අද භික්‍ෂූන් පිඬු සිඟා වඩිමින් සල්ලි වලඳනවා… යහපාලන ගමන දෙස ලෝකයම මවිත වී බලා ඉන්නවා..

September 19, 2017 at 6:48 pm | lanka C news
අද භික්‍ෂූන් පිඬු සිඟා වඩිමින් සල්ලි වලඳනවා… යහපාලන ගමන දෙස ලෝකයම මවිත වී බලා ඉන්නවා..

ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරි හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“යහපාලන රජය බිහිකිරීමට කැපවූ එක්සත් ජාතික පාක්ෂිකයන් කලකිරීමට පත්වෙන්න එපා. රට සංවර්ධනය කිරීම දේශපාලන ඉලක්කයක්. ප්‍රශ්න තිබෙනවා. රටේ ප්‍රශ්න මෙන්ම ජනතාවගේ ප්‍රශ්නත් විසඳා ගත යුතුයි. අඩුපාඩු තිබෙන්න පුළුවන්. 2015 දී අපි බලය ලබා ගන්නා විට සාම්ප්‍රදායික ආණ්ඩු වෙනසක් ගැන කතා කලේ නැහැ. තට්ටු මාරු ක්‍රමයට රාජ්‍ය පාලනය අවසන් කිරීම අපේ ඉලක්කය වුණා. රට සංවර්ධනය නොකලොත් අනාගතයක් නැහැ. මම රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. අපට බලය ලබා දී ඇත්තේ කෙටි කාලයකටයි. නමුත් දීර්ඝ කාලයක් ඉටු නොකල වැඩ සිදුකිරීමේ වගකීමක් පැවරී තිබෙනවා. යහපත් පාලනයක් ගෙන ඒම පලමු ඉලක්කයයි. ජනතාවට නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ලබා දී තිබෙනවා. නමුත් ජනතාවට මෙය තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා. අපේ රජයේ අයත් මෙම වෙනස කියන්නේ නැහැ. මම කියනවා. එම නිසයි මට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙන්නේ. අද රජය නඩු කීයක් පරාදද? 20 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නඩු විභාගයටත් එය වෙන්න පුළුවන්. පසුගිය රජය සමයේ එහෙමද? රජගෙදර සිට කතා කරලා තමයි නඩු විසඳා ගත්තේ. තමන්ට අවශ්‍ය විදිහට අධිකරණයට බලපෑම් කලා. අද අධිකරණය ස්වාධීනව කටයුතු කරනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොන්ද කෙළින් තබාගෙන අදහස් පලකරනවා. එදා එහෙමද? රජගෙදර තමයි මැතිවරණ තීන්දු කරන්නේ. පසුගිය රජය සමයේ හිටපු ජනාධිපත්වරයාගෙන් අහලා මැතිවරණ කොමසාරිස්වරයා අදහස් පල කරනවා. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය එම රාජ්‍ය නිළධාරීන්ද අද භුක්ති විඳිනවා. පසුගිය රජයෙන් ජනතාවට සිදුවූ අසාධාරණකම් නිසා තමයි එම රජය පෙරලා දැමීමට සිදුවූයේ.

