අද රටම බිය වෙලා.. නැවතත් මර්දනයක්.. විපක්‍ෂ ක‍්‍රියාකාරිකයෙක් වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න නීතීඥයෙක්වත් නෑ..

September 4, 2020 at 11:20 am | lanka C news
අද රටම බිය වෙලා.. නැවතත් මර්දනයක්.. විපක්‍ෂ ක‍්‍රියාකාරිකයෙක් වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න නීතීඥයෙක්වත් නෑ..

19 වන ව්‍යස්ථා සංශෝධනය ගෙනාවේ දේශපාලන පක්ෂ නොවෙයි, සිවිල් සංවිධානයි. හැබැයි අද 19 අහෝසි කරනකොට ඒ සිවිල් සංවිධාන විතරක් නෙවෙයි, උතුරේ – දකුණේ විපක්ෂයේ දේශපාලන පක්ෂත් නිහඩවෙලා යැයි මටත් හිතෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය ලග්ගල පල්ලේගම කොට්ටගස් හන්දියේ දී පැවසුවාය.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට දැනට විරුද්ධ වෙන්නේ ආණ්ඩුවේම ඉන්න විමල්-වාසුදේව-ගම්මන්පිල විතරයි කියා ජනතාව එළිපිටම කියනවා මට ඇහිලා තියෙනවා. අද විපක්ෂයට තියෙනව ලොකුම චෝදනාව අපි දේශපාලනය කරන්නේ නෑ කියන එක. ඒකේ ඇත්තක් තියෙනවා. එජාපයේ වැඩ කල්දැමිල්ල, වැඩ අතපසු කිරීම නිසා, අපි නාමික විපක්ෂයක් බවට පත් වුණා. 19 ගෙනාවේ මේ රටේ සිවිල් සංවිධාන. 19 රැකගන්න බැරිවුණොත්, විපක්ෂයේ දේශපාලන පක්ෂවලටත්, සිවිල් සංවිධානවලටත් එජාපයට වූ දේ සිදුවීම වලක්වන්න බැරි වෙයි යැයි ද කවිරත්න මහත්මිය තවදුරටත් පැවසුවාය.

රටේ නැවත මාධ්‍ය මර්ධනයක් ඇති වෙමින් තියෙනවා. අපේ මැතිවරණ ව්‍යාපාරයට උපකාර කරපු වෙබ් මාධ්‍ය වේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් අධිකරණයට අපහසා කළා යැයි අත්අඩංගුවට ගෙන දවස් 14 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තියෙනවා. ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අපරාධ නඩු පිළිබඳ නීතිඥයෙක් හොයා ගන්න බැරිවුණා. 2010 – 2014 ත් මෙවැනිම තත්වයක් රටේ ඇති වුණා. එදා 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ විට තිබුණ තත්වයයි, අද තත්වයෙයි වෙනසක් නෑ. රටම බිය වී තිබෙනවා.

– midea unit

35,720 views

15 Comments to “අද රටම බිය වෙලා.. නැවතත් මර්දනයක්.. විපක්‍ෂ ක‍්‍රියාකාරිකයෙක් වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න නීතීඥයෙක්වත් නෑ..”

  1. ලක්වැසියා says:

    අධිනීතිඥ නීතිඥ කියගෙන ඔය පක්ෂෙ ඉන්න එවුන් ( කිරිඇල්ල වගේ එවුන්) හැබෑ නීතිඥයො නෙමෙයිද?
    එහෙම නැතිනම් උනුත් ආන්ඩුවට බයේ හැංගිලද?
    පක්ෂෙ එවුනුත් ආන්ඩුවට බයේ හැංගිලනම් මොකට ඔය පක්ෂෙ කියන එක තියාගෙන ඉන්නවද?
    විසුරුවල දානවකො.

  2. tutu says:

    උඹයි ලපයයි බය උනාට රටේ කිසිකෙනෙක් බය නෑ. උබලට බය වැඩි වෙන්නේ රටට යහපතක් වෙනවා දැකලයි. කුහක හැත්ත.

  3. බඩු හේනේ කැකිරි ලාල් says:

    කිසි යකෙක්ට බය නෑ කියල නේද උඹල කිව්වේ.. දැන් ගූ බයයි කියන්නේ ..