අද රට වෙන්දේසිලන්තයක් සහ කොමිස්ලන්තයක් වෙලා… ආවේ සෞභාග්‍යලන්තයක් කරන්නයි..

December 3, 2021 at 8:40 am | lanka C news
අද රට වෙන්දේසිලන්තයක් සහ කොමිස්ලන්තයක් වෙලා… ආවේ සෞභාග්‍යලන්තයක් කරන්නයි..

අපේ රට සෞභාග්‍යයේලන්තය කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසි ලන්තයක් කළ බවත්,අනතුරුව පෝලිම් ලන්තයක් සහ කොමිස් ලන්තයක් කොට අද වන විට පිපිරීම්ලන්තයක් බවට පත්කොට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ‘නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට’ වැඩසටහන හරහා ජනතා ගැටළු විමසීමේ වැඩසටහන පැවැතියේ හම්බන්තොට තිස්සමහාරාම ලුණුගම්වෙහෙර රණවරනාවදීය.

සමගි ජන බලවේගයේ තිස්සමහාරාම සංවිධායක ලාල් චන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් රැස්වීම සවිධානය කළේ ඩබ්.කේ.පී. උපුල් (ප්‍රාදේශීය සභා අපේක්ෂක) මහතාය.

ප්‍රදේශවාසී ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

අද වන විට තරුණයින්ට රැකියා අහිමි වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ,ජනතාවට ජීවනෝපාය අහිමි වී ඇති බවත්,සමස්ත ජනතාවම කබලෙන් ළිපට වැටී ඇති බවත් පැවසීය.

සුරක්ෂිතව ගෑස් ටික ලබා දෙන්නට බැරි ආණ්ඩුවක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි විමසූ විපක්ෂ නායකතුමා දිනෙන් දින රටපුරා අසන්නට ලැබෙන්නේ ඇඟ සීතල වන ප්‍රවෘත්ති බවද පැවසීය.

– media unit

7,348 views

13 Comments to “අද රට වෙන්දේසිලන්තයක් සහ කොමිස්ලන්තයක් වෙලා… ආවේ සෞභාග්‍යලන්තයක් කරන්නයි..”

  1. පල යුත්තෝ තෝත් පල පුංචිඅම්මා ගේ යහනට නිදන් හොරා ඇත්දළ හොරා. තෝ බලු ඉණ්නක

Main News