අද සාටකයක් දාගත්ත එකෙකුට පාරකට බහින්න බෑ.. උදදච්ච කපුටාස් ඒ තත්වෙට පත් කලා..- විමල් පාර්ලිමේන්තුවේ..

April 19, 2022 at 3:00 pm | lanka C news
අද සාටකයක් දාගත්ත එකෙකුට පාරකට බහින්න බෑ.. උදදච්ච කපුටාස් ඒ තත්වෙට පත් කලා..- විමල් පාර්ලිමේන්තුවේ..

අද සාටකයක් දාගත්ත මිනිහෙකුට පාරකට බහින්න බැරි තත්වයක් ඇතිව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

“අපි කවුරුත් කම්පනයට පත්වන තත්ත්වයක් රට තුළ තියෙන්නේ. මහ පාරවල් වහගෙන බස්රථ අවහිර කරන මිනිස්සු පාරට බැහැලා රට අකර්මණ්‍ය කරන තත්ත්වයක් මේ රට තුළ තියෙන්නේ. මෙවැනි තත්ත්වයකට මේ රට යෑමේ අනතුර පසුපෙළට වැටිලා ඉන්න ඇමතිවරු, නාමල් රාජපක්ෂ ඇතුළුව මේ අයගේ හෘද සාක්ෂිය දන්නවා තිබුණ අමාත්‍ය මණ්ඩලය ඇතුළේ අපි ඇමතිවරු කිහිපදෙනෙක් මේ අනතුර පෙන්නලා දුන්නා.

තමුන්නාන්සේලා අන්ධ, ගොලු, බිහිරි සේ කපුටාස් ගේ කීම පිළිගෙන ඒ අනුව කටයුතු කළා. දිට්ඨධම්මවේදනීය කර්මය තමා අද තරුණ, නවක මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීලා ජ්‍යෙෂ්ඨ අයට පස්සට වැටෙන්න සිද්ධවුණේ.

ඔය ද්විත්ව පුරවැසියාව ගේද්දිම අපි කිව්වා, අද සාඨකයක් දාගත්ත මිනිහෙකුට පාරට බහින්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. තාමත් තමුන්නාන්සේලා අන්ධ, ගොලු, බිහිරි සේ ඉන්නවා. ඒ නිසා අද ඇතිවෙලා තියෙන අර්බුදයෙන් වගකීමෙන් තමුන්නාන්සේලාට ගැළවෙන්න බෑ. මාර්තු 2 අපි මේ ගැන රටට කිව්වා. ඇතුළේ කථා කරාම ඇහුවේ නෑ. 3 වෙනිදා මාවයි ගම්මන්පිල මන්ත්‍රීවරයාවයි අයින් කළා. අප්‍රේල් 3 වනදා පෙරේතයා පොළොවේ ගැහුවා වගේ කපුටාස් නෑ, තමුන්නාන්සේලාට තිබ්බ පට්ටමත් නෑ. දැන් ඉන්නවා හද්ද අනාථ වෙලා.

අපිට පහරදුන්නාට ඒ ආවේගයෙන් අපි ප්‍රතිප්‍රහාර දෙන්නේ නෑ. අපි මොන වෙනස්කම් තිබුණත් අදවත් යථාර්ථයට හිස නවන්න. නැත්නම් මහජනයාගේ ප්‍රකෝපකාරි ප්‍රතිචාර ප්‍රචණ්ඩත්වය දක්වා යනකල් බලාගෙන ඉන්නවා නම් ඒකෙ වගකීමත් තමුන්නාන්සේලා භාරගන්න.

අතීතයට විතරක් ඇඟිල්ල දික්කරලා බලය ගත්තාට පස්සේ, නිසි කලට නිසි මොහොතට නිසි තීරණ නොගැනීමේ ඵලවිපාකය තමයි අද මේ භුක්තිවිඳින්නේ. මේ තරුණ නවක මන්ත්‍රීවරු ඇමතිවරුන්ට රාජ්‍ය පාලනයට සදාචාරාත්මක අයිතිය නැතිවෙලා තියෙනවා. ඔබතුමා කියන එක කරන රාජ්‍ය සේවකයින් අද නැතිවෙලා තියෙනවා. ඔබතුමන්ලාට මේ රාජ්‍ය යාන්ත්‍රණය හසුරවන්න පුළුවන් වෙන්නේ නෑ. සාදාචාරාත්මකව වැහැරිලා ඉවරයි. මේ පාලන තන්ත්‍රය වැහැරිලා ඉවරයි. ඒ නිසයි කියන්නේ මේ තත්ත්වය ගැන බැරෑරුම්ව හිතන්න. එහෙම පුළුවන් නම් විතරක් අගමැති ඇතුළු සමස්ත ආණ්ඩුව ඉවත්වෙලා, මේ රටේ තියෙන අස්ථාවරත්වය ස්ථාවර කරන්න පුළුවන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව සලස්සා දීලා කරුණාකරලා බැහැලා යන්න. එහෙම නොකළොත් මේ රටේ ඇති වෙන අවාසනාවන්ත ඉරණමේ පාපතර වගඋත්තරකාරයින් වීමට ඔබ සියලුදෙනා පත්වීම වළක්වන්න බැහැ.

