අද රට අකර්මණ්‍ය දූෂිත තත්වයට පත්වෙලා.. ආර්ථිකය කඩා වැටිලා.. වර්ධන වේගය දුර්වලයි.. දුප්පත්කම වැඩිවෙනවා.. – චන්ද්‍රිකා
February 4, 2017 at 10:00 am | lanka C news
‘අද අපේ තත්ත්වය කුමක්ද? ආර්ථිකය කඩාගෙන වැටිලා, වර්ධන වේගය දුර්වලයි. දුප්පත්කම එන්න එන්නම වැඩි වෙනවා, දූෂණය කියන එක අපි ඇහැව්වෙත් නැහ ඒ කාලේ නමුත් අද අකර්මණ්‍ය දූෂිත සේවයකට පත්වෙලා. ඉතාමත්ම පැහැදිලිව මේකට ප්‍රධාන හේතුව මේ මහා විනාශකාරි ගැටුම් නිසා’ යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශ කරයි.
ජාතික එකාබද්ධතා හා ප්‍රතිසංවිධානය අගාමික නායකත්වය හරහා දහම් පාසල් සිසුනට හදුන්වාදිමට සංවිධානය කර තිබු උත්සවය ඊයේ එනම් 3 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති අතර එහි ප්‍රධාන අමුත්තා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
එහිදි එම උත්සවය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ජාතික සංහිඳියාව කාර්යාලය විසින් සංවිධානය කොට තිබු අතර රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා ද සහභාගි වී සිටියේ ය.