අද දැයට පිදෙන ලංකාවේ පෙන්ටගනයේ වතගොත මෙන්න.. [Photo]

November 8, 2019 at 8:40 am | lanka C news
අද දැයට පිදෙන ලංකාවේ පෙන්ටගනයේ වතගොත මෙන්න.. [Photo]

අමෙරිකාවේ ජනාධිපති ධුරය ඉසිලූ ෆ්රෑන්ක්‌ලින් ඩී රූස්‌වෙල්ට්‌ (Franklin D Roosevelt) 1941 දී නව ආරක්‌ෂක දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලක අවශ්‍යතාවය මතු කරනු ලැබීය‍. කොන්ග්‍රස්‌ මණ්‌ඩලයේදී කළ එම යෝජනාවට එකල වර්ජිනියාවේ කොන්ග්‍රස්‌වරයා ලෙස කටයුතු කළ ක්‌ලිෆ්ටන් වුඩ්රම් (Clifton Woodrum) 1941 ජුලි 07 වැනිදා ඒ සඳහා වූ  යෝජනා කරනු ලැබීය. එමගින් තැනින් තැන විසිරී ඇති ආරක්‌ෂක දෙපාර්තමේන්තු ශාඛා එක්‌ තැන් කිරීමටත් ඉඩකඩ අවශ්‍යතාවට නියම විසඳුම ලැබෙන බවත් වුඩ්රම් විසින් බ්‍රිගේඩියර් ජෙනරල් ඉයුජින් රීබෝල්ඩ් (Eugene Raybold) හට පැවසීය.

ඉන් පසුව මේ දැවැන්ත ඉදිකිරීම 1941 සැප්තැම්බර් 11 වැනිදා ආරම්භ කරනු ලැබීය. මේ කටයුත්තට වාස්‌තු විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් 327 දෙනෙක්‌, ක්‌ෂේත්‍ර නිරීක්‌ෂණ නිලධාරීන් 117 ක්‌ එක්‌ වූහ.ඉතා ඉක්මනින් මෙහි කටයුතු නිම කිරීම වෙනුවෙන් දිනයේ පැය 24 පුරාම සේවා මුර ක්‍රියාත්මක කෙරුණි.

මෙසේ ඇරඹුණු පෙන්ටගන් ව්‍යාපෘතිය මාස 16 ක්‌ වැනි සුළු කලකින් නිමා කිරීම තවත් විශ්මයක්‌. 1943 ජනවාරි 15 වැනිදා මෙහි වැඩකටයුතු අවසන් කෙරුණු අතර මීටර් 23 ක උසකින් සමන්විත මේ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිස්‌ නම දහස්‌ හය ලක්‌ෂයක්‌ (49,600,000) ක්‌ වැය කර තිබුණි. සම්පූර්ණ භූමි සැකසීම හා අනෙකුත් වියදම්ද එකතුව ව්‍යාපෘතියේ මුළු වියදම ලෙස ඇමෙරිකානු ඩොලර් කෝටි අසූපන් ලක්‌ෂයක්‌ සටහන් විය.

ඇමරිකාව ඒවැනි පියවරක් ගනිමින් ඒ් සඳහා ඒසා විශාල මුදලක් වැය කළේ ආරක්ෂාව හා සම්න්ධයෙන් වූ සියලු ආයතන ඒකම පරිශ්‍රයක පිහිටුවීම් අවශ්‍යතාව හොඳින් අවබෝධ කර ගත් නිසාවෙනි‍.පළමුවැනි ලෝක යුද සමයේ මේ ආරක්‌ෂක කටයුතු සඳහා ඔවුන් ස්‌ථාන කීපයක කාර්යාල යොදා ගත් නමුත් එම ස්‌ථානවල ඉඩකඩ කලයත්ම ප්‍රමාණවත් නොමැතිවීම පෙන්ටගය බිහිවීමට තවත් හේතුවකි‍.

සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රී ලංකාවත් මෙවැනි ආරක්ෂක මූලස්ථානයක් පිළිබඳ අවධානය යොමු කළ අතර 1979 දී කොළඹ ප්‍රධාන සැලැස්ම මගින් වාණිජ කාර්යාල සඳහා රජයේ කාර්යාල කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර නව පරිපාලන අගනුවරට මාරු කිරීම අපේක්ෂා කරන ලදී. වාණිජ සංවර්ධනය සඳහා ඉහළ වාණිජ වටිනාකමක් ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් මුදා හැරීම මින් අපේක්ෂා කෙරුණි.

මාර්ග ජාලය වැඩිදියුණු කිරීම සහ පාර්ලිමේන්තුව මාරු කිරීම 1982 වන විට අවසන් කෙරුණු අතර රට තුළ දිග හැරුණු අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන්, රාජ්‍ය ආයතන නැවත ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි කඩිනමින් සිදුවූයේ නැත‍ කෙසේ වෙතත්, තිස්වසරක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසුව, ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යාල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ කාර්යාලය සහ යුද හමුදා, නාවික හා ගුවන් හමුදාවේ මූලස්ථාන මුලුමනින්ම බත්තරමුල්ල අකුරෙගොඩ වෙත මාරු කිරීම සඳහා ක්‍රියාවලියට පිඹුරුපත් සකස් කෙරුණි. එවැනි මධ්‍යගත ආයතනික ව්‍යුහයක් ත්‍රිවිධ හමුදාව අතර සහයෝගිතාවය සහ මෙහෙයුම් කර්තව්‍යය ඵලදායී ලෙස සම්බන්ධීකරණය කරනු ඇති අතර ආරක්ෂක ධූරාවලිය තුළ සම්පත් බෙදා ගැනීම තුළින් කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇතැයි ද අපේක්ෂා කරන ලදී.

ඒ අනුව 2011 මාර්තු 11 දින ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඊඒම්ඒම් අඹන්පොල සහ අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීම් කළමනාකරණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩීඒස් වීරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට මුල්ගල් තැබීම සිදු කෙරුණි.

මේ වෙනුවෙන් රුපියල් බිලියන 53.3 ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබුණි. මේවන විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 25.5ක මුදලක් මේ වෙනුවෙන් වැයකර තිබෙන අතර නවීන අංගෝපාංග රැසක් සමඟින් යුද හමුදා මූලස්ථානය ඒහි පළමු පියවර වශයෙන් ඉදි කර හමාරය‍.

මෙලෙස ඉදිකෙරුණු යුදහමුදා මුලස්ථාන පරිශ්‍රයට සන්නිවේදක හා ආරක්ෂක අංශ, පානීය හා ගිනි නිවීමේ ජල පද්ධති, පොම්පාගාර,  සහ අවශ්‍ය විදුලි ජෙනරේටර් අංගනයක්, කැළිකසල හා අපජල බැහැර කිරීමේ පද්ධති, වැහි ජලය ලීටර් 40000ක් එක්රැස්කර නවීන තාක්ෂණය භාවිත කර පිරිපහදුකිරීමේ පද්ධති වැනි උපකාරක සහ යටිතල පහසුකම් වලින් සමන්විතය.

ඒසේම යුද , ගුවන්, නාවික මුලස්ථාන ගොඩනැඟිලි ඒ්කාබද්ධ කරමින් ගුවන් පාලම් සකස් කර ඇති අතර ඒ මඟින් ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් අතර සබඳතාව ශක්තිමත් කර ඇත. ගුවන් පාලම් 13කින් ඒම පද්ධතිය සමන්විත වේ. ඒසේම ගොඩනැඟිලි සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණික ආරක්ෂණ උපක්‍රම භාවිත කර ඇත්තේ ආරක්ෂක මූලස්ථානයක තිබිය  යුතු උපරිම ආරක්ෂාව ගොඩනැඟීම වෙනුවෙනි. ඒ් වෙනුවෙන්ම සීසීටීවී කැමරා පද්ධති නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඒල්සීඩී තිර 16කින් සමන්විත නිරීක්ෂණ ඒකයක්ද ස්ථාපිත කර ඇත.  ඒසේම මෙම මූලස්ථාන සංකීර්ණය විදුලි සෝපාන 19 කින් පරිපූර්ණ අතර මෙගා වොට් 15 ක අතිරේක විදුලි සැපයුම් පද්ධතියකින්ද පරිපූර්ණය

ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ප්‍රධාන භූමියට ඒකාබද්ධ කර ඇති විවිධ බිම් කොටස් අත්පත් කර ගනිමින් ක්‍රීඩා පිටියක් සහ ආගමික කටයුතු වෙනුවෙන් භූමියක් මෙම පරිශ්‍ර සංකීර්ණයේ උතුරු කෙළවරේ පිහිටුවීමට අපේක්ෂා කරන අතර ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ආසන්නයේ මාර්ග ජාලය සංවර්ධනය කිරීම ද සිදු කර ඇත.

