අද නුවර රැස්වීමට ජනපති නෑ.. ශ‍්‍රීලනිපයත් නෑ.. යන්නම සිටි එස්.බී.ටත් එපා කියයි..

March 8, 2019 at 3:00 pm | lanka C news
අද නුවර රැස්වීමට ජනපති නෑ.. ශ‍්‍රීලනිපයත් නෑ.. යන්නම සිටි එස්.බී.ටත් එපා කියයි..

විපක්‍ෂය විසින් අද නුවරදී පවත්වන ජන රැුළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවිමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශ‍්‍රීලනිප සංවිධායක හමුවේදී මේ බව තීරණය කර ඇත.

තමනට එම රැුස්වීම ඇමතීමට උවමනා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා තදින්ම කියා ඇතත් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ පක්‍ෂය විසින් ගන්නා ලද තීන්දුව අනුව කිසිවෙකුත් ඊට සහභාගී නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අප ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ ශ‍්‍රීලනිපය පොහොට්ටුව ඇතුළු විපක්‍ෂයේ එජාප විරෝධී සියළු බලවේග එක් කර ගනිමින් සන්ධානය බිහිකල පසු ඒකාබද්ද ක‍්‍රියාමාර්ග සදහා විධිමත්ව එළැඹෙන බවයි.

248 views
Main News