අද විග්නේෂ්වරන් ඉල්ලන්නේ එදා මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ 13 ට එහා ගිය විසඳුමයි..

October 5, 2016 at 8:02 am | lanka C news
අද විග්නේෂ්වරන් ඉල්ලන්නේ එදා මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ 13 ට එහා ගිය විසඳුමයි..

‘නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් පෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් හදන්න ඉඩ දෙන්නේ නැහැ. බෞද්ධාගමට තිබෙන, හිමි තැන සුරක්ෂිත කරනවා. එදා මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ 13 ට එහා ගිය විසඳුමයි අද විග්නේෂ්වරන් ඉල්ලන්නේ’ යයි උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි

ඔහු මෙසේ කියා සිටියේ අක්මීමන මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධනය කරන ලද මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව එහි පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

‘නව ව්‍යවස්ථාවක් හදන්න මේ දින වල පාර්ලිමේන්තුවේ කොමිටියක් පත් කර තිබෙනවා. සමහරු කියනවා නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමිතැන නැතිවෙනවා කියලා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. තවම එක වගන්තියක්වත් සකස් කර නැහැ.එකඟවිය හැකි කරුණු මොනවද? එකඟවිය නොහැකි දේවල් මොනවද? කියා සාකච්ඡුා කරනවා. මුළු ලෝකයටම පෙන්වා, මාධ්‍යවේදීන් ඉදිරියේ පාර්ලිමේන්තුව ඇතුලෙයි වගන්තියෙන් වගන්තිය සකස් කරන්නේ. නව ව්‍යවස්ථාව හොර රහසේ හැංඟි හොරා හදන්නේ නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ සමඟ සාකච්ඡුා කරලයි අවසන් විසඳුමකට එන්නේ. නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා වන රටේ සියළු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ.

– රජිත සමරසූරිය

22 views

14 Comments to “අද විග්නේෂ්වරන් ඉල්ලන්නේ එදා මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ 13 ට එහා ගිය විසඳුමයි..”

  1. sunil amarathunga says:

    මහින්ද එදා ඔය කථාව කිව්වා තමයි, බලය රැක ගන්න මහින්ද හැම ගෙමක්ම ගැහුවා , මෙතන කිරිඇල්ල කියනවා “පෙඩරල් බලය දීමක් හෝ බුද්දාගමට හිමි තැන නැති වෙන්න දෙන් නැ” කියන කතාවකට මන් බොක්කෙන්ම එකගයි .

    • හල්මැස්සා says:

      අද විග්නේෂ්වරන් ඉල්ලන්නේ එදා මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ 13 ට එහා ගිය විසඳුමයි මූ හරියට ගිවිසුම් ගහනව බලාහිටිය වගෙයි.වැඩේ කරන කොට පාන ඇල්ලුව කියන එකත් කියන්නේ ඔය වගේ එකක්

  2. Gaya says:

    නව ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් හදලා නෑ කියලා දැන දැනත් ඔය දිනේශ්ලා, විමල්ලා මාධ්‍යයට ලැජ්ජ නැතුව බොරු කියනවනේ. උන් තමයි රට දෙකඩ කරන්න කඩේ යන්නේ…….

    • ගිරවා says:

      Gaya …නොදන්න දේශපාලන දේවල් නොලියා හිටපන් …උබ කොටින්ට යහපාලනයට කඩේ යන බත්බැලයෙක් නේද ?
      උබ වැනි දේශද්‍රෝහීන් අපේ රටට සාපයක්
      ගරු විමල්ට ගරු දිනේශ් වැනි දේශහිතෙෂි දේශපාලකයින් අපේ රටට වාසනාවක්
      ගරු විමල්ට ගරු දිනේශ් ට ජයවේවා !!!

      • කර්තේලිස් ආතා says:

        ගයා පුතේ,

        එතකොට අර මල්වතු නායක හාමුදුරුවන්ට කෙටුම්පතක් කියල ලාල් විජේනායක උන්නැහැ බාරදීල ආවෙ උඹේ මෑණියන්ගේ අහවල් එකද?