2015 වසරේ ජනාධිපතිවරණයෙන් පසු සාම්ප්‍රදායික ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් තුනේ දෙකක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට පත් වෙනවා. නමුත් එය රටට ප්‍රශ්නයක්. ජනතාව කලකිරීමට ලක්ව සිටියේ. තව තරුණ කැරැල්ලක් නිර්මාණය වීමට ඉඩ තිබුණා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා නව රජය බිහි කලා. ජනාධිපතිවරයාත් ඉන්නේ ගැටළුවක. එතුමාට එක්සත් ජාතික පක්ෂය මෙහෙය වීම නොවෙයි තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවීමටයි. එම නිසා තමයි ජනාධිපතිවරයා ඇතැම් රැස්වීම්වල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහිකරන බව ප්‍රකාශ කරන්නේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් කල්ලියක් ඉන්නවා මරණ වේදනාවෙන් කෑගසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ “පිඬු සිඟා වැඩම කර වළඳන්න” කියායි. නමුත් අද “පිඬුසිඟා වැඩම කර සල්ලි වළඳන යුගයක් ” නිර්මාණය වෙලා තිබෙනවා. බුද්ධ දර්ශනය අනුව මෙය වැරදියි. ජාතික ආණ්ඩු ප්‍රශ්නය නිසා රැකියා ප්‍රශ්නයකුත් නිර්මාණය වී තිබෙනවා. අපට ගහන්න හිටපු කෙනාටත් රැකියා ලැබිලා කියලා මෙම පක්ෂ දෙකේ පාක්ෂිකයින් වෙන වෙනම සිතනවා. මනස හදා ගත යුතුයි. අමාත්‍ය මණ්ඩලයෙත් එහෙමයි. නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා බලතල නෑ කියලා. බලනකොට, ඇමැති ධූරයේ ඉන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කෙනෙක්. නැතිනම් පරාද වෙලා ජාතික ලැයිස්තුවෙන් ගත් අයෙක්. එය තමයි ස්වාභාවය. ශ්‍රී ලංකාවේ හැරුනම ජාතික ආණ්ඩු බිහි කර ඇත්තේ රටවල් දෙකක් පමණි. අපේ රට දෙස විදේශ රටවල් මවිත වෙලා බලා සිටිනවා. සංවර්ධන රටවලට පවා කරන්න බැරි වූ දෙයක් ලංකාව සිදු කර තිබීම පිළිබඳව.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනතාව දීර්ඝ කාලයක් වැඩ කටයුතු කළා. නමුත් වසර විස්සක් යනතුරු රැකියා ලැබුනේ නැහැ. එම නිසා සාධාරණය ඉටු නොකළ රජයටත් ප්‍රශ්නයක්. ඔබ සැම තමයි පාරට බැහැලා රජයක් පිහිටු වීමට අපිව දිරිමත් කලේ. කැපවීම් සිදු කළේ. එක්සත් ජාතික පාක්ෂිකයාට පක්ෂය කියන්නේ ආගමක්. ඇතැම් විට ආගමත් අතහරියි. නමුත් පක්ෂය අතහරින්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයාගේ සුවිශේෂි බව එයයි. කොතරම් රජය විවේචනය කලත් අපේ ආණ්ඩුව කියලා කියනවා. සමහරු ඉන්නවා රජය පරාද වෙයි කියලා. නමුත් රට නිවැරදි මාවතේ ගමන් කරනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බාධක මැද රට ඉදිරියට ගෙනයනවා. එම වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න ද්‍රෝහීන් ද සිටිනවා.

පසුගිය රජයේ නායකයින් විසින් සිදු කළ දූෂණ, වංචා නඩු දැන් විමර්ශනය වෙනවා. දැන් නඩු තීන්දු මත එකිනෙකා සිරගෙට යනවා. ඊට පෙර රජය පෙරලා ගන්න තමයි ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ රජය පෙරලා ගත්තොත් තමන්ට රජ වෙන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා. සිරගෙදරට යන්නේ නැතිව මෙම නඩු විභාග ඉදිරියට යාමේ බාධකය වූ අධිකරණ අමාත්‍යධූරය වෙනස් වුණා. දැන් නඩු විභාග වෙනවා. එම නිසා පසුගිය රජයේ නායකයින් බය වෙලා ඉන්නේ කාලයත් සමඟ දේශපාලනය කරමින් රජය පෙරලන්න හඳනවා. අපි බාධක බිඳ දමමින් ඉදිරියට යා යුතුයි. සම්පූර්ණ බලය යෙදවිය යුතුයි.”

– ප‍්‍රසන්න අධිකාරි

22 views

12 Comments to “අද භික්‍ෂූන් පිඬු සිඟා වඩිමින් සල්ලි වලඳනවා… යහපාලන ගමන දෙස ලෝකයම මවිත වී බලා ඉන්නවා..”

  1. Chethiyasena says:

    Hondatama maru vikal.
    Una vikaaren dodawanavada moo~☺️

    • harshana says:

      බලාගෙන උඹ සම්පූරණ බලේ යොදවන කොට එන්ජිමේ වෑල්ව් ගිහිල්ල ෆියුස් යන්න පුළුවන් සදහටම දෙයියනේ කියල .
      ඉපදුනා මිනිස්සු වෙලා නමුත් බොරුවෙන්ම තිරිසනෙක් වගේ ජීවත්වෙලා මැරිලා යන මේ රටේ කාලකන්නි දේශපාලන ලුම්පන් පන්තිය

    • Ajith says:

      ගොන් බූරු රාජිත හොර ඇමතියෝ පෙට්-ස්කෑන් යන්ත්‍රයට සම්මාදන් කල සල්ලි උඹ වැලදුවද කියලා අපට කියනවද?

