අද යහපාලනය බලයේ හිටියා නම් රට විශාලා මහනුවරක් වෙලා… මේ වසර අවසානයට පෙර එන්නත්කරණය අවසන් කරනවා…

June 6, 2021 at 5:30 pm | lanka C news
අද යහපාලනය බලයේ හිටියා නම් රට විශාලා මහනුවරක් වෙලා… මේ වසර අවසානයට පෙර එන්නත්කරණය අවසන් කරනවා…

විපක්ෂය විසින් කුමන චෝදනා එල්ල කළද, එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන අතර ඒ සඳහා ජනතාව තුළ ඇතිවී තිබෙන උනන්දුව හා විශ්වාසය කොවිඩ් වසංගතය පාලනය සඳහා වඩාත් වැදගත් වී තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එලෙස පැවසීය.

’’කොවිඩ් වසංගතය පාලනය කිරීම රජයේ ප්‍රම්‍රඛතම කාර්යය වී තිබෙනවා. මේ සඳහා සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව සිදු වීම අපේ රටේ සෞඛ්‍ය සේවයේ ජයග්‍රහණයක්. එන්නත්කරණ වැඩපිළිවෙලට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම සංචරණ සීමාවන් පවතින කාලයන් තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල විපක්ෂය විසින් විවේචනය කිරීම එම කාර්යයේ නිරතව සිටින නිලධාරීන්ගේ චිත්තධෛර්යයට කරන පීඩාවක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන වයස් සීමාවන් සඳහා මේ වසර අවසානයට පෙර එන්නත්කරණය සිදු කිරීම රජයේ අරමුණයි. කුහක විපක්ෂයට අද මේවා බලාගෙන ඉන්න බෑ. කොවිඩ් රෝගීන් වැඩිවීම, මරණ වැඩිවීම තමයි අද අපේ විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ එන්නත් ක්‍රියාවලිය විවේචනය කරනවා. අද යහපාලනය බලයේ හිටියා නම් රට විශාලා මහනුවරක් වෙලා. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය මේ අවස්ථාවේදී විශාල වැඩ කොටසක් ඉටු කරනවා වගේම ඔවුන් මේ අවස්ථාවේදී කරන කැපකිරීම අගය කළ යුතුයි.

කොවිඩ් 19 වසංගතය ආරම්භයේ සිටම විපක්ෂයේ බලාපොරොත්තුව වූයේ කොවිඩ් වසංගතයෙන් රට අසීරු තත්ත්වයකට පත් වී රටේ ආර්ථිකයත් විනාශ වනු දැකීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩපිළිවෙල ඔවුන් විවේචනය කරමින් ජනතාව අතරට වැරදි ප්‍රචාරයක් ගෙන යාමට උත්සහ කරනවා. එයින් පෙනීයන්නේ විපක්ෂයේ ඇති බංකොලොත්භාවයයි.

එදා යුද්ධය පැවති අවස්ථාවේත් විපක්ෂයේ සිටින මෙම පිරිස පවසා සිටියේ යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බවයි. නමුත් වසර 30 ක යුද්ධය අවසන් කොට රටට සාමය උදාකර දුන්නා. අද ලොවපුරා පැතිර යන වසංගතයකට මුහුණ දෙමින් එය පාලනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා. මේ සියලු කටයුතු සිදු කරන අතරේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වගේම ජනතාව පීඩාවට පත් නොවන අයුරින් කටයුතු කිරීම රජයේ අරමුණ වී තිබෙන බව’’ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

– media unit

13,816 views

50 Comments to “අද යහපාලනය බලයේ හිටියා නම් රට විශාලා මහනුවරක් වෙලා… මේ වසර අවසානයට පෙර එන්නත්කරණය අවසන් කරනවා…”

  1. බූරු පුතාණෝ සජියා says:

    දැන් මොකක්ද තියෙන්නෙ? මීට වඩා විශාලා මහනුවරක් තියනවාද? දවසකට මිනිස්සු 40 විතර උඹලගෙ වැරදි පාලනය නිසා මැරිල යනවා. ජූනි මාසෙ වෙනකොට ලංකාවේ හැමෝටම වැක්සින් දෙනව කියල නේද කිව්වේ. දැන් කියනව දෙසැම්බර් කියල. මාලදිවයිනේ බූටානයේ හැමෝටම දීල ඉවරයි. උඹලගෙ පංපෝරිය විතරයි.