ආරම්භයේ දී මෙම ව්‍යාපෘතිය අදියර දෙකකට වෙන් කරන ලද අතර පළමු අදියර යටතේ සැලසුම් කර ඇති ප්‍රධාන ගොඩනැගිල්ල සහ නිලධාරීන්ගේ නවාතැන් ගොඩනැගිල්ල සහ අනෙකුත් අංගෝපාංග දෙවන අදියරේදී ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, 2016 දී ඇති වූ මූල්‍යමය බාධාවන් හේතුවෙන් පළමු අදියර නැවත අදියර දෙකකට කොටස් කිරිීමට සිදුවූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වෙන් කර ඇති ගොඩනැගිලිවලට ප්‍රමුඛතාවය දී ඒවා නිම කිරීමට  අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඉදිකිරීම් සැලැස්ම සංශෝධනය කෙරුණි‍‍. ඒලෙස ප්‍රමුඛතාවය දීමට හේතු වූයේ ඒවන විටත් යුද හමුදා මූලස්ථානය පිහිටුවා තිබූ ගෝල්ෆේස් හි පිහිටි භූමිය වාණිජ්‍යය අවශ්‍යතා වෙනුවෙන් මුදා හැර තිබීමත් ඒ් නිසා යුද හමුදා මූලස්ථානයේ පිහිටුවා තිබූ අධ්‍යක්ෂ මණ්ඩල 90%ක්ම පාහේ අධික කුලියක් ගෙවමින් පුද්ගලික අංශයේ ගොඩනැඟිලිවල ස්ථාපනය කර තිබීමය.

යුද හමුදා මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ සන්ධිස්ථානයක් වනු ඇති අතර යුද හමුදා ශ්‍රම බලකාය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් යෝජනා කර ඇති වටිනාකම අනුව විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය මෙය ලෙස සැලකේ.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා යුද හමුදාවට ආධාර සැපයිය හැකි බාහිර ආයතන හෝ පුද්ගලයින්ගේ වෘත්තීය උපදෙස් නොමැතිව හමුදාවට පමණක් මෙම විශාල ව්‍යාපෘතියක් භාර ගැනීම දුෂ්කර විය. එබැවින් යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී ඇති වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා බාහිර විශේෂඥයින්ගෙන් සමන්විත ශක්තිමත් සංවිධානයක් පිහිටුවීමට යෝජනා විය.

එලෙස පිහිටුවන ලද ඉදිකිරීම් සංවිධානයේ ව්‍යුහය මෙහෙයුම් කමිටුවක්, ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක්, ඉදිකිරීම් කළමනාකරණ ඒකකයකින් සමන්විත විය. මෙම ව්‍යුහයේ ප්‍රධාන භූමිකාව ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ ඉදිකිරීම් කළමනාකරණ ඒකකය විසින් ඉටු කරන ලදී.

ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු විසින් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මෙහෙයවනු ලබන අතර ඉදිකිරීම් කර්මාන්තයේ විවිධ අංශවල හසළ ඥාණයකින් පරිපූර්ණ වෘත්තීය කාර්ය මණ්ඩලයකින් සමන්විතය‍‍‍. ඉදිකිරීම් කළමනාකරණ ඒකකය ද අධ්‍යක්‍ෂවරයකු විසින් මෙහෙයවනු ලබන අතර ඉදිකිරීම් කර්මාන්තයේ විවිධ අංශවල වෘත්තීය කාර්ය මණ්ඩලයකින් එය සමන්විත විය.

