අද බඩු මිල හොදටම අඩුයි.. ඩොලරය බැස්සොත් ඖෂධ මිලත් අඩු කරනවා..
December 25, 2017 at 8:40 am | lanka C news
ඉදිරියේ දී ඩොලරයේ වටිනාකම අඩුවුවහොත් සියයට 05 කින් වැඩි කළ ඖෂධ මිල යළි අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා සතොස පයාගල නව වෙළෙද සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
ඩොලරයක වටිනාකම ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල සියයට 5 කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වුනා. ඒ ඖෂධ වාණිජ මණ්ඩලය සහ ඖෂධ සමාගම් කළ ඉල්ලීමකට අනුව. වසරක කාලයක් මෙම නව මිල ක්‍රියාත්මක වෙනවා. නමුත් ඩොලරයක වටිනාකම ඉදිරියේ දී අඩු වුවහොත් යළි ඖෂධ මිල අඩු කර රෝගී ජනතාවට සහනයක් සැළසීමට මා සුදානම්. ඖෂධ මිල සියයට 5 කින් වැඩිවීම පිළිබදව මාධ්‍ය නිතරම කථා කරනවා. උදාහරණයක් ලෙස රුපියල් 1 සත 30 කට අලෙවි වු පැසිටමෝල් පෙත්තක මිල සත 7 කින් වැඩි වී තිබෙනවා. ඒ පිළිබදව තමයි කථා කරන්නේ. නමුත් ඖෂධ මිල සියයට 85 කින් අඩු වූ විට මාධ්‍ය කථා කළේ අඩුවෙන්. එය නිර්ලඡ්ජිත මාධ්‍ය කළාවයි.
අද වනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වී තිබෙනවා. සතොස අලෙවිසැල් ජාලය තුල පොල් ගෙඩියක් රුපියල් 65 කටත්, බී ළුලු කිලෝවක් රුපියල් 135 කටත් අලෙවි වනවා. සතොස අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කිරීම පෞද්ගලික සුපිරි වෙළෙදසැල් සමග තරග කළ හැකි වැඩපිළිවෙලක් නිර්මාණය වෙනවා. එමගින් පාරිභෝගික ජනතාවට විශාල සහනයක් ලැබෙනවා.
පළාත් පාලන මැතිවරණයේ විවිධ චෝදනා ලැබූ අය මැතිවරණයට ඉදිරිපත්ව ඇති බවට මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. නමුත් එම චෝදනා නීතිමය වශයෙන් ඔප්පු කර නැහැ. චෝදනා ලැබූ අයට නිතියෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ. කිසියම් පක්ෂයක නායකයෙක් ගමක සිටින චෝදනා ලැබූ අය පිළීබදව දන්නේ නැහැ. ඒ පිළිබදව නායකයින් දැනුවත් කළ යුතුයි. උදාහරණයක් විදිහට කොළඹ මහනගර සභාවට පාතාල කල්ලි නායකයෙකුගේ පුතෙක් ඉදිරිපත්වන බවට මාධ්‍ය වාර්තා පළ කළා. ඒ පිළිබදව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා එම නම ඉවත් කිරීමට කටයුතු කළා.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ බේරුවල ආසන සංවිධායක ඉෂ්ඨිකාර් ජමීල් සහ ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක එම්.එම් අම්ජාඩි මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරී
හා හා ඩොලරය බෑස්සොත්. මූ මේ කාවද රවට්ටන්ඩ හදන්නෙ. ලන්කා ඉතිහාසෙ කොහෙද යකො ඩොලරය බෑස්සෙ. මුන්ගෙ තකතීරු වෑඩ හින්දනෙ 130ට තිබ්බ එක 160 උනේ. මුන් තව හිටියොත් 200ත් පෑනලා නවතින්නෙ.
ඔව් ඇත්තම තමයි!!!!!!!!!!
ඊයේ පොල් ගෙඩිය ගෙනාවේ රු: 120 ක් වගේ පොඩි ගානකට, 80 ට තිබුණා හිරමනයට දාන්න බැරි පොල් ගෙඩි.
Badu mila adu lankaweda ? Ada Miris 100 gm welada pole Rs 60 ai. Muuta paittiyanda koheda…Any way Dr Rajitha.. Marry Xmas for you
දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර…..
රාජිතගෙ ලණු කන්න එපා කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පැවැසූ බවත් දත් දොස්තර කෙනකුට සෞඛ්‍ය විෂය භාරදීමෙන් රටම ලෙඩ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මාතලේ අඹගහමල බස්නැවතුම්පොළ අබියස පැවති සමුළුවක් අමතමින් පැවසීය.
YES EVERYTHING IS SOOOO CHEAP ….. COCONUTS are one rupee each. Never seen such low prices…
WHAT A CLEVER MINISTER RAJITHA IS… TO MAKE ALL GOODS SO CHEAP….RICE IS 1 RUPEE A KILO
meyage ammage appage kade venna athi labeta badu thiyenne.me gamana chanden munva sadahatama desapalanayen ain karannai ona.