අද රට මහා අරාජිකයි.. ජනාධිපති ‘ගම සමග පිළිසඳර’ සෙල්ලම නතර කල යුතුයි.. එය බාල බොලද වැඩක්..

April 16, 2021 at 10:40 am | lanka C news
අද රට මහා අරාජිකයි.. ජනාධිපති ‘ගම සමග පිළිසඳර’ සෙල්ලම නතර කල යුතුයි.. එය බාල බොලද වැඩක්..

අද වන විට ශ්‍රී ලංකාව මහා අරාජික තත්ත්වයකට පත්වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ නිසා ගම සමග පිළිසඳර සෙල්ලම නතර කරන්නැයි ජනාධිපති තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිතුමා එවන් බාල බොළඳ වැඩ නොකළ යුතු බවද කී මන්ත්‍රීවරයා ගම සමග පිළිසඳර සිදු කිරීමට ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් 8,400ක් රට පුරා සිටින බවද සඳහන් කළේය.

ආර්ථිකය කඩා වැටුනු, ගිනිගන්නා රටේ ඇත්ත ප‍්‍රශ්ණ විසදීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් ඔහු කියා සිටියේය.

නාරාහෙන්පිට අභයාරාමයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

41,889 views

36 Comments to “අද රට මහා අරාජිකයි.. ජනාධිපති ‘ගම සමග පිළිසඳර’ සෙල්ලම නතර කල යුතුයි.. එය බාල බොලද වැඩක්..”

  1. අජිත් උදය says:

    විජයදාස රාජපක්ෂ මොන දේශපාලන චරිතයක් රඟපෑවත් කථාව සත්‍යයක්! ගෝඨාභය රඟපාන්නේ බොළඳ චරිතයක්. අපිට පුලුවන් ඒ දිහා බලලා හිනා වෙන්න පමණයි.

  2. SL guy says:

    තුනෙන් දෙකේ බලේකුයි පලාත් පාලන ආයතනයි අනික් සියලු බලතලයි ඔක්කොම දීලත් ගමින් ගමට ගිහින් අඩනව කියන්නෙ ඕක විහිලුවක්ම තමා

  3. sumudu says:

    ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් 8,400 ම කළේ ජනතාවගේ බදු මුදල් සූරාකන එක පමණයි

  4. මැදමුලනෙ මුත්තා says:

    දැන් නමි බොලේ හිතුවටත් වඩා කලින් සජිත් කොළුවගෙ පැත්තට රෝදෙ කැරකෙයි වගේ. මොකද කැලේ ගහක් නහන්න කැලේ ගහක්ම ඔනැ කියනව නේ. දැන් කැලේ ගස් පෝලිමට ඇඹරෙනවා විජේදාස, වීරවංශ, ගොමිමන්පිළ , චන්දිම වීරක්කොඩි, මුරැත්තෙටිටුවෙි අලි මදිවට හරක් කිවිවලු. වැඩකරන අපේ විරැවා සිංඳුව නැගල යන්නෑ වගේ.

  5. ජනාධිපති සිහින දකින්නෝ says:

    හැම ආණ්ඩුවකම මෙයා ඉන්නවා , කීප දවසකින් මෙයා මහා සද්දයක් පටන් ගන්නවා . මොකද මෙයාට ඕන මිනිස්සුන්ට මෙයා ඉන්නවා කියල මතක් කරන්න .විජේදසට කිසිම ඇමතිකමක් කරන්න උවමනාවක් නෑ . එහෙනම් මොකක්ද මෙයාගේ අරමුණ . එකයි තියෙන්නේ ජනදිපතිකම . චම්පික රණවකට තියෙන ජනාධිපති ඇම්මම තමයි මෙයාටත් තියෙන්නේ . මෙයා ළඟදීම පුතනෝ ලඟට ගිහින් ඒකත් අලකරනවා. නමුත් මෙයාටවත් පච රණවකටවත් ඕවා සිහිනම පමණයි. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ….

  6. SLCommunity says:

    බොරුවට ආයුෂකෙටී ඔහොම කියන කට්ටිය හරි හොදයි ද…? මෙයාල සමරිසි සෙට් එකත් එක්ක එකතුවෙලා කරපු සෙල්ලම් අපිට අමතක නෑ…

  7. 19 වන සංශෝධනය සිදුකිරීමේදී මුලින්ම සිටි විදේශීය කොන්ත්‍රාත් කරුවා මොහු බව මේ රටේ ජනපති හා අගමැති ඇතුළු සියලුම දෙනා වසර 5ක් යන්නටත් මත්තෙන් අමතක කිරීම ඉතා කණගාටුවට කරුණකි. මොහු උපන්ගේ සිටම විදේශිකයන්ගේ බලල් අතකි. අවාසනාවකට කොළබ දිස්ත්‍රිකයේ බොහෝ චන්ද දායකයන් පවා රවටා උන්ගේ ජන්දය ගෝඨා සහ මහින්දගේ නම විකුණමින් කොළබ දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට පක්ෂ චන්ද කුට්ටි පිටින් වංචනික ලෙස ඩැහැ ගෙන පාර්ලිමේන්තුවට ගොඩවිය. දැන් මේ රගපාමින් සිටින්නේ බටහිර බලවේග මගින් මොහුට පවර ඇති කොන්තරාත්තුව ඉටුකිරීම පිණිසය. මූ පට්ට පල් හොරෙකි. මොහුද රගපාමින් සිටින්නේ රදා සජිත්, පර ජෙප්පෝ සහ අනෙකුත් කුමන්ත්‍රණකාරී NGO නඩ සමග එකතුවී කරන රගපැමකි. මූ පට්ටපල් හොරෙකු මෙන්ම පට්ටපල් දේශපාලන කුමන්ත්‍රණ කාරයෙකි. මූ මේ දගලන්නේ ලබන වතාවේ පොදු අපේක්ෂකයා වීමේ සිහිනයේ සිටය. මූ පසුගිය කාලයේ තිබු සියලුම JVP පච සටන් පාඨ අතට ගෙන ඉදිමෙන්ට තටමති. අතටනොගත් එකම සටන් පාඨය පරිසරය පමණි. කොච්චර තැටමුවත් බෙට්ට තවමත් මගය.

  8. HB says:

    muta ona kerana dewala lebenne nethi weddi me wage dewal keranawa. pahu giya kaleth okama kerane

Main News