විශේෂිත නිපුණතා අවශ්‍ය ක්ෂේත්‍ර සඳහා බාහිරින් ලබා ගත් අතර වාස්තු විද්‍යාත්මක විශේෂඥ උපදෙස් ලබා ගත්තේ මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් (එම්.ජේ.ඒ.පී.එල්) සමාගමෙනි‍‍‍. ඉංජිනේරු සහකරු වශයෙන් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (සීඊසීබී) කටයුතු කරන ලදී. ඔවුන් ව්‍යුහාත්මක ඉංජිනේරු උපදේශනය, උපයෝගිතා සහ ගොඩනැගිලි සේවා ඉංජිනේරු, යාන්ත්‍රික, විදුලි හා ජලනල කාර්මික කටයුතු , තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන කටයුතු‍‍, ප්‍රමාණ සමීක්ෂණය, ඉදිකිරීම් කළමනාකරණය සහ සැලසුම් ඇතුළුව සමස්ත විෂය පථයන් වෙනුවෙන් සිය විශේශඥ දැනුම ලබා දෙන ලදී.

කෙසේ වෙතත්, 2016 ඔක්තෝම්බර් මාසයේ සිට එකම උපදේශන වගකීම මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය වෙත පවරන ලදී. ඒ අනුව ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, ප්‍රමාණ සමීක්ෂකවරුන්, ව්‍යාපෘති කළමනාකරණය සහ ව්‍යාපෘති පාලන ආදී ක්ෂේත්‍රයන් වෙනුවෙන් වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙම ව්‍යෘපෘතියට දායකත්වය සැපයීය.

මෙම ඉදිකිරීම ශ්‍රී ලාංකේය අභිමානය කියාපාන තවත් අවස්ථාවක් වන්නේ සියලු ඉදිකිරීම් කටයුතු සඳහා ඉංජිනේරු තාක්ෂනය ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් විසින්ම සිදු කිරිමයි. එමෙන්ම ශ්‍රම දායකත්වයද හමුදා සාමාජිකයින් විසින්ම ලබාදිමයි.

ඒ සියලු කැපකිරීම්වල ප්‍රථිපල දැන් අත්විඳින්නට කාලය ඒළඹ ඇත. ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රයේ පළමු අදියර වශයෙන් ඉදිකිරීම් කටයුතු කළ යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය දැන් දෛනික කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට සියලු කටයුතු සූදානම්කර හමාරය. ඒ දැවැන්ත මෙහෙයුම වෙනුවෙන් දහදිය, කඳුළු වැගිරූ පිරිස අතිවිශාලය. ඒසේම තම දැනුම ඒ වෙනුවෙන් යොදාගත් පිරිස බොහෝය. ඒ් වෙනුවෙන් ඒ සියලුදෙනාට ස්තූතිය පුද කළ යුතුවා සේම ඔවුන්ට ඒ වෙනුවෙන් උත්තමාචාර කළ යුතුය‍.

– Army midea

90,862 Viewers

44 Comments to “අද දැයට පිදෙන ලංකාවේ පෙන්ටගනයේ වතගොත මෙන්න.. [Photo]”

  1. ajith says:

    Brain child of Gotabaya

    • Criminal says:

      selling the lands to a foreign entities and building a different scale of a building is called “brain child of gotabaya’s miracle ” .no wonder you idiots are called ,typical “baiya” folks. So GR ‘s vision is to sell lands and build nation ? How pathetic .

      • Mangala says:

        What toyya’s is doing is selling and leasing everything possible and filling their pockets.at the very start os yahapalanaya the premier left open the bank safe and went out for some fresh air ,,while scavengers did their job

        • Criminal says:

          Lamest come back i have ever seen . Rajapaksha’s white elephants had to be leased due to the fact that those projects has been a burden to SL economy . Local masses now need to pay double the taxes to pay up for rajapaksha’s robbed money.

        • කිරිමෙල් says:

          Still the scavengers are very active. But they do know that, they become filthy like carabaos.

