අද නායකයා ගැන විශ්වාස කර ව්‍යවස්ථා සංශෝධන එපා.. 20ට කිසිසේත්ම එකග නෑ.. ආණ්ඩුව ගැන මං හොදටම කලකිරිලා..- ඇල්ලේ ගුණවංශ හිමි..
September 19, 2020 at 3:22 am | lanka C news
වත්මන් නායකත්ව මත විශ්වාසය තබා නව ව්‍යවස්තා සංශෝධන ගෙන ඒම සුදුසු නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසති.
අනාගත නායකයා කවුරුන් වේ දැයි නොදැන අද සිටින නායකයාට ගැලපෙන ලෙස විවස්තා සංශෝධන ගෙන එ්ම සුදුසු නොවන බවයි.
සිදුවිය යුතුව ඇත්තේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම බවද උන්වහන්සේ සඳහන් කළහ.
විසිවන ව්‍යවස්ථා සංස්කෘතියට එකඟ වීමට නොහැකි බවත් මෙවන් පැලැස්තර විසඳුම් නොව අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් යයිද උන්වහන්සේ පැවසූහ.
අද ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන තමන් වහන්සේ බෙහෙවින්ම කණගාටුවන බවද උන්වහන්සේ කියා සිටියහ.
හිරු රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.