අද ලංකාව ලෝකෙට විහිළු සපයන රටක් වෙලා..මේ වසරේදීත් ඡන්දය නෑ..අපට මොකද මේ වුනේ..- බෙල්ලන්විල විමලරතන හිමි

March 14, 2017 at 12:06 am | lanka C news
අද ලංකාව ලෝකෙට විහිළු සපයන රටක් වෙලා..මේ වසරේදීත් ඡන්දය නෑ..අපට මොකද මේ වුනේ..- බෙල්ලන්විල විමලරතන හිමි

රටේ වත්මන් දේශපාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කරන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද වනවිට ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව ඇති බව පැවසූහ.

උන්වහන්සේ ඒ බව කියා සිටියේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් අද (මාර්තු 13) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කරන ලද සුපිරිසිදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

පාර්ලිමේන්තුවේ වත්මන් ක්‍රියාකලාපය ද උන්වහන්සේ ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

“හැමදාම මේකේ ගහගන්නවා, බැණ ගන්නවා, කුණුහරප කියා ගන්නවා, අද පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය එහෙම්පිටින්ම නැති වෙලා ගියා. ඇයි මෙහෙම අය තෝරලා පාර්ලිමේන්තුවට යවන්නේ, අපිට මොකද වුනේ” යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 60 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව පැවසූ බෙල්ලන්විල විමලරතන හිමියන් තවත් දේශපාලන පක්ෂ 100 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පෙන්වා දුන්නේය.

“ලංකාව ලෝකෙට විහිළු සපයන රටක්. මේ පුංචි රටේ පක්ෂ මෙච්චර ලියාපදිංචි කරන්න ඉල්ලනවා කියන්නේ මොන විහිළුවක්ද?” උන්වහන්සේ ප්‍රශ්න කළහ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් ආයතනවල ක්‍රියාකාරිත්වය ඇණහිට ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ මේ වසරේදීත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව කියා සිටියහ.

“මට සාත්තර කියන්න බැහැ. මම සාත්තර විශ්වාස කරන්නෙත් නැහැ. නමුත් මේ අවුරුද්දෙත් ඒක වෙන්නේ නැහැ” යනුවෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

– BBC

27 views

11 Comments to “අද ලංකාව ලෝකෙට විහිළු සපයන රටක් වෙලා..මේ වසරේදීත් ඡන්දය නෑ..අපට මොකද මේ වුනේ..- බෙල්ලන්විල විමලරතන හිමි”

  1. Saradiel says:

    යමපාලනය මුන් ලංකාවේ මහා කරුමයකට ඇතිවුන පව් කාරයෝ.

  2. sira says:

    Hambalanthaya… meegollange pakshayane…

  3. Hemantha says:

    ඔබ වහන්සේත් මෙම තත්වයට වගකියන්න ඕනි.

    • asaranaya says:

      ඔබට අමතකවුනාට අපට මතකයි! ඔබ වහන්සෙත් පඹරාළට හිල් වෙච්ච් මලු අරන් කඩේ ගිය හැටි., වෙනස නිවන් සුවයටත් වඩා සැපයි නේද හාමුදුරුවනේ’

  4. OLU says:

    තම ලේ, රුධිරය, හෙළිය යුත්තේ තමන්ගේ ජාතිය මව් බිම ආගම රැකගැනීම උදෙසා බව අවධාරණය කරගනිව් සිහලුනේ …
    අපේ රට ජාතිය ආගම අනතුරේ … හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ…..
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ….

    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
    ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”

    “ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
    සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  5. Ruwan says:

    හාමුදුරුවෝ ඔක්කොම එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යනවා.
    ඇයි බැරි රට හරි මාවතකට ගෙනියන්න පෙර්මනුක් හදන්න. එතකොට පුළුවන් රටට
    ආදරේ කරන සියලුම දෙනාට ඒ වටා එක් වෙන්න පුළුවන් නේ….