    • Bhathiya says:

      ආ.. දැන් කේරළේ දෙස බලපු උන් මාලදිවයින භූතානේ දෙස බලන්න පටන් අරන්ද? අපේ රටේ තරම් වත් වැක්සීන් එක දී ගන්න බැරි වුනු රටවල් ඕන තරම් ලෝකෙ තිබෙනවා. මේ වසර මුදදී පටන් හනිපු චීන එන්නත දීමේ රජයේ වැඩ පිලිවෙල උඹලගේ නායකයො කඩාකප්පල් කලේ නැත්නම් මේ වෙද්දිත් අපේ රටේ 70% කට කොරෝනා එන්නත දීලා ඉවරයි

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        පල ඩෝ නූගත් කැලෑ පාළු මෝඩ මූසල තක්කඩි කම්බ හොර මිනීමරු කුඩු ලන්සයා

      • පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

        අපේ ලන්සා ස හරියටම හරි…සජියා හිටියානම් සේරම මැරිලා…..අනේ ශ්‍රිලාන්කික සියලු දෙනාට අද ඉන්න රටක් තීනවා…..අපි කොතරම් සැපෙන් කාලා බීලා ගෙදරට වෙලා ඉන්නවද…..මිනිස්සු කාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ …..සජියට අනුර ට පිස්සු ……..උන් මොනවා කිව්වත් අපි හැමදාම පොහොට්ටුව ට චන්දේ දෙන හෙලයේ යක්ක පුත්තු බොලව් ……

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        උබට දවසට රුපියල් 450ක් ගෙවනව නේද මෙහෙම හෝදනවට. 😀

      • Darshana abayakoon says:

        අඩේ අප්පා, විධායක ජානාධිපති වෙලා 2/3 ක බලේකුත් තියාගෙන, 20ත් සම්මත කරගත්ත හාදයටත් වඩා ඔය කියන්න නායකයො බලවත්ද ආයොබොවන්ඩ? අපි මේ හිට්ලර් කියල හිතන් හිටියට මේ හාදයට හිටන්ට තරන් වත් කොන්ද පන නෑ වගෙනේ.

        • Amith says:

          @Darshana abayakoon උඹට අබේකෝන් කියල වත් නිවැරදිව ඉංග්‍රීසියෙන් ලියා ගන්නත් බැහැනෙ. ඉතින් කුලියට කඩේ යන උඹේ නමේ ඉඳන්ම තිබෙන්නේ අමු බොරුව. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ රටවලින් 90% කට වඩා කොරෝනා පැතිරිලා තිබෙනවා. ලෝකෙ පුරා කොරෝනා පැතිරෙද්දී අපේ රටේ වසරකට වඩා කාලයක් කොරෝනා පාලනය වෙලා තිබෙද්දී උඹලා කුහක කමට කිවේ උෂ්නත්වෙ නිසා තමයි අපේ රටේ කොරෝනා පැතිරෙන්නෙ නැත්තෙ කියලා.

          අර තරම් 90 වතාවකට වඩා පෙර දැනුම් දීම් කර තිබෙද්දිත් ඇහට පේන සහරාන්ල පාලනේ කර ගන්න බැරි වුනු යහපාලනේ ඇහැට වත් නොපෙනෙන කොරෝනා කොහොම පාලනේ කරන්නද? දැන් විපක්ෂෙ උඹලගෙ කුහක නායකයො චීන එන්නත දීමෙ වැඩපිලිවෙල මේ වසර මුලදී කඩාකප්පල් නොකලා නම් මේ වෙද්දිත් අපේ රටේ කොරොනා පාලනය වෙලා

          • Darshana abayakoon says:

            අය්යො සන්සාරේ 3% කට මුලු රටේම එන්නත් කරනය කඩා කප්පල් කරන්න පුලුවන් නම් මොන පෙන්දෙක්ද ඔයි තමුසෙලගෙ විරුවා? දෙන්න කියපන් ඔය ජනදිපති කම ලමයෙකුට.කය්යයි පඩ ගදයි විතරයි, මෙලො කෙහෙම්මලක් බැරුව හත් පොලේ ගා ගත්තම කියනව විපක්ශෙ කඩා කප්පල් කරා ලු.

