අද මට ‘වැට් මෑන්’ කිවුවට තව ටික දවසකින් ආර්ථිකය ගොඩගියාම ‘ගුඞ් මෑන්’ කියාවි..
January 25, 2017 at 11:20 am | lanka C news
‘වැට් මෑන්’ යයි අද තමනට කියන අයම තව ටික දිනකින් ගුඞ් මෑන් යයි කියනු ඇති බව මුදල් ඇමති රවි කරුනානායක මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ ‘තිරසර දැක්ම’ උත්සව සභාවක් අමතමිනි.
අද වන විට රජයට වාර්ෂික වැටුප් ගෙවීමට පමණක් බිලියන 692ක්, වි්රශාම වැටුප් ගෙවීමට බිලියන 180ක් වැයවන බව කී ඇමතිවරයා එවන් අති විශාල වියදමක් රජයට අද දරන්නට සිදුව ඇති නිසා ඒවා දරා නොගෙන එදිනෙදා පාලනය ගෙන යාමට නොහැකි තත්වක් උදා වී ඇති බවත් කියා සිටියේය.
අද රජයේ ආදායම බිලියන 2000ක් වන විට ණය වාරිකය බිලියන 1500ක් ගෙවීමට ඇතැයිද කී ඇමති කරුණානායක ඉදිරි කෙටි කලකදී වඩාත් සුභ දිශාවකට රට යොමු වීමෙන් පසු පසු තමා ගුඩ් මෑන් යයි වැටහෙනු ඇති බවත් ඔහු පැවසීය.
ගෙවන්න සල්ලි නැත්නම් අැය් පටන් ගන්නකොටම රජයේ සේවකයන්ට රැ.10,000 කින් පඩි වැඩි කලේ.
මෙන්න ගූඩ් මෑන්ට වලිප්පුව හැදෙන පුවතක්:
“Sri Lanka has been ranked among the highest risk countries in the world for investors by Bloomberg, which analyzed as many as 29 indicators covering financial, economic and political risks. Sri Lanka appears to be slipping further as its reserves adequacy and inflation forecast also point to high-risk territories with each of those quadrants labeled in dark red