මේක වහාම පාලිත තත්ත්වයකට ගෙන ඒම සඳහා මේ 225ට වගකීමක් තියෙනවා. ඒ 225 වගකීම නොගෙන එකිනෙකාට දොස් පවරමින් චෝදනා කරමින් ගත කළ හැකි කාලයක් නෙමෙයි මේ කාලය. අපි අතර තියෙන පරස්පරතා පසෙක තියා පාරේ විරෝධතා කරන ජනයාට නිසි ගෞරවය දෙමින් ක්‍රියාකළ යුතුයි. එහෙම නැත්නම් ගෝඨා ගෝ හෝම් විතරක් නෙමෙයි. 225 ගෝ හෝම් කියන තත්ත්වයට මේ රට පත්වෙයි.”

69,301 views

22 Comments to “අද සාටකයක් දාගත්ත එකෙකුට පාරකට බහින්න බෑ.. උදදච්ච කපුටාස් ඒ තත්වෙට පත් කලා..- විමල් පාර්ලිමේන්තුවේ..”

  1. ඒ වුනත් මැතිඇමති 225 ම, වි.ග.ණ.න.ය.ට ලක් කළ යුත්තේ යය. එතකොට මේ කුළියට කෑගහන අයගෙ. සාටකෙත් ගැලවිලා යාවි. ඊළග මහ මැතිවරණය ට පෙර දැන් වත්කම් බැරකම් වාර්තාවන් Auditor General ට භාර දිය යුතුය ..

    • Amdan says:

      අද සාටකයක් දාල යන එකෙක් පාරෙ යද්දි මිනිස්සු උන් මරාගෙන කන්ඩ හදන්නේ බැසිල් නිසා නොව මහින්ද නිසා .අද පාසැල් ලමයින්ට හොරෙක් අදින්ඩ කීවොත් ලමයි අදින්නේ බඩ මහත උඩු රැව්ලක් තිබෙන සාටකයක් දාපු මිනිහෙක් .ඒ තරමටම මුන්ගේ හොරකම සමාජගතවෙලා .

  2. LalithM says:

    තරුණ පරපුර ඉල්ලන්නේ 226 ගෙදර යන්න. 225+1. ඒක භයානක දෙයක්.

    • Love nature says:

      බැසිල් කපුටාස්ව පමණක් විවේචනය කිරීම පලක් නැත ..මහින්ද ,ගෝටාභය,නාමල් ඇතුළු මුළු කුරහන් සාටක පවුලත් මැති ඇමතිලාත් රටේ ආර්ථික අස්ථාවරයට වගකිව යුතුයි ..පොහොට්ටුව ආණ්ඩුව විසුරුවා ගෙදර පලයව්

    • සහන් says:

      හායී බයියා. හව් අර් යූ

  3. aniwa says:

    people won’t fall for these dramas anymore.
    it’s clear why he is not criticising his big crooks, just kaputas.

    • සුදුපරවියා says:

      Wimal is still not ashamed to go shopping for the rogue family including Mahinda Gota.Please take a look at the abyss our country is in today …
      Be a real Sinhalese patriotic politician

  4. සනත් ඉතාලිය says:

    මිනිස්සු ඉල්ලන්නෙ ඔලුගෙඩි මාරුවක් නෙමෙයි ක්‍රමයේ වෙනසක් ජනතා නියෝජිතයො වත්කම් හෙළිදරවු කරල විගණනය කල යුතුයි.නාස්තිකාර ජනතා නියෝජන ක්‍රමය වෙනස් කරල රටට ආර්ථිකයට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හදා ගතයුතුයි.රට යතා තත්වයට එන තුරු ආර්තිකය හැසිරවීම ලින් කබ්බන්ට නොදී ඒ පිලිබද ප්‍රාමාණික දැනුමැති මණ්ඩලයට දිය යුතුයි.මහජන නියෝජිතයින්ගේ සියලු වරප්‍රසාද අහෝසි කල යුතුයි.උන් රට වෙනුවෙන් දේසපාලනේට ආව නම් ඕව නැතුව වැඩ කරන්න බැරිද ?

  5. sam says:

    Yes, you have a good reason to be angry with him because of him your gravy train also has come to a halt. I really feel very sorry for you.

    Maybe in a mysterious way, Kaputas may have done a good thing for the country in the longer run.

  6. Niwan Suwa Labewa Naki maino…. Gotabayata Niwan Suwa nolabewa…..

  7. Kumara says:

    It’s clear Wimal wants GOTA to stay in power. Not only him many MPs including opposition & Mythree. That’s why they don’t want to bring no confidence motion.

