අද ප‍්‍රවෘත්ති විකාශවල විනාඩි 22 ක් කරන්නේ එජාපයට බනින එකයි…- එජාපය කියයි

January 21, 2018 at 3:50 pm | lanka C news
අද ප‍්‍රවෘත්ති විකාශවල විනාඩි 22 ක් කරන්නේ එජාපයට බනින එකයි…- එජාපය කියයි

වර්ථමානයේ මාධ්‍යය තුළ ප‍්‍රවෘත්ති විකාශයන් තුළ ගුවන් කාලයෙන් මිනිත්තු 22 ක් භාවිතකරන්නේ එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල කිරීමට බව මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමෙන්තු මන්ත‍්‍රිනී රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය සදහන් කළාය.

අද ජන මාධ්‍ය ආයතන බුක්ති විදින නිදහස එය බවත් පසුගිය සමයේ එසේ කරානම් සුදුවෑන් වලින් සොයාගත නොහැකි වන අන්දමින් අතුරුදන් වන බව ද ඇය ස`දහන් කළාය.

පළාත් පාලන මැතිවරණය ස`දහා එක්සත් ජාතික පක්ෂයෙන් නාඋල ප‍්‍රාදේශිය සභාවට තරග වදින අපෙක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා නාඋල – අහමුණයාය ප‍්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමින් ඇය මේ බව ස`දහන් කළාය.

එහි දී වැඩිදුරත් අදහස් දැක්වු රෝහිණි කවිරත්න මන්ත‍්‍රිවරිය මෙසේ ද කියා සිටියාය.

‘එක්නැලි ගොඩටට මොකද වූනේ කියලා අද වෙනකම් හොයාගන්න බැ.පසුගිය නව වෙනිදට අවුරුදු නවයයි ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරලා. ඒ ඇයි මිග් යානා ගනුදෙනුව හෙළිකළා කියලා. ඒ ගනුදෙනුවේ සැබෑ ගිවිසුමේ තියෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන හතයි දශම දෙකයි. හොර ගිවිසුමේ තියෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන දාහතරයි දශම හතයි. සැබෑ ලෙසම දුන්නේ ඇමරිකන් ඩොලර් මිලියන හතයි දශම දෙකයි. සාක්කුවට වැටුනා හතයි දශම පහක්.

මෙන්න මේ කාරනේ එළි වුනාම ඒක මාධ්‍යයේ හෙළි කරපු නිසා තමයි ලසන්ත වික‍්‍රමතුංග මහත්තයා අධි ආරක්ෂක කළාපයක ඝාතනය කරලා දැම්මේ. ’ යැයි ද කියා සිටියාය.

මෙම අවස්ථාවට මතලේ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ කළමණාකරු අබේරත්න බණ්ඩා, නාඋල එජාප අපේක්ෂකයින් වන එල්. සී. ඒකනායක , රංග ලියනාරච්චි ඇතුළු අපේක්ෂකයින් රැසක් මෙන්ම ප‍්‍රදේශයේ පිරිසක් ද එක්ව සිටියහ.

– ඉන්දික අරුණ කුමාර

112 views

10 Comments to “අද ප‍්‍රවෘත්ති විකාශවල විනාඩි 22 ක් කරන්නේ එජාපයට බනින එකයි…- එජාපය කියයි”

  1. Nimal Perera says:

    Pissu Poosi

    • kamalasirikuruwita says:

      යකෝ උඹල මේ උඹලගෙම ආණ්ඩුවටම නේද මේ දොස් කියන්නේ අවුරුදු තුනක් ගිහිල්ලත් මොකුත් කරේ නැහැ කියල ? නැත්තම් උඹට පක්ෂේ අමතකවෙලාද මේ වෙලාවේ අපේ පක්ෂේ ලකුණු කැපෙන ගොන් කතා කියන්නේ. මනුස්සයෝ මෝඩ කතා කියල පක්ෂේ පරද්දන්නේ නැතුව ගෙදරට වෙලා හිටපන්.

  2. kadiya says:

    තමුන්ගේ ලොක්කා මේවගේ මිලියන් නෙවෙයි ට්‍රිලියන් එකක් ඒ කියන්නේ බිලියන් 1000 කට වගකියන වැඩක් කලා කියලනේ යහපලනේම ඇමතිකෙනෙක් කියන්නේ. ලසන්ත වගේද බටලන්දේ සියගානකට වැඩේ දුන්න කියලනේ ඒ කාලේ පත්තරේ තිබුනේ. ඒ අනුව ඔහෙලා ඉතාම ඉහලයි. කාටද නම්බුව? ලොක්කට නේද?

  3. NAK says:

    The real reason why the culprits of Lasantha and Ekneligoda are not found is that they are in this government.

  4. SUNIMAL says:

    රටේ ඉන්න වැඩි පිරිසක් බැංකු හොරු එජාපයට බනිනවා

  5. බන්ඩා says:

    මේ වෙනකොට ‘යහපාලනය’ හෙවත් සිරිසේන/වික්‍රමසිංහ හවුල් රජය අවුරුදු තුනක් බලයෙ ඉඳල තියනවා. FCID පත් කොරගෙන අවුරුදු තුනක් වෙනවා. තාජු ඩීන් කී සැරයක් ගොඩ ගත්තද? විපක්ෂ මංත්‍රි වරු කොය් තරමත් රිමාන්ඩ් කොලාද? නමුත් ඔය කියන එක හොරකමක් වත්, එක මිනීමැරුමක් වත් අල්ලුවේ නැහැ. ඒ චෝදනා බොරු නිසාද? ‘යහපාලනෙ’ බැරි බැරියාවද? දැන් ඉතින් හොර හැත්ත පන්නමු!

  6. kate says:

    Me Wage Boru Kiyanna Munta Lagga Nathi Hati!!! They have nothing tell about any good thinag they did for country in 3 years. They destroyed the country. Therfore telling all false stories infront of public against former goverment.

  7. rambanda says:

    නිකම් පච පතුරන්නෙ නැතිව හිටපං ගෑනියෙ. නොදන්න දේ කතා නොකර. ඔය කියන්නෙ ලොක්ක කියල දෙන දේ. මරවපු මිනිස්සු ඉන්නෙ ඔහෙගෙ ලොක්ක පිටිපස වාඩි කොරෝගන පාර්ලිමේන්තුවෙ. අනිකා අතුරුදහන් කල එකත් ඔය ඉන්නෙ ඒ පැත්තෙම. ඉතින් උඹලටත් අවුරුදු 3ක් තිබුනෙ හොයා බැලුවෙ නැත්තෙ. ඔය ගමන්ම බැඳුම්කරේ ගැනත් කිව්වෙ නැද්ද ඔතන..උඹලා බොරුවෙන්ම හා තක්කඩි කමින් ජීවත් වෙන කට්ටියනෙ හැමදාම

  8. RW says:

    This government could not take any action against those who did wrong things in the previous government. But very soon, culprits of the bond scam will be sent to jail. Whose fault? Is it our fault?

  9. Sunil says:

    “එක්නැලි ගොඩටට මොකද වූනේ කියලා අද වෙනකම් හොයාගන්න බැ.”
    ආලාපාලු රනවකගෙන් ඇහුවනම් දැන ගන්න පුලුවන්.

Main News