  2. Perera says:

    මවිත නොවී තියේවිය මහබැංකුව සුද්ද කරපු කිරිල්ලට. ලෝකෙ ඉන්න පට්ටම හොරුත් අන්ද මන්දවෙලා කට ඇරගෙන බලාගෙන ඉන්නව.

  3. prem says:

    tho hithuwada thaama lankawe modayo innawa kiyala, aurudu dekak tisse allanna bariuana horu umaba thawa aurudu dahayak karath ochcharai, chande deepu ekek dan hoyaganna baha, rata noka ayi weyan, nathnam wahi nathi hena gahai tho thopi seratama.

    • Deviyo says:

      Lokema mavithavela bala inne loke kohevath nethia melo jamma jathiyakata ahala nethi me pachoriyange yahapalanaya mokakda kiyala therum ganna beruvane.

  4. සාධාරණ සෝභිත​ says:

    පිඬු සිඟා ගොස් සල්ලි වැළඳීමේත් හොරකම් කර සල්ලි වැළඳීමේත් ආනිශංසයන් අහසට පොලොව මෙන් දුරස් බව දත් ගලවන ඇත්තෝ නොදනිති.පිඬු සිඟා වඩින විට දානපතියන් සැදැහැ සිතින් තමන් සතු දේ පූජා කරති.හොරකම් කරන විට ඒවා අයිති කෙනාට නොදැනෙන සේ හොරෙන් හෝ බලෙන් ලබා ගැනීම හොරාගේ ක්‍රමවේදය වේ.පිඬු සිඟා වඩින බුද්ධ පුත්‍රයනට කලවැදි සොසේජස් පුදන කලවැදි අනුගාමිකයින් නිතරඟයෙන්ම අවීචියේ ස්ථීර පදිංචියට හිමිකම් කියන්නාහුය​.නූගත් ජනයා එවන් අමන ක්‍රියාවලට පොළඹවා කාලකන්නි වින්දනයන් ලබන අමනයෝ අවීචියේද ඉහල තනතුරුවලට පත් වන්නෝය​.හරියට හිරි නොවට්ටා දතක් ගැලවූ විට ඒ මොහොතේම හෝ පසුව වේදනාවක් දැනෙන්නේ එහි අයිතිකරුවාටය​.දත හෝ දත් ගලවන එකාට වේදනාවක් නොදැනෙන්නේය​.එහෙත් දිට්ඨ දම්ම වේදනීයකර්මය පඩිසන් දෙන විට හොරාටද වේදනාව දැනෙන්නේය​.

  5. W.Milton says:

    Who is Sri Lankan political corrupted man is Dentist Rajitha?
    He destroy entire Minister of Health and Free Health system within 36 months? He more or lees misused all public tax payers money of Rs. 15 Millions for By passes surgery of Singapore Elebasith Hospital>
    He has many frauds and corruption charges but UNP Judges are protecting him? Man of Rajith is corrupted are above law of Land He is devil of SATIM.

  6. Boo says:

    නැවු හොරුන්ට වඩා , ගෑනු හොරුන්ට වඩා, කල් ඉකුත්වූ බෙහෙත් විකුණන වංචා කාරයින්ට වඩා , බොරු කියන කාලකන්නින්ට වඩා, පිඬු සිඟා වඩින එක හෝ හිඟාකන එක වුනත් නම්බුයි.

  7. Athil-Melbourne says:

    A fool who knows his foolishness is wise at least to that extent, but a fool who thinks himself wise is a fool indeed

  8. Saitm Kukka says:

    Eka wennathi cabinet eke inna Malik kiyala thibune lankawa dan kudu beda harina madyasthanayak wela kiyala lokema dannawai kiyala.Anith aka loke mawitha wela aththe hariyata sudusukam nathi ewunwa dostarala karanna amathiyo thun denekui aanduwai karanna hadana dewal dakalai.

  9. පුංචිරාළ says:

    බොලාට වෙලා තියෙනනෙ, දහසක් පොරොන්දු දිල දෙමල මුස්ලිම් සිංහල චන්දවලින් ජනාධිපතිවරනෙ දිනුවා, දැන් කීව වගේ ඒවා ඉටුකරන්න බැරිව “ ගලේ පහරපු බළල්ලු වගේ දගලපවා.

Main News