අද රටේ නීතිය වල් වැදිලා..- හෙල උරුමය

March 15, 2017 at 8:40 am | lanka C news
අද රටේ නීතිය වල් වැදිලා..- හෙල උරුමය

අද වන විට රටේ නීතිය වල් වැදීඇති බව ජාතික හෙල උරුමය පවසයි.

එම පක්‍ෂය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ රටේ නීතිය දැන් වල් වැදී ඇති බවත් ඒ සදහා කදිම උදාහරණය වශයෙන් සයිටම් ආයතනයේ ප්‍රධාන කළමණාකරු වශයෙන් පෙනී සිටි සමීර සේනානායක විසින් සිදු කරන ලද රංගනය පෙන්වා දිය හැකි බවත් ය.

හරි විදියට නම් සමීර සේනානායක දැන් සිටිය යුත්තේ හිරගෙදර. එහෙත් තාමත් ඔහු ඉන්නේ සිය ගෙදර. එය බරපතල ප්‍රශ්නයක්. අවි ආයුධ ආඥා පනත යටතේ කිසිදු වග විභාගයකින් තොරව හිරේ දැමීමට තරම් බරපතළ වරදක් තමයි ඔහු කර තිබෙන්නේ. ඒ වාගේම මෙයටත් වඩා භයානක වංචාවක් සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දු විසින් කර තිබෙනවා. ඒත් ඔහුත් තාමත් ගෙදර. මේ අයට නීතිය ක්‍රියාත්මක වෙන පාටක් පේන්නේ නෑ. ආණ්ඩුවේ ඉහළ දේශපාලන හස්තයක් මේ අයට රැකවරණය සලසනවා ඇතැයි පැහැදිලි සැකයක් අපට පෙනෙන්නට තිබෙනවා යැයි උන්වහන්සේ කියා සිටියේ ය.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට ගේන්න ප්‍රමුඛව කටයුතු කළ පක්ෂයක් ලෙස අපට ප්‍රධාන වගකීමක් තියෙනවා රජය හෝ වෙනයම් කෙනෙක් වරදක් කරනවනම් හෝ කර තිබේ නම් ඒ සදහා මැදිහත් වී යුක්තිය ඉටු කිරීමට බලපෑම් කරන්න යැයි මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ ය.

– බුදුගල ජිනවංස හිමි

22 views
Main News