    • සිරිසේන නමැති කුහකයාගේ නම මෙම අතිවිශිෂ්ඨ නිර්මාණයේ සදහන් කිරීමට ලැබීම ට තරම් පාපයක් ශ්‍රීලාංකික අප කලේ ඇයි. මෙම කුහකයට ඉතිරි දවස් දහයත් පත්තරේ බලබලා ඉඳලා ගෙදර ගියානම් මොකද වෙන්නේ. මෙම නිර්මාණයේ සම්පූර්ණම සම්මානය හිමිවිය යුත්තේ අනාගත ජනාධිපති ගෝඨාභය මැතිතුමාටය.

    • upul says:

      කලින් හිටපු දුප්පතාගේ හිතවතා පාරේ යනකොට ගෙවල් වල ඉස්සරහ බිත්තියේ අලුත් තීන්ත තියෙන්න ඕන.

  2. kamal says:

    සාපේක්ෂව හරි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්නෙ අන්ත දක්ෂිණාංශ ගෝටාබය රාජපක්ෂ හා ලංකාවේ රජවු ශ්‍රේෂ්ඨම මනුස්‍යත්වයක් තිබුන ජේ ආර්ට

  3. ගෝමස් says:

    දැන් ඉතින් අයෙත් මැරියල්ල Shangrilla එකට ඉඩම දීල ඒ සල්ලි වලින් මේක හදපු එක අපරාදේ කියල. අබිමානවත් තැනක් තියෙනවා දැන් අඩුගානේ.

    • Jampatah says:

      Piligathha Neda Idama Wikunuwa Kiyala ….
      Akuregoda akkarayak watinne naha Gallface eka gawa Perch ekakata ..

    • Criminal says:

      චිනෙට සින්නක්කරේට ඉඩං විකුනලා , බ්ල්ඩින් හදන එකද ගොඨාභය මහත්තයගේ ප්‍රතිපත්තිය ? හා එහෙනං.

      • suresh says:

        shangrila does not belong to china, but for business tycoon in Hong Kong.

        • Criminal says:

          idiot ! Hong Kong is a special administrative region of China, with executive, legislative, and judicial powers devolved from the national government of china.

          • Hareendra Dhanushka says:

            its 99 year lease agreement , actually I’m also living in a different country investments like this happens here very often its nothing new, but UNP is brain washing and some uneducated people believe everything they say. no investor will go to any country without proper land owner ship agreements, for example Apple company has a manufacturing plant in china which is also for 99 year lease agreement with chinese government.

            before calling others idiots check your knowledge

      • කිරිමෙල් says:

        ලංකාවේ මූල්‍ය මධ්‍යස්ථානය වන මහ බැංකුව හොරකම් කරාට කමක් නැත්ද? ඒ සල්ලිවල කොටසක් මීහරක්ටත් ලැබිල වගේ. නෑ කියනවද?

        • Criminal says:

          අන්න හරි ! 2012 ඉදං මංකොල්ලා කාපු බැංකු හොරුන්ව එලවන්න ඔනේ !

          • kalusinhala says:

            පොල් බුරුවො 2015 ට ඉස්සෙල්ල සමස්ත බැදුම්කර වලින් සිද්ද වෙලා තියෙන්නේ ලාභයක්.මේක මහබැංකු වාර්තාවල තියනවා
            උබත් සජිත වගේ OL ෆිල් ගොබ්බයෙක් වගේ
            ඕව කියපන් උබේ ගෙදර එවුන්ට

      • sw says:

        එතකොට ටාජ්සමුද්‍රා එකට හිල්ටන් එකට ඉඩම් දීලා සල්ලි සාක්කුවේ දාගත්ත උන් තමා හොදt

    • සුපිපි says:

      ඒ සල්ලි වලින් තුනෙන් එකක් විතරයි මේකට වෙන්කළේ. ඒ වෙන්කළ ප්‍රතිපදනත් මුන් හොරා කැවා

  4. Criminal says:

    බයිලොජික් අංක 1
    ශැංග්‍රිලා එකට ලංකාවේ අංක එකේ ඉඩම සින්නක්කරේට විකුනලා , හමුදා මුලස්ථානය වෙනිං දිහැක හැදුවට කමක් නැත.

    ගොඨාභය රාජපක්ශ මහතාගේ ප්‍ර.ප්‍රයේ:
    මේ රටේ කිසිදු ඉඩම් කට්ටියක් , විදේශය රටකට නොවිකුනමී.

