ල says:

      ඒක ජාතික උත්සවයක් කිව්වට සිංහල අලුත් අවුරුදු උත්සවයක්. ඒකේ විකට ඇඳුම් තරඟෙට මාව බණ්ඩාරනායක මහත්තය විදිහට ඇන්දෙවුවා. එදා ඉදල මම ඒ ඇඳුම ඇඳගෙන විකට චරිතේ රඟපානවා. ඇත්තටම මාව ජනාධිපති කලා යහපාලන කට්ටිය. ඉතින් මං මොනවා කරන්නද දන්න විධියට කීයක් හරි හම්බකරගන්නවා ඇරෙන්න.

  10. Politics says:

    The damage done by Sirisena to this country is unbelievable and Gota has to first stop the wast and then think of what to do.

    Please don’t compare you to our leader.

    You were a disgrace to our country, the back stabler , traitor,……

    No words to call you bloody bastard.

  11. p.d goonawardena says:

    ඔය කියන්නේ නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කිව්ව වගේ දෙයක්……කවුද තමන් අතේ තියෙන දේවල් අනුන්ට දෙන්න කිව්වේ,,,,,,අපිද….හරියට තීන්දු තීරණ ගන්න බැරි ….වැඩ බැරි ටාසන් දැන් අනිත් අයවත් අධර්යමත් කරන්න හදනවා….කල් ඉකුත්වූ භාණ්ඩ …ගෙදරට වෙලා ඉන්නවා හලෝ…..

  12. සිරිසේන 2 says:

    සිරිසේන ජනාධිපති වෙලා වීරය වගේ 19 ගෙනල්ලා ජනාධිපති බලය අඩු කලා කියලා කය්ය ගහලා දැන් කියනවා එයාට වැඩ කරන්න බැරි උනේ 19A නිසාලු. 😄😂🙃

    • හිටං හුටං says:

      සිරිසේන තුමා ජනාධිපති උනේ ජනාධිපති ධූරය අහෝසි කරල අගමැති කමට රනිල් පත් කරල ඔහුට බලය පවරන්න බව අමතකද ආයුබෝවන්ඩ!

      • අනේ අනේ says:

        පොලොන්නරුවෙ ඉදන් රට පාලනය කොරන්න ආව සරල හිටං පැන්ෂන් ගියෙත් ජනතා මුදලින් නඩත්තු කරන කොළඹ හතේ මාලිගාදෙකකටය්. 😸😺

  13. බිල්ල says:

    සිංහයෙක් හා සමානවෙන්න නරියෙක් කරන උත්සාහයක් සිහියට එනවා මේ අමන කතාව ඇහුවම.

  14. එහෙව් ජනපති කොමක් අයෙ ගන්න මොන තරං නං අඩව්වක් ඇල්ලුවද????
    ගෝට මතිදුට නම් චන්දෙන් පස්සේ නිකැළැල් බලයක් තියෙනව.
    මොහු ආව නං ,ආයෙමත් පාර්ලිමේන්තු බලය එන්නේ මොහුට address නැති පොහොට්ටුවට.

Main News