අද යහපාලනය බලයේ හිටියා නම් රට විශාලා මහනුවරක් වෙලා… මේ වසර අවසානයට පෙර එන්නත්කරණය අවසන් කරනවා…

June 6, 2021 at 5:30 pm | lanka C news
අද යහපාලනය බලයේ හිටියා නම් රට විශාලා මහනුවරක් වෙලා… මේ වසර අවසානයට පෙර එන්නත්කරණය අවසන් කරනවා…

විපක්ෂය විසින් කුමන චෝදනා එල්ල කළද, එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන අතර ඒ සඳහා ජනතාව තුළ ඇතිවී තිබෙන උනන්දුව හා විශ්වාසය කොවිඩ් වසංගතය පාලනය සඳහා වඩාත් වැදගත් වී තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එලෙස පැවසීය.

’’කොවිඩ් වසංගතය පාලනය කිරීම රජයේ ප්‍රම්‍රඛතම කාර්යය වී තිබෙනවා. මේ සඳහා සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව සිදු වීම අපේ රටේ සෞඛ්‍ය සේවයේ ජයග්‍රහණයක්. එන්නත්කරණ වැඩපිළිවෙලට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම සංචරණ සීමාවන් පවතින කාලයන් තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල විපක්ෂය විසින් විවේචනය කිරීම එම කාර්යයේ නිරතව සිටින නිලධාරීන්ගේ චිත්තධෛර්යයට කරන පීඩාවක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන වයස් සීමාවන් සඳහා මේ වසර අවසානයට පෙර එන්නත්කරණය සිදු කිරීම රජයේ අරමුණයි. කුහක විපක්ෂයට අද මේවා බලාගෙන ඉන්න බෑ. කොවිඩ් රෝගීන් වැඩිවීම, මරණ වැඩිවීම තමයි අද අපේ විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ එන්නත් ක්‍රියාවලිය විවේචනය කරනවා. අද යහපාලනය බලයේ හිටියා නම් රට විශාලා මහනුවරක් වෙලා. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය මේ අවස්ථාවේදී විශාල වැඩ කොටසක් ඉටු කරනවා වගේම ඔවුන් මේ අවස්ථාවේදී කරන කැපකිරීම අගය කළ යුතුයි.

කොවිඩ් 19 වසංගතය ආරම්භයේ සිටම විපක්ෂයේ බලාපොරොත්තුව වූයේ කොවිඩ් වසංගතයෙන් රට අසීරු තත්ත්වයකට පත් වී රටේ ආර්ථිකයත් විනාශ වනු දැකීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩපිළිවෙල ඔවුන් විවේචනය කරමින් ජනතාව අතරට වැරදි ප්‍රචාරයක් ගෙන යාමට උත්සහ කරනවා. එයින් පෙනීයන්නේ විපක්ෂයේ ඇති බංකොලොත්භාවයයි.

එදා යුද්ධය පැවති අවස්ථාවේත් විපක්ෂයේ සිටින මෙම පිරිස පවසා සිටියේ යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බවයි. නමුත් වසර 30 ක යුද්ධය අවසන් කොට රටට සාමය උදාකර දුන්නා. අද ලොවපුරා පැතිර යන වසංගතයකට මුහුණ දෙමින් එය පාලනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා. මේ සියලු කටයුතු සිදු කරන අතරේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වගේම ජනතාව පීඩාවට පත් නොවන අයුරින් කටයුතු කිරීම රජයේ අරමුණ වී තිබෙන බව’’ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

– media unit

13,729 views

50 Comments to “අද යහපාලනය බලයේ හිටියා නම් රට විශාලා මහනුවරක් වෙලා… මේ වසර අවසානයට පෙර එන්නත්කරණය අවසන් කරනවා…”

  1. ගෝතයාබයයි says:

    Thota dan meka penne divyalokayak wageda kalakanni ballo? Dawasakata minissu 50-60 marenawa thota penne nadda? Thoge kudu walin ita wada marenawa moda musalaya. Tho danne buranna witarai. Thotai thoge anduwatai Henama gahapiya

  2. Gamimi says:

    Real bullshitter through misfit!!!

  3. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කුඩ්ඩෙක්ගෙ විශ්ලේශනය.

  4. Fernando says:

    කුඩ්ඩෙක් ගොතගහයි🤣🤣🤣🤣 මල් මල් ජංගි පොඩිත්තක් ඇදගෙන මීගමුව වටේ පල, පලා බෙදන්න බලන් ඉන්නෙ මිනිස්සු.

  5. ගොබ්බදාස හිටියා නම් මේ වෙනකොට රටෙන් භාගයක් මැරිලා .

  6. ජිම් පුතානෝ says:

    කොරෝනා ලංකාවට ගෙනාවේ පොහොට්ටුවේ කට්ටිය .ඩොලර් ලැබෙන නිසා .

  7. Amith says:

    ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ රටවලින් 90% කට වඩා කොරෝනා පැතිරිලා තිබෙනවා. ලෝකෙ පුරා කොරෝනා පැතිරෙද්දී අපේ රටේ වසරකට වඩා කාලයක් කොරෝනා පාලනය වෙලා තිබෙද්දී විපක්ෂෙ උන් කුහක කමට කිවේ උෂ්නත්වෙ නිසා තමයි අපේ රටේ කොරෝනා පැතිරෙන්නෙ නැත්තෙ කියලා. දැන් උෂ්නත්වෙ වෙනස් වෙලාද?

    ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන අර තරම් 90 වතාවකට වඩා පෙර දැනුම් දීම් කර තිබෙද්දිත්,සහරාන්ලා යන එන තැන් සහ ඉන්න තැන් වල ලිපිනයන් පවා දැනුම් දීල තිබෙද්දී ඇහට පේන සහරාන්ල පාලනේ කර ගන්න බැරි වුනු යහපාලනේ උන් ඇහැට වත් නොපෙනෙන කොරෝනා කොහොම පාලනේ කරන්නද? විපක්ෂෙ ඉන්න කුහක නායකයො චීන එන්නත දීමෙ වැඩපිලිවෙල මේ වසර මුලදී කඩාකප්පල් නොකලා නම් මේ වෙද්දිත් අපේ රටේ කොරොනා පාලනය වෙලා

  8. බන්ගොයියා says:

    මුනුයි, මුන්ට චන්දෙ දීල කෙලව ගත්තු හරකුයි, ඔක්කොම එකයි. හැකි ඉක්මනින් එන්නත් නිපදවන රටවල් වලට කතා කරල එන්නත් ඇනවුම් කරන්න කියල සජිත් පාර්ලිමේන්තුවෙදි කියනකොට රත්නපුරේ …කය, ඒ මිනිහට හිනා වුනා. අපිට එන්නත් ගේන්න හදිස්සියක් නෑ කිව්ව. අපිට අපේ ක්‍රම තියෙනව කිව්ව. දැන් කියනව අපිලු හොඳටම කලේ.

  9. George says:

    කුඩු බල්ලා විසාලා මහනුවර කියන්නෙ මොනවටද. කොහෙද තියෙන්නේ .

Main News