    මට කියපල්ලකො , රටේ ඉඩමක් පිටරටකට සින්නක්කරේට විකුනලා , තව කෙහෙන් හරි ඉදිකිරීමක් ඉදිකරලා , ඒකට “මහ මොළකරුගේ වැඩ” කියලා පාරම් බානඑක හරියට , අම්මා , අප්පව විකුනලා , දැවැද්දක් දීලා හිරේට ගැනියෙක් ගන්නවා වගේ වැඩක් නේමෙද ?

    • Hareendra Dhanushka says:

      its 99 year lease agreement , actually I’m also living in a different country investments like this happens here very often its nothing new, but UNP is brain washing and some uneducated people believe everything they say. no investor will go to any country without proper land owner ship agreements, for example Apple company has a manufacturing plant in china which is also for 99 year lease agreement with chinese government.

      before calling others idiots check your knowledge

      • කුමාරි says:

        ක්රිමිනල් කියන එකා හිතන් ඉන්නේ ඌ තමයි මෙතන ඉන්න ලොකුම බුද්ධිමතා කියලා! පව් අනේ. ඒක දන්නේ නෑ. කියන ගොන් කතා බලල කි දෙනෙක් ඒකාට හිනා වෙනවද කියල.

  5. Rohan says:

    ටොඉයො ලාවට ඇටැක් කරයි.

  6. Hesh says:

    ආරක්ශක ලේකම් විදියට මේ යකා මෙහෙම වැඩ ටිකක් කරානම් ජනාධිපති උනොත් කොහොම වෙනසක් කරයිද? කුහක කම නැතුව ශක්තිමත් රටක ජීවත් වෙන්න කැමති හැම එකාම ගෝටට චන්දෙ දීපල්ලා.

  7. sirimal says:

    මෙවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. (2015 මහා මැතිවරනය රිෂාඩ් බදියුදීන් මනාප ගණන 26,291)

  8. Isuru Navod says:

    Sajithta mewage dewal hinen wath hitheida

  9. ලාල් සහ ගීතාන්ජලි කැලිපෝනියා ප්‍රාන්තයේ සිට says:

    මොන රටේද ඔක්කොම හමුදා නායකයෝ එක තැනක ඉන්නේ? හතුරට හමුදාව හොයා හොයා යන්ද ඕනේ නැහැ ඔක්කොම එක තැනක ඉන්න නිසා…ගොතනම් අම්බානක මෝඩයෙක් ….ගොතටම හරියන පෙට්ටගම.

    • ඇයි මේ ගොනයි එළදෙනයි ඉන්න ඇමෙරිකාවේ පෙන්ටගනය කියලා තැනක් තියනවා කියලා දන්නේ නැද්ද. කොහෙද ඉතින් ඇමෙරිකාවේ ඉදන් කක්කුස්සි හෝදන එවුන් ඕවා දන්නවයද.

      • බබා says:

        අනේ මන්දා . ලජ්ජා නැතුව ඉන්නේ කැලිෆෝනියාවේ කියලත් කියනවා . මෙහෙ කුස්සියේ දොර මුල්ලේ ඉන්න එවුනුත් අහල තියෙනවා පෙන්ටගනය ගැන. මුන් දන්නේ නෑ. චික් විතරක්

    • පත්බේරිය, ඇමරිකාව says:

      දැන් මීට ඉස්සෙල්ල යුධ හමුදා මූලස්ථානය වෙනම තැනක
      තිබිලා නෙමේද කොටි ගෑණි ඇතුලටම ඇවිල්ල වෙල්විදානෙට කෙලෝල ගියේ?

      ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය (JOC) වෙනම තැනක තිබිල 
      නෙමේද කොටියා ඒක බිමටම සමතලා කරල ගියේ?

      උඹල දෙන්නට අං ඒගන එනවද කියල හොඳට ඔලුව අතගාල බලපල්ලා.