          • Cyril says:

            @Darshana abayakoon අනුරකුමාරගේ නම් පඩ ගඳ විතරමයි. මොකද ඌ බොරු කයිය ගහල පස්සේ කියනවනේ ඌ එහෙම කීවේ නෑ කියල. මේ වසර මුලදී චීන එන්නත දෙන්න හදනකොට බොරු පතුරවලා, නඩු දාල ඒ වැඩපිලිවෙල කඩාකප්පල් කලා උඹලා. 1965 ඉඳන් අද වෙනකන් දේශපාලනේ කරලා 3%ක් වත් ගන්න බැරි උඹලගෙ පක්ෂෙම දීපන් ළමයෙකුට , ඕකෙ ඉන්න නරි නායකයො ටිකත් එක්කම

          • Darshana abayakoon says:

            සිරිල් මේ කතා කරන්නෙ ලංකාව ගැනද වෙන රටක් ගැනද?ලංකාව මුල් සිනොපාම් එන්නත් තොගය එන්නෙත් අප්‍රෙල් මුලදි. ඒක්ත් ලන්කවෙ ඉන්න චීන ජාතිකයන්ට ගහන්න. සිනොපාම් එකට හදිසි භාවිතය සදහා WHO අපෘවල් එක හම්බෙන්නෙත් මැයි මාසෙ 7 වෙනිදා.
            අවුරුද්දෙ මුල උබලගෙ ස කරේ මුට්ටි අත ඇර ඇර ගමක් ගමක් ගානෙ ගියපු එකයි දම්මිකයගෙ පැනිය ප්‍රොමොට් කරපු එකයි විතරයි. විපක්ශෙ කිව්ව විදිහට නොවැම්බර් මාසෙ මුලම වැක්සීන් ඔර්ඩර් කරා නම් මේ වෙනකොට දවසට ජීවිත 50ක් විතර බේරගන්න තිබ්බ. දම්මිකයව කරේ තියගෙන මුට්ටි අත ඇර ඇර හිටපු එවුන් දැන් කියනව විපක්ශෙ එන්නත් කරනය කඩා කප්පල් කරා ලු. ඔව කියපන් කොන්ඩෙ බැදපු ගොන් බය්යොන්ට. මෙච්චර කෙල වෙලා තියෙද්දිත් ස ලගෙ සට්ටැම්බි වඩේ කරන සිරිල් වගේ එවුන් තාම ඉතිරි වෙලා ඉන්නව.

  2. Anura Kumara says:

    කාටද හඳුන් රත්තරං අශ්වයො කියන්නේ ? ලැම්බෝගිනි ගෙනාවා කියලා මම  කිවේ නැහැ…!  පෝට් සිටි හදන්න ලංකාවෙම කළුගල් මදි කීවෙ සජිත්ද බං? හම්බන්තොට වරාය ලඟින් යන නැව් ටිකට තෙල් ගහ ගත්තත් ලොකු ආදායමක් ගන්න පුලුවන්.( හුටා…  වරාය වැඩක්ම නෑ වරායෙ ගලකුත් තියෙනවා කියල මං කිව්වද? මට මතක නෑනෙ හඳුන්… ) පුංචිඅම්මපා මම විධායක කාරක සභාවෙ හිටියෙ නෑ…. ! MCC ගිවිසුමේ තිබෙන්නේ වස විතරයි (  හුටා… MCC ගිවිසුමේ පොඩි කොටසක් විතරයි නරක කියලා යහපාලනේ කාලේ මම කියපු බව මුන්ට මතක් වෙයිද හඳුන්?…) 

