අද ලොකුම ප‍්‍රශ්ණය බඩගින්නයි.. රට බෙදීම නොවෙයි.. ආණ්ඩුව මාස අටෙන් රට විනාශ කලා..

July 4, 2020 at 12:40 pm | lanka C news
අද ලොකුම ප‍්‍රශ්ණය බඩගින්නයි.. රට බෙදීම නොවෙයි.. ආණ්ඩුව මාස අටෙන් රට විනාශ කලා..

අද රටේ ඇති ප්‍රමුඛ ප්‍රශ්නය වන්නේ රට බෙදීම නොව බඩගින්න බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට රට තුළ සියලු ව්‍යාපාර බිද වැටී ඇති බවයි.

ත්‍රීවීල් රථයේ සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා සියලු දෙනාට ආදායම් අහිමි වී ඇති බවද ඔහු පවසයි.

මෙම ආණ්ඩුව බලයට පැමිණ මාස 08ක් ගෙවී ගොස් ඇතත් ජනතාවගේ රැකියාවන් අහිමිවී යද්දී කිසිදු ක්‍රියාමාර්ගයක් ඒ සඳහා ගෙන නැතැයි ද ඔහු පැවසීය.

ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

270 views
Main News