අද මහින්දගේ රණවිරු සමරුවටත් ආණ්ඩුවෙන් බාධා..මහ පාරේ සමරයි.. මුල්ලවයික්කාල් ප්රභාකරන් සැමරුමට නෑ බාධා..
May 20, 2017 at 3:41 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ කොළඹ නිදහස් චතුරස්රයේ පැවැත්වීමට නියමිතව තිබූ රණවිරු සමරුම් උත්සවය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ඇති බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.
අද දිනයට මුදල් ගෙවා එම ස්ථානය වෙන් කර තිබුණද හදිසියේම යොදාගත් කටයුත්තක් වෙනුවෙන් එම ස්ථානය ලබා දෙන්නැයි උපදෙස් ලද බව ඊයේ පස්වරුවේ සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.
ප්රභාකරන් සමරමින් පෙරේදා දිනයේ මුල්ලිවයික්කාල්වල උත්සවයක් ඇතුළු ජන සංහාර සතියක් උතුරේ පැවැත්වුනේ කිසිදු බාධාවකින් තොරව බවද එම සංවිධානය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය හා සංස්කෘතික අමාත්‍යංශයේ ලිපිය මෙහි දැක්වෙයි.