    • කිරිහොඳා says:

      මේ මෝඩ මීහරක් නාම්බයි, නෑම්බයි හිතන් ඉන්නෙ ඇමරිකාවේ, කැලිෆෝර්ණියා
      ඉඳල කොමෙන්ට්  දානවයි කියල ලිව්වොත් ඒ කොමෙන්ට් මේ රටේ මිණිස්සු හිස් මුදුනෙන්
      පිලිගෙන ගෝඨාට විරුද්ධව ඡන්දෙ දෙයි කියල.

      උඹලගේ ලනු කන්ඩ තරම් මේ රටේ මිනිස්සු  හරක් නෙමේ බං!

      මුන් ඇමරිකාවෙ ඉඳල කොමෙන්ට් දානවයි කිව්වට මුන්ට වරද්දන්නෙ නැතුව අකුරක් ලියා
      ගන්ඩවත් බෑ.;
      මූ California කියන නගරයේ නම සිංහලෙන් ලියල තියෙන්නෙ Caliporniya කියල.

      ඇමරිකාවටත් එක්ක ලැජ්ජයි බං.

  10. SANDEEPA says:

    මේ building එකේ plan එක යහපාලන ඇමතියෙක් ඉල්ලා තිබ්බ නේද, එක දැනටමත් RAW එකට CIA එකට මුන් දීල ඇති, මේක නෙමේ අර ඇමරිකන් තානාපති කාර්යාලයේ ගහන building එකනේ බිල්ඩිම, කවුද දන්නේ එකට අවසර දුන්නේ තනිකරම බලකොටුවක් ඒක.

  11. SL says:

    EOT CLAIMS TIKA GEWAPALLA

  12. hitan says:

    yaha palanna pimpiyo MR wda patan gaththa hama deyakma bageta hadala opan karanawa. MY3 tharam niwata nayaka yek naha.

  13. podi gamaya says:

    The part of money saved for this project By GR has been robbed By then Finance Minister Ravi Karunanayake.He transferred this deposits to Finance Ministry account. By doing so some cash were disappeared May be gone to someone’s pocket.I can’t remember the amount It was in millions.Am I correct.

  14. Ganja says:

    ONE MISSILE CAN HOLD ALL ARMY ADMINISTRATION..

    • NIL says:

      Centralization of army is not a wise decision, .

      • පත්බේරිය, ඇමරිකාව  says:

        දැන් මීට ඉස්සෙල්ල යුධ හමුදා මූලස්ථානය වෙනම තැනක
        තිබිලා නෙමේද කොටි ගෑණි ඇතුලටම ඇවිල්ල වෙල්විදානෙට කෙලෝල ගියේ?

        ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය (JOC) වෙනම තැනක තිබිල
        නෙමේද කොටියා ඒක බිමටම සමතලා කරල ගියේ?

        උඹල දෙන්නටත් (Ganja & NIL) අං ඒගන එනවද කියල හොඳට ඔලුව අතගාල බලපල්ලා.

      • Audit Superintendent says:

        A civil war like Tiger terrorism or any other armed struggle of that magnitude will never happen again in the
        near future (or for the next 100 years if Gota wins the Nov 2019 presidential election) in this country.

        Instead, the greatest possibility that we would see in the future can be political gimmicks to get the same results using our own Sinhalese traitors and money greedy low bred citizens like Chanpaka, Runnil, Sajith, Rajitha, Ambara Dhamila thera etc.

  15. Sirisena Yatawara says:

    We are nation on neutral in Indian Ocean.
    We seek that strong national defense to safeguard country sovereignty, territorial integrity and Independence of our Republic. Indeed that Defiance is life -line of Democracy of
    Sri lanka.
    Why is that?
    1 JVP is terrorist political party
    2 LTTE+TNA was/is gun rule political outfits
    3 Muslin Terrorist of connected to ISIS of global terrorism

  16. Sirisena Yatawara says:

    We are nation on neutral in Indian Ocean.
    We seek that strong national defense to safeguard country sovereignty, territorial integrity and Independence of our Republic.
    Indeed that Deference is life -line of Democracy of Sri lanka.
    Why is that?
    1 JVP is terrorist political party
    2 LTTE+TNA was/is gun rule political outfits
    3 Muslin Terrorist of connected to ISIS of global terrorism.
    That is why deference has turn into life-line of democracy means of governance …Island nation.

Leave a Comment

Main News