අද සර්ව පාක්‍ෂික හමුවට රනිල් බලෙන් පනී.. ‘රනිල් එන්න උවමනාවක් නෑ.. අගමැතිකම දෙන්නේම නෑ’ ජනාධිපති තදින් දන්වයි..

November 18, 2018 at 9:20 am | lanka C news
අද සර්ව පාක්‍ෂික හමුවට රනිල් බලෙන් පනී.. ‘රනිල් එන්න උවමනාවක් නෑ.. අගමැතිකම දෙන්නේම නෑ’ ජනාධිපති තදින් දන්වයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ සියලු පක්ෂ නායකයින්ගේ හමුවක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන අස්ථාවර තත්ත්වය සහ එය නියමානුකූල ලෙස පවත්වාගෙන යාමත් රට ස්ථාවර කර ගැනීම සම්බන්ධයෙන් පමණක් වන අතර අගමැති ධුරයක් හෝ විශ්වාසභංගයක් ගැන කිසිදු සාකච්ඡාවකට ජනාධිපතිවරයා යොමුවනු ඇති බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම හමුව සඳහා තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු නොවන බව ජනාධිපතිවරයා අදහස් කර සිටින බව ජනාධිපති කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මෙම හමුව සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමේ සූදානමක් ඇති බවයි.

ජනාධිපතිවරයාට දැනටමත් ඔහුට දන්වා ඇත්තේ කිසිසේත්ම අගමැතිධුරය නැවත වතාවක් ලබා නොදීම ස්ථිර බවයි.

අද පැවැත්වෙන හමුවේ නිල් වික්‍රමසිංහ මහත්මයා මුණ නොගැසීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

149 views