අද වාර්තා වන්නේ සත්‍ය කොරෝනා රෝගීන් ගණන නොවේ.. දින කිහිපයකට පෙර වාර්තා… සැබෑ තත්වය ඉතා බරපතලයි…

May 3, 2021 at 10:40 am | lanka C news
අද වාර්තා වන්නේ සත්‍ය කොරෝනා රෝගීන් ගණන නොවේ.. දින කිහිපයකට පෙර වාර්තා… සැබෑ තත්වය ඉතා බරපතලයි…

අද වන විට රසායනාගාර වලින් PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලබා දීමට සැලකිය යුතු ප්‍රමාදයක් ඇති වන බවත් ඒ අනුව දැනට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව රටේ සත්‍ය රෝගීන් සංඛ්‍යාව නොවන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට රෝගීන් වාර්තා වන්නේ දින හතරකට පෙර ලබාගත් ජීව සාම්පලවල බව ද එය රටේ සිටින සත්‍ය රෝගීන් සංඛ්‍යාව නොවන බවද සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසිය.

ඒ හේතුවෙන් රටේ පවතින සැබෑ තත්වය ගැන අදහසක් ලබාගැනීමට නම් පරීක්ෂණ ප්‍රතිඵල ඉක්මනින් ලබා දීමේ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

සැබැවින්ම පවතින තත්ත්වය දිනපතා පරීක්ෂණ වලින් පෙන්වන ප්‍රමාණය වඩා භයානක බවත් ඔහු සඳහන් කරයි.

අත්‍යවශ්‍යම කරුණකට හැර නිවසින් පිටට නොයන ලෙසද ඉල්ලා සිටින බවත් මෙම බැරෑරුම් අවස්ථාවේ රජය පමණක් නොව ජනතාවද වගකීමෙන් කටයුතු කළ යුතු යැයිද සඳහන් කළේය.

එසේ නොකලහොත් පවතින තත්වය සීමාවෙන් ඔබ්බට යන තැනට රට වැටෙනු ඇතැයි ද ඔහු තව දුරටත් අවධාරණය කළේය.

43,527 views

8 Comments to “අද වාර්තා වන්නේ සත්‍ය කොරෝනා රෝගීන් ගණන නොවේ.. දින කිහිපයකට පෙර වාර්තා… සැබෑ තත්වය ඉතා බරපතලයි…”

  1. මෝඩ බයියා says:

    එහෙම තමා මහත්මයා අපි .අපිම හදාගත්තු චාට් වලින් ලෝකෙ හොදටම කරන රට වෙනව.පී සී ආර් අඩු කරල අලුත් ලෙඩ්ඩු අඩු කරනව.ඉදල හිටල ලෝකෙම කොරෝනා නැති කරන බේතක් හොයා ගත්තු ගොඩ වෙදෙක් එලියට දාල ටික දවසකින් ඌව අතුරුදහන් කරනව .අපේ ආතල් අපිට ආතල්

    • ලංකාවේ කොරෝනා චාට් විශේෂඥ වෛද්‍යවරයා says:

      දැන් එතකොට වෙන රටවල් වල චාට් හදා ගන්නේ උන්ම නෙමෙයී උඹද? මෙහෙ එහෙ වගේ නැති එක උඹට ගැටලුවක්ද?

    • Jagath says:

      ස ෆේල් ආන්ඩුව ෆේල් එන්ඩ එන්ඩ ඔක්කොමලා කියමු

    • Real Man says:

      Dear All Critic,
      Please understand that any kind of testing of a community, it a sample that is taken and if the sample says 8% , it is considered as the 8% infestation level in that community.
      Need not to test everyone.

      Please understand this…

      No need to check all and it is normal that you can expect more infested people in the community.
      This is how a scientific analysis take place.
      This is for all the fools who criticize our Heath authorities.

  2. සෞඛ්‍ය පරීක්ෂක says:

    මේ කුලියට කඩේ යන සෙට් එක හැම දාම කියන්නේ “තත්වය ඉතාම බරපතල්යී” කියලා තමයී. මොකද තත්වය බරපතල නැත්තන් මුන්ගෙන් වැඩක් නැහැනේ.

  3. චන්ඩි කොල්ලා says:

    අඩෝ කුණුදතාගේ ගෝලයා තොට කීයක් ගෙවනවද කෙප්ප කෙලිනවට?

  4. ඩලස්ගේ මුහුදු යාය says:

    අපි ඔය මාර්ගෝපදේස ගනන් ගන්න අය නෙමෙයි. පවුල් පිටින් විදගෙන ඉන්නේ. ඉතින් කාට බෝ උනත් අපිට මොකෝ. අපි සේවකයින් නිලධාරින් හැම දාම එනවට ආසයි. මූණ නොදැක්කොත් දවසම හමාරයි නිකන් කරන්ට් වැදුන වගේ. ඒ නිසා මොන හේතුව කියල හරි ගෙන්ව ගන්නවා, වර්ක් ෆ්‍රොම් අපි ලඟ ඉඳන් ක්‍රමයට.

Main News