  3. ramya says:

    “පෙඩරල් දෙන්නේ නැ , බුධ්දාගම ට හිමි තැන සුරකිනවා” denna epa okunta sir, thank u sir kathawata ,

    • MELCOM says:

      නව ව්‍යවස්ථාව හොර රහසේ හැංඟි හොරා තමයි හදන්නේ ..එක අපේ රටේ විනාශය ..සිංහලයාගේ මරණ වරෙන්තුව
      සිංහලයෙනි නව ව්‍යවස්ථාවට විරුද්ධව දැන්ම කටයුතු කරව් ..බලා සිටීමට කාලයක් නැත
      මේවගේ බොරු කියන නරුමයෝ අපේ රටේ දේශපාලනයට පිවිසියේ ජාතියෙ අවාසනාවට
      මොහු දෙමල ඩයස් පෝරාවේ දෙපා ලෙවකන මෝඩයෙක්…. තමන්ගේ වාසියට මුදලට රට ජාතිය පාවාදෙන වසලයෙක්

  4. amirthalingam says:

    මහින්ද එදා බලය බෙදනවා කියලා මුළු ලෝකෙටම කිව්වා ,යාපනයේ අපිට පොරොන්දු උනා ,චන්ද ගන්න එක කතාවක් , අද ඒවා ක්‍රියාත්මක කරන්නේ නැ . ඇයි ???????

  5. lalith says:

    ඇමතිතුමා ඔය කතාවේම ඉන්න ,දෙන්න එපා අපේ රට විග්නේශ්වර්ම්ට ,

  6. ගජයා says:

    සති 2 කට විතර කලින් මොහු නැවතත් අර කලින් මාට්ටු වෙච්ච කට්ටිටියටම නැවතත් RDA රස්සාවල් වලට පත් කරලා

  7. සරණ says:

    අපේ සරණව වගේ විග්නේෂ්වරන්ව හදන්න බෑ . විග්නේෂ්වරන්ට රට දෙන්නේ නැහැ.

  8. sudu malli says:

    Mahinda eda haduwe 13+ nikan denna. Eth dan hadana nawa vayavasthawa hamoma ekathuwela hadanne

  9. inspector ලකී says:

    මේ ලකී කිව්වොත් කිව්වා තමයි.වීරවංශයි ගෙම්මන්පිලයි කෑගැහැව්වට තවම එක වගන්තියක්වත් හදලා නෑ

  10. Champa says:

    මහින්ද පොරොන්දු වුන දේ ඉල්ලා ගන්න මහින්ද දැන් බලයේ නැහැනේ. ඉතින් විග්නේශ්වරන්ට ඒක කිව්වහම කතාව ඉවරයිනේ. එතකොට නිකම්ම හොට බිම ඇනෙයිනේ.

    මේ ගොබ්බ ආණ්ඩුව වගේ නෙමෙයි, මහින්ද කලේ දේශපාලන විසඳුමක් ගැන සාකච්චා කර කර උතුර සංවර්ධනය කරන්න සැලසුම් කරපු එක. උතුරේ සංවර්ධනය ඒ විදියටම වෙලා නිවාස හැදිලා, පාරවල් හැදිලා, රැකියා ප්‍රශ්න විසඳුනා නම් කවුරුවත් federal වත් 13 වත් ඉල්ලන්නේ නැහැ. දෙමල දේශපාලකයෝ මහින්දට ඒක කරන්න දෙන්නේ නැතුව distract කළා.

    ඇත්ත කතාව නම් සිරිසේනයි රනිලුයි උතුරට පොරොන්දු වුනා ස්වයං පාලනයක් දෙන්න. ඒකට ව්‍යවස්ථාවකුත් හැදුවා. දැන් එනවා දීපු නැති 13ක් ගැන කියන්න.

    දැන් ඇත්තටම වෙන්නේ විමල් කියපු එක. විමල් කිව්වා නව ව්‍යවස්ථාවේ තියෙන අහිතකර දේවල් වලට විරුද්ධ නොවුනොත් ආණ්ඩුව ඒක සම්මත කර ගනියි, විරුද්ධ වුනොත් පොඩි වෙනස්කම් කරයි කියලා. හරියටම හරි, දැන් ආණ්ඩුවම තමන් කලින් කරන්න හිටපු දේවල් කරන්නේ නැහැ කියනවා. බොරු බියක් ඇති කරනවා කියලා බනිනවා. මේවට ඉතින් හතර හිනා.

Main News