අද රටම බිය වෙලා.. නැවතත් මර්දනයක්.. විපක්‍ෂ ක‍්‍රියාකාරිකයෙක් වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න නීතීඥයෙක්වත් නෑ..

September 4, 2020 at 11:20 am | lanka C news
අද රටම බිය වෙලා.. නැවතත් මර්දනයක්.. විපක්‍ෂ ක‍්‍රියාකාරිකයෙක් වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න නීතීඥයෙක්වත් නෑ..

19 වන ව්‍යස්ථා සංශෝධනය ගෙනාවේ දේශපාලන පක්ෂ නොවෙයි, සිවිල් සංවිධානයි. හැබැයි අද 19 අහෝසි කරනකොට ඒ සිවිල් සංවිධාන විතරක් නෙවෙයි, උතුරේ – දකුණේ විපක්ෂයේ දේශපාලන පක්ෂත් නිහඩවෙලා යැයි මටත් හිතෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය ලග්ගල පල්ලේගම කොට්ටගස් හන්දියේ දී පැවසුවාය.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට දැනට විරුද්ධ වෙන්නේ ආණ්ඩුවේම ඉන්න විමල්-වාසුදේව-ගම්මන්පිල විතරයි කියා ජනතාව එළිපිටම කියනවා මට ඇහිලා තියෙනවා. අද විපක්ෂයට තියෙනව ලොකුම චෝදනාව අපි දේශපාලනය කරන්නේ නෑ කියන එක. ඒකේ ඇත්තක් තියෙනවා. එජාපයේ වැඩ කල්දැමිල්ල, වැඩ අතපසු කිරීම නිසා, අපි නාමික විපක්ෂයක් බවට පත් වුණා. 19 ගෙනාවේ මේ රටේ සිවිල් සංවිධාන. 19 රැකගන්න බැරිවුණොත්, විපක්ෂයේ දේශපාලන පක්ෂවලටත්, සිවිල් සංවිධානවලටත් එජාපයට වූ දේ සිදුවීම වලක්වන්න බැරි වෙයි යැයි ද කවිරත්න මහත්මිය තවදුරටත් පැවසුවාය.

රටේ නැවත මාධ්‍ය මර්ධනයක් ඇති වෙමින් තියෙනවා. අපේ මැතිවරණ ව්‍යාපාරයට උපකාර කරපු වෙබ් මාධ්‍ය වේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් අධිකරණයට අපහසා කළා යැයි අත්අඩංගුවට ගෙන දවස් 14 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තියෙනවා. ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අපරාධ නඩු පිළිබඳ නීතිඥයෙක් හොයා ගන්න බැරිවුණා. 2010 – 2014 ත් මෙවැනිම තත්වයක් රටේ ඇති වුණා. එදා 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ විට තිබුණ තත්වයයි, අද තත්වයෙයි වෙනසක් නෑ. රටම බිය වී තිබෙනවා.

– midea unit

35,720 views

15 Comments to “අද රටම බිය වෙලා.. නැවතත් මර්දනයක්.. විපක්‍ෂ ක‍්‍රියාකාරිකයෙක් වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න නීතීඥයෙක්වත් නෑ..”

  1. කාන්තාර පළඟැටියා says:

    මේ ගෑණි මන්ත්‍රී උනා විතරයි කැපිලා පෙනෙන්න පුදුම ඇම්මක් තියෙන්නෙ. කිඹුහුමක් ගියත් මාධ්‍ය නිවේදන…
    ” කටුස්සිගේ කරේ රත්තරං බැන්ඳා වගේ ” ඕකට තමා දරුවනේ…

  2. fass says:

    Kohe hitapu ekiyakda me…pora talk denne vipaksha nayaka wage

  3. Kamal Italy says:

    මාස් සුද්ධිය අඩුවෙන වයසට ඔය වගේ හීන පෙනෙනවා කියලා mama අහල තියෙනවා

  4. Ranjith Dubai says:

    Please dont fool the people. Situation today is completely different. Since you people had spreaded lies with the help of America, LTTE and NGOs and defeated Mahinda in 2015 and subsequently destroy the country within 4 and half years. People know the truth now. Therefore they dont trust the lies spread by you people. People supports government 100%

  5. Makal says:

    ඒක හොදයි ටිකක් බය වුනාම මොකද අනේ…? හොරු වෙනුවෙන් පෙනී ඉන්ඩ බය වෙන එක නරකද බබා..?

  6. siri says:

    Mohini hadanne kotawannai, MP unath gahanu gathi arinna bahane,

  7. Suraj says:

    Ane apinam bayawela naa.. me ganita pissu hadilada…

  8. Saradiel says:

    19 වෙනි සංසෝදනය ඇමෙරිකානු ඉන්දියානු පිල්ලියක් රජයට අපේ ප්‍රණාමය. 20 ට ජය පතමු.

  9. RATHANA SADUU says:

    Aiyo…………Law cast widow…..You are replacing Hirunika….

    Thuk Nodakin,,,,

  10. RED BULL says:

    රෝහිණී කවිරත්න ඔයාලට දැන් නීතිඥයෙක්වත් හොයා ගන්න බැහැ.ඔයාල නීතිය නවද්දි ඔහොම වෙයි කියල හිතුවෙ නැහැ නේද​?රණ විරුවන්,මහා සංඝ රත්නය​,සිවිල් ක්‍රියාකාරිකයින් සිර කූඩුවල දමා ත්‍රස්තයින් ,බෙදුම්වාදීන්,කුඩ්ඩන්,බඩ්ඩන් සරණ ගිය ඔයාල ඔය ගෙවන්නෙ සොබා දම විසින් දෙන දඬුවම්.සජිත් ප්තාගෙන් පෑඩයක් ඉල්ලගෙන මූණ වසාගෙන නිදාගන්න​.

Main News