අද රෝගීන් පවා සතුටට පත්ව සිටිනවා… – රාජිත

November 12, 2016 at 5:30 pm | lanka C news
අද රෝගීන් පවා සතුටට පත්ව සිටිනවා… – රාජිත

ෙබිරුවල අල් අම්බ‍්‍රා විද්‍යාලයේ සහ පයාගල බණ්ඩාරනායක විද්‍යාලයේ  ‘හොඳම පාසල ලඟම පාසල’ වැඩසටහන යටතේ නව ගොඩනැගිලි සංකීර්ණ දෙකක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදි.  එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් පොදු ජන පෙරමුණට ලබාදී ඇති ලාංඡනය වන මල් පොහෝට්ටුව කවදාවත් පිපෙන්නේ නැහැ. මැතිවරණ කොමසාරිස්වරයා ද පක්ෂය පිළිබද හොඳට සිතා බලා නොපිපෙන මල් පොහොට්ටුවක් එම පක්ෂයට ලබාදී තිබෙනවා. එම නිසා ඉදිරියේ දී දුෂිතයින් සිරගෙට යනවිට මල් පොහොට්ටු කමීස සාක්කුෙවි දාගන්න සිදුවෙනවා. එම නිසා තරුණ දේශපාලනඥයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ රට සෑදීෙමි වැඩපිළිවෙලට යහපාලන රජය සමග ඒකාබද්ධ වන ලෙසයි.

ඖෂධ මිල සියයට 50 කින් අඩුකර තිබෙනවා. තවත් ඖෂධ වර්ගවල මිල අඩු කරනවා. වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඖෂධ මිල අඩු කිරීමට සුදානම් වූ අවස්ථාෙවි දී ඊට යොමු කළ ලිපිගොනුවක් නීතිපති දෙපාර්තෙමින්තුවෙන් අතුරුදන් වුනා. ඒ පසුගිය රජය සමයේ දී. ඖෂධ සමාගම් රුපියල් ලක්ෂ 1000 ක් මැතිවරණවලට වියදම් කිරීමට ලබාදුන්නා. රාජපක්ෂවරුන්ට දොල පිදේනි දුන්නා. අපිටත් එවැනි යෝජනා ලැබුනත් අපි ප‍්‍රතික්ෂේප කළා. දුම්කොළ සමාගමෙන් ද මට බලපෑම් එල්ල වුනා. මම එක ස්ථාවරයක සිටියා. ජනාධිපතිතුමා මට උදවුවට හිටියා. ඖෂධ මිල අඩුවීමෙන් රෝගීන් සතුටට පත්ව සිටිනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පාලනය කළ ගැසට් පත‍්‍රයට අනුව කටයුතු නොකරන ඖෂධ අලෙවිසැල් වැටලීමට කටයුතු කරනවා. නීතිය ක‍්‍රීයාත්මක කරනවා. ගැසට් පත‍්‍රයට අනුව කටයුතු නොකරන ඔසුසැල් හා ඖෂධ අලෙවිසැල් වසාදැමීමට පියවර ගන්නවා.

බේරුවල ආසනයේ පාසල් 44 ක් අදියර 05 ක් යටතේ සංවර්ධනය කරනවා. පළමු අදියර යටතේ අල් අම්බ‍්‍රා විද්‍යාලය ලක්ෂ 292 ක් වෙන්කර සංවර්ධනය කරනවා. පයාගල බණ්ඩාරනායක විද්‍යාලය සංවර්ධනය කිරිමට වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 432 කි. ෙබිරුවල ඥාණිස්සර විද්‍යාලය සංවර්ධනය කිරිමට වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 242 කි. දෙවන අදියර යටතේ රුපියල් ලක්ෂ 609 ක් වැයකර පාසල් 07 ක් සංවර්ධනය කරනවා. තවත් ලක්ෂ 137 ක් වැය කර පාසල් දෙකක් සංවර්ධනය කරනවා. එම අදියර 03 සදහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 1700 වඩා වැඩියි.

හොඳම පාසල ලඟම පාසල යන වැඩපිළිවෙල යටතේ අල් අම්බ‍්‍රා විද්‍යලයේ නම තිබුනේ නැහැ ෙබිරුවල මුස්ලිම් ජනතාවක් වාසය කරනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශයට අමතක වෙලා. නමුත් අපගේ ඉල්ලීම මත මෙම විද්‍යාලය සහ තවත් සිංහල පාසල් දෙකක් හොඳම පාසල ලගම පාසල වැඩසටහනට පළමු අදියරේ දී එක් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය කාලයේ ක‍්‍රීයාත්මක කළ වැඩසටහන් වලදී ද ෙබිරුවල ආසනයේ පාසල් දෙකක් අමතක කර තිබුනා. එම පාසල් දෙක කුලියාපිටිය ආසනයේ පාසල් සංවර්ධනයට යොදා ගත්තේ දැයි ප‍්‍රශ්ණයක් මට තිබෙනවා. නමුත් ෙබිරුවල ආසනයේ පාසල් 44 ක් සංවර්ධනය කිරිමට කටයුතු කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ නව රජයේ අයවැයෙන් මෙවර සෞඛ්‍යයට සියයට 3.11 ක් වෙන්කර ඇති බවයි. අධ්‍යාපන සදහා මෙවර සියයට 06 ක් වෙන් කර නොමැති බවත්, අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ සියයට 4.1 ක් පමණක් බවත් ප‍්‍රකාශ කරන ලදි. ඊට හේතු වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට පසුගිය වසරේ වෙන් කළ මුදල් සංවර්ධන වැඩකටයුතු සදහා වැය කිරිමට නොහැකි වී ඇති නිසා බවත්, බොරු සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කර මුදල් වෙන් නොකර අවශ්‍යතා සදහා පමණක් අධ්‍යාපන අමාත්‍යාංශයට මුදල් වෙන් කර තිබෙන බවත්, එම මුදල වියදම් කළ පසු අවශ්‍ය වුවහොත් මුදල් අමාත්‍යවරයා අවශ්‍ය තරම් මුදල් ලබාදීමට ද සුදානම් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කරන ලදි. එමෙන්ම සෞඛ්‍ය සදහා ඉල්ලා සිටි මුදල් සියල්ලම මුදල් අමාත්‍යාංශය ලබාදුන් බවද අධ්‍යාපනයට 2014 වර්ෂයේ වෙන් කළ මුදල මෙන් තුන් ගුණයක් 2016 වර්ෂයේ වෙන් කර තිබුන බවත් අමාත්‍යවරයා පැවැසීය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රවරුන් වන ප‍්‍රසන්න සංජීව මහතා, ඉම්ස්ටිකාර් ජම්ල් මහතා, හිටපු පළාත් සභා මන්ත‍්‍රිවරුන් වන ජයන්ත අෙබිගුණවර්ධන, එම්.එම් අම්ජාඩි  මහතා, ෙබිරුවල අධ්‍යාපන අධ්‍යක්ෂ ශ‍්‍රී ලාල් වික‍්‍රමාරචිචි මහතා, ෙබිරුවල ප‍්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාෙවි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා, විද්‍යාලයේ විදුහල්පති එම්.එස් නල්රි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා පාසල් දරු දැරියන් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

0 views
Main News