  8. Pedro says:

    බැසිල් කාලකන්නියා ගෙනැවිත් රෙද්ද අස්සේ දාගෙන කෙලවාගත් දෙන්න තමා විමල් ගම්මන්පිල ජෝඩුව දැන් ගෝල්ෆේස් පිට්ටනියේ සංවිධාන කටයුතු පවා කරමින් පවතින ආන්ඩුවට පහර දෙනවා. සාටකය එපා කිව්වාට මහින්ද රාජපක්ෂ මරණ මංචකයේ චන්දය ඉල්ලුවත් උඩින් දිනනවාමයි. ඔහු එතරම් සේවයක් රටට කරපු නිසා. මුදල් වංචා වෙනම ප්‍රශ්නයක් විතරයි. නමුත් මුන්ට මොන පක්ෂයෙන් චන්දය ඉල්ලුවත් ඇපත් රාජසන්තකයි.

    • ගෞම් ඊයාරාජ් says:

      උබලා වගේ අතිශය ප්‍රාථමික ණයට කහින වහල්ලු දැන් සැහෙන්න වදවෙලා !!! පාරට බැහැලා බලපිය සාටකයක් කරේ දාගෙන ගෙරියා ! වෙන්නේ මොනාද කියලා ,මහින්ද නෙමෙ ,ඔකගේ අප්පා ඉල්ලුවත් ගූ ගහට පරාදයි ඔකුන්ගේ සනුවරේ. මීට පස්සේ රාජපක්ෂලා ගේ දේශපාලනේ ඉවරයි. 😂🔫

      • සිංහලයේ වීරයා මහින්ද රාජපක්‍ෂ. ඒක වෙනස් කරන්න කොහෙත්ම බැහැ. ඔහුව අදහන සිංහලයන් ලක්ෂ ගනනින් ඉන්නවා. ඒක ඇත්තක්. ඊර්ෂ්‍යාවට සමාජ මාධ්‍ය තුලින් මොනවා කීවත් වීර මහින්ද වීරයෙක්ම තමා.

  9. Amdan says:

    අද සාටකයක් දාල යන එකෙක් පාරෙ යද්දි මිනිස්සු උන් මරාගෙන කන්ඩ හදන්නේ බැසිල් නිසා නොව මහින්ද නිසා .අද පාසැල් ලමයින්ට හොරෙක් අදින්ඩ කීවොත් ලමයි අදින්නේ බඩ මහත උඩු රැව්ලක් තිබෙන සාටකයක් දාපු මිනිහෙක් .ඒ තරමටම මුන්ගේ හොරකම සමාජගතවෙලා .

  10. විභව says:

    විමල් අපි ඔබ සමගයි නමුත් දැන් ඇති .මේ තක්කඩි පරණ එමති නාකි එක්ක එකතු වෙන්න එපා රට භයානක අඩියකට දාන්න එපා අද මේ උද්ඝෝෂනය මෙහෙයවන්නේ තනිකරම සිංහල විරෝධියි බෞද්ද විරෝධී අන්තවාදියෝ එන්ජීඕ කාරයො සහ ජේවීපී කාරයො .ඔයා ගාලු මුවදොර ගිහිල්ල බලන්න.ඊයේ බිත්ති වලට පින්තූර ගහපු ප්‍රොජෙක්ටර් එක ලැබුනේ කොහෙන්ද ?මීට කලින් ලංකාවේ ඒව තිබුණේ නෑ.මේ ප්‍රොජෙක්ටර් එකක් මිලියන ගානක වෙනවා.මේක මේ හදිසියේ තානාපති කාර්යාලය කින් තානාපති වරප්‍රසාද වලට මුවා වෙලා ගෙනාපූ එකක් .සිංහලයා නැති කරන මේ පවට සමාදම් වෙලා ඔයගොල්ලො නටත් මේ කර්මය කරකවා ගන්න එපා

    • ගෞම් ඊයාරාජ් says:

      තාමත් ඉතුරුවෙලා ඉන්න පුන්නක්කු මොලේ කුරුවල් ගොං බෛයෙක්ගේ අදොණාව , කොටි ඩයස්පෝරාව එක්ක නන්දසේන සාකාච්චා කරනකොට මීක් සද්දයක් නැතුව ,මහනායක හිමිවරු මේ රජයට ඉල්ලා අස්වෙන්න යොජනා කරනකොට මීක් සද්දයක් නැතුව හිටපු ණයට කහින ගොං බෛයන්ට නොතෙරුනාට මේ රටේ පහල සිට ඉහලම ස්ථරයේ ඉන්න මහජනතාව ඉල්ලන්නේ මෙලො වැඩක් කරගන්න බැරි කටිං පුටිං ඇතුළු සෙල්ලං කැබිනට්ටුවට ගෙදර යන්න කාරනේ ! කාමරේ අස්සෙන් එලියට බැහැලා බලපිය නිට්ටෑවා තෙල් පොලීමේ ඉදලා පාරට බැහැලා ඉන්න ජනතාව ඉල්ලන්නේ මොනාද කියලා . මී හරකෙක් උනාට කමක් නෑ , හැමවෙලේම උම්බෑ ගාලා මීහරක් ජාතකේ එලියට දාන්නඑපා උබේ !

Main News