    ඕව වැඩක් නෑ බං… ලංකාවේ උෂ්ණත්වෙ වැඩි නිසා තමයි කොරෝනා නැත්තේ කියමු…. බලපං කෙරළේ දිහා…  අඩෝ කේරළේට කෙලම වෙලා නෙද හඳුන්? දැන් චීන එන්නතට වත් බනිපු එහෙනම්.   හුටා…ලෝක සෞඛ්ය සංවිධානෙන් චීන එන්නත දුන්නට කමක් නෑ කියලද? දැන් එහෙනම් එන්නතෙන් හොරකම් කලා කියල වත් කතාවක් හදමු හඳුන්…. ආ…මොකක් හංසමාලිගේ ඇඳුම. ඔය තියෙන්නේ හඳුන් 
    අපිට ගොඩ යන්න මාතෘකාවක්

    • Ranaweera says:

      රටට කෙළවී හෝ තමන් ගොඩ යන්න බලා සිටින ජවිපාවකුගේ හෝ සජබයියකුගේ ( සමඟි ජනබලවේග බයියකුගේ) මනස වැඩ කරන විදිය නිවැරදිවම විස්තර කොට ඇත.

    • පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

      අපේ ලන්සා ස හරියටම හරි…සජියා හිටියානම් සේරම මැරිලා…..අනේ ශ්‍රිලාන්කික සියලු දෙනාට අද ඉන්න රටක් තීනවා…..අපි කොතරම් සැපෙන් කාලා බීලා ගෙදරට වෙලා ඉන්නවද…..මිනිස්සු කාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ …..සජියට අනුර ට පිස්සු ……..උන් මොනවා කිව්වත් අපි හැමදාම පොහොට්ටුව ට චන්දේ දෙන හෙලයේ යක්ක පුත්තු බොලව් ……

  3. Sanda says:

    Moda moosalaya, gon harake , dankiyala wensak na booruwo.

  4. Max says:

    Uba danne Umba kiyanna witarai. Es deka erala balla me anduwa karapu winase. Muhudath iwarai

  5. kawinda says:

    Besil inna kaale meya dawasa gaane post demma. den aayeth enna hadanne ei danne nehe. Basil enwawathda..?

  6. කපුටා says:

    මොනව වුනත් තව චුට්ට දවසකින් රට ස්ථාවර වෙනවා. ජනාධිපති තුමා පොඩ්ඩක් අදක්ශ වගේ ඉන්නේ අපේ ඊලග අපේක්ශක තුමාට ලකුනු දමාගන්න. තව අවුරුද්දෙන් අපි පොහොට්ටුවෙ සෙට් එක වැඩ පෙන්නනවා. අපේ 69 තවම සුරක්ශිතයි. බලමු නියම තරුණ නීතිවේදි අපේ ඊළඟ අපේක්ශක තුමා. එතුමා නියම දක්ශය.

  7. Gamarala says:

    දෙගොල්ලම එක කාසියේ දෙපැත්ත කනගාටුයි.

  8. Wasantha says:

    හිටපු ජනාධිපති ම් සිරිසේන මහතා එනබවක් නම් පේනව

  9. පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

    අපේ ලන්සා ස හරියටම හරි…සජියා හිටියානම් සේරම මැරිලා…..අනේ ශ්‍රිලාන්කික සියලු දෙනාට අද ඉන්න රටක් තීනවා…..අපි කොතරම් සැපෙන් කාලා බීලා ගෙදරට වෙලා ඉන්නවද…..මිනිස්සු කාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ …..සජියට අනුර ට පිස්සු ……..උන් මොනවා කිව්වත් අපි හැමදාම පොහොට්ටුව ට චන්දේ දෙන හෙලයේ යක්ක පුත්තු බොලව් ……

  10. Baby says:

    මෙ හරකා කාලෙකින් එලියට ඇවිත් ,

Main News