අද පාලකයන් යක්‍ෂාවේශයෙන්.. රට අස්ථාවර වුණේ මෛත‍්‍රි කල වැඩේ නිසා..

July 16, 2019 at 6:48 pm | lanka C news
අද පාලකයන් යක්‍ෂාවේශයෙන්.. රට අස්ථාවර වුණේ මෛත‍්‍රි කල වැඩේ නිසා..

පාලකයන් යක්ෂාවේශයෙන් ක්‍රියා කරන නිසා ජනතාවට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ බියකරු පරිසරයක බවත් ,මොවුන් පලවා හැර දෙවියන්ගේ ඇස යොමු වන පාලකයන් පිරිසක් පත් කර ගත යුතුව ඇති බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

ඒ සඳහා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව කී ඒ මහතා ,එය වෙන කිසිවක් නොව ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ මුල් කර කර ගත් දේශපාලන ව්‍යාපාරය යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ වාද්දුව විජය කුමාරතුංග ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ පානදුර කාන්තා සම්මේලනය අමතමිනි .

එහිදී ඒ මහතා මෙසේද කීය .

ජනතාවට අද ජීවන වියදම දරා ගන්න බෑ .එහි පීඩනය දැඩි ලෙස දැනෙන්නේ කාන්තාවන්ටයි .නීතියක්‌ යුක්තියක් ඉටු නොවන තැනට අද රට පත් වෙලා .ආණ්ඩුවේ බලවතුන් උත්සාහ කරන්නේ රාජපක්‍ෂවරුන් කෙසේ හෝ හිරේ දා ගෙන බලය තියා ගන්නයි . ආර්ථික ,දේශපාලනික ,සංස්කෘතික හැම පැත්තකින් ම රට කඩා වැටිලා .මේ වන විට ආර්ථික වර්ධන වේගය 3 % ට බැහල කියල මහ බැංකුව ම කියනව .7 % ඉක්ම වූ වර්ධන වේගයක් එක්ක මහින්ද රාජපක්‍ෂ මහත්තය ” යහ පාලනයට ” රට බාර දුන්නෙ .මේ පාලනය වෙනස් කරන්න ම ඕනෑ .

මෛත්‍රීපාල මහත්තය පසු ගිය මහ මැතිවරණය වෙලාවෙ පෞද්ගලික ප්‍රශ්න මත ගත්තු තීරණ රටේ මේ විනාශකාරී ගමනට බල පෑවා .එදා කිසිම හේතුවක් නැතුව සන්ධානයේත් ශ්‍රීලනිප යේත් ලේකම් වරුන් ඉවත් කළා .අපිට බහුතර මන්ත්‍රී පිරිසක් එක්ක ආණ්ඩුවක් හදන්න ඉඩ හැදී ගෙන එන වෙලාවෙ මහින්ද මහත්තයට අගමැතිකම දෙන්නෙ නෑ කිව්වා .අපට පාර්ලිමේන්තු බහුතර බලය නැති වෙන්න වැඩ සිද්ධ වුනේ එහෙමයි .අස්ථාවර රටක් හැදුනෙ ඒ නිසා .අද දෙමළ සන්ධානය ආණ්ඩුව නටවනවා .ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ විට එහි වාසිය ගන්නේ දෙමළ සන්ධානය ඇතුලු අන්තවාදීන් බව පැහැදිලියි .ඒ නිසා ඒ අයට මේ ආණ්ඩුවත් ,ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගත් ඕනෑ .

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මහින්ද මහත්තය ගැන තව දුරටත් විශ්වාසය තැබූ ජනතාව මෛත්‍රී මහත්තයගෙ ක්‍රියාකාරිත්වය නිසා අනාථ වුණා : අසරණ වුණා .මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි මහින්ද මහත්තයත් බැසිල් මහත්තයත් අනාථ අසරණ වූ තම ජනයා වෙනුවෙන් අලුත් දේශපාලන මාවතක් හදන්න තීරණය කළා .ඒ අනුව තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදුනෙ .ඒක ලංකා දේශපාලන ඉතිහාසයේ ලොකු වැඩක් .එහි සැලසුම් කරුවා බැසිල් මහතා .ඒ ගැන සමහරුන් මවිත වෙනවා .දැන් එය පක්ෂයකට වඩා ජාතික දේශපාලන ව්‍යාපාරයක් .එහි නායකත්වය ගන්නෙ මහින්ද මහත්තය .රාජපක්ෂ වරුන්ට පසු ගිය කාලයේ දුන් වද වේදනා අපි දැක්කා .

ඉදිරි ජනාධිපති පත් වෙන්නේ මේ ජාතික ව්‍යාපාරයෙන් .මේ වන විටත් ගෝඨාභය මහතාගේ නම කියැවෙනවා .සුබ මොහොතේදී එම නිවේදනය මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක තුමා සිදු කරනු ඇත .

යක්ෂා වේශයෙන් රට කරවන මේ පාලකයන් පලවා හැර දෙවියන්ගේ ඇස යොමු වන නායකයන්ගෙන් යුත් රාජ්‍ය පාලනයක් ඉදිරියේදී අප රට තුළ බිහි කර ගත යුතු වෙනවා .යැයි ද හෙට්ටිගේ මහතා කීය .

– Kdr

28 views

6 Comments to “අද පාලකයන් යක්‍ෂාවේශයෙන්.. රට අස්ථාවර වුණේ මෛත‍්‍රි කල වැඩේ නිසා..”

  1. MD says:

    Onna mahattayo lunu ambul ekkama kiwwa.danwath kiwaru nogaha Rajapakshalath ekka dinana gamanakata ekatu wunoth yahapatak wei

  2. podu says:

    මහින්ද අතේ තිබු වසර දෙක රනිල්ට දීලා රට පවා දුන්නා එදා සිට මේ දක්වා සිදු වූ සිදුවීම් වීමසිමේදී මහින්දගේ පවා දීමේ ප්‍රතිපතිය කෙතරම්ද යන්න වැටහෙනු ඇත.මෛත්ත්රි නොසිටියේ නම් මේවනවිට සිදුවූ විනාසය අතිමහත්

    • NAK says:

      “මෛත්ත්රි නොසිටියේ නම් මේවනවිට සිදුවූ විනාසය අතිමහත්”
      How wonderful it would be if My3 was not there!!!

  3. Sun says:

    Politicians blame each other for ruining the country. No one has a proper plan and motivation to uplift the country. Some are begging even the ideas from the western countries without knowing the problems they have been creating. They think the western is the highly developed by just looking at the infrastructures but without their inner hearts. They always want to create problems and suck the blood of people. We need some one to direct the country with a proper plan with a clear vision. Not for money business.

  4. some says:

    basil ape rate purawasiyek da? ape rtaa gana kakkumak tiyeinam America citizen kama athharinna bari ai..hora kapu dewal laba ganna hadapu pohottu ata magul me rate ahinsaka minissu rawatanawa..thopita dawasaka owata widawanna wei..

  5. Suna says:

    අවුරුදු හතරක් රට කාල තවත් මොනවද ඉතිරිවෙලා තියෙන්නෙ මහින්ද මහත්තය හදපු දෙවල් ටික වත් හරියාකාරව විවෘත කරගෙන නඩත්තු කරගන්න බරිඋනා…

Main News