  6. OLU says:

    අවසර අපේ ගෞරවනීය හාමුදුරුවනේ ,
    වත්මන් රජයේ අරමුණු පිලිබදව දැන්වත් වටහාගැනීම ගැන අපි ඉතා සතුටුවෙමු ..ගරුතර හාමුදුරුවනේ යම පාලන දේශද්‍රෝහියන්ට ඔබවහන්සේ පමණක් නොවේ මුළු රටේම ජනතාව රැවටුනා දැන් එය නිවැරදි කරගැනීමට රටේ ගරුතර සංඝයාවහන්සේලාත් සිංහල මහජාතියත් ත්‍රිවිඩ ආරක්ෂක හමුදාවත් එක්වී කටයුතු කල යුතුයි ..අපේ සිංහල බෞද්ධ මව් බිම රැකගැනීමට සියලුදෙනාම එක්විය යුතුයි .දේශපාලන පක්ෂ බේද ආගම් බේද ඉවතලා සමගි වී රට බේරා ගැනීමට සිංහලයෙනි එක්වෙයව්
    රටේ වත්මන් දේශපාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කල ගෞරවනීය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට අපේ ප්‍රණාමය ,පාද පුර්ව නමස්කාරය
    අපේ රටේ මුරදේවතාවන් වූ ගෞරවනීය සංඝයා වහන්සේලාට රට ජාතිය ආගම රැකගැනීමට පෙරට වැඩිය යුතු කාලයක් මේ
    අපේ රටජාතිය ආගම රැකගැනීමට කටයුතුකරන ගෞරවනීය සංඝරත්නයටත් ,දේශහිතෙෂි සිංහලයින්ටත් අපේ ස්තුතිය උත්තමාචාරය
    සිංහල බෞද්ධයාට අද අපේ රටට සිදු විඇති/ සිදුකරන විනාශය පැහැදිලි කර දී ජනහදවත්හි නිදහස්‌ ගිනිදලු ඇවිළවීමට කාලයයි මේ .රටට ; ජාතියට ; ආගමට සතුරු කම් කරන යහපාලනය නම්වූ සිරිසේනගේ ‘ජහපාලනයෙන් ‘ අපේ ජාතිය ආගම රැකගැනීමට මහජාතිය දැන්වත් කටයුතු කරව්
    බලා සිටීමට කාලයක් නැත මේ විනාශවෙන්නේ සිංහලයාගේ එකම මාතෘ භූමියයි
    සහන ලැබෙනතුරු ලංකා දීපයට
    ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
    නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
    මහණ කමත් බණ දහමත් එයයි මට”

  7. CAT says:

    වර්තමාන ජනයාගේ දුර්වලකම් වෙත අවධානය යොමු කරමින් ඔවුන්ට , යමපාලනයෙන් අපේ රට ජාතිය සිදුවන විනාශය පෙන්නුම් කරමින් අපේ රට ජාතිය ආගම රැකගැනීම උදෙසා වැඩ කිරීමට පෙළඹවීම අද අපේ රටේ දේශහිතෙෂි දේශපාලකයින්ගේ ගරුතර සංඝරත්නයේත් දේශහිතෙෂි සිංහලයාගේත් යුතුකම සහ වගකීමයි

  8. sadoni says:

    obawahanse megana ahanna one apen nemei. athoraliye,dabara,madolowawe,thibbatowawe yana ayagen ahanna apita mokada kale kiyala.

  9. Saradiel says:

    පඬි සක්විති තොටගමුවේ
    වීදාගම වෑත්තෑවේ
    ඉපදුණ මේ ලංකාවේ
    ඉපදීමත් පිනක්ම වේ
    කැප්පෙටිපොල සෙනෙවි සුරූ
    කර රුපු සෙන් මන් දැදුරූ
    අබිරුවිකුම් පෑ අයුරූ
    උඹට පුතේ වෙයි මියුරූ
    අැඳි සළුපට ගෙන හෝදා
    දළදා සමිදුන්ට පුදා
    කඩුවට ගෙල දුන්නෙ එදා
    ගුරුකමටයි නුඹට මෙදා
    එබදු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    බියගුලුකම නිවටකම යි
    එය නැති නම් පිරිමිකම යි
    සිංහල සිතිවිලි මෙහෙම යි
    පුත නුඹටත් එය උරුම යි….
    සිංහල රට ගලවන්නේ
    වත්මන් ආණ්ඩුව යමපාලනය නිසා අපේ රටට සිදුවී ඇති./ සිදුවෙමින් පවතින මේ විනාශයෙන් මේ ජාතික විපතින් අපේ මව් බිම රැකගැනීමට හෙළයිනි පෙරට වරෙව් ..බලා සිටීමට කාලයක් නැත

  10. lokusadu says:

    ane hamuduruwane api oba genath dannawa. desa palana atherala dala bana bawanawe yedenna.. pansilwath gannawada kyya athherala bawana kara adigama labaganna

Main News