අරක්කු ඔන්ලයින් නිවසටම… ?

June 14, 2021 at 1:20 pm | lanka C news
අරක්කු ඔන්ලයින් නිවසටම… ?

ජනතාවට මත්පැන් අන්තර්ජාලය හරහා මිලට ගැනීම සදහා සුපිරි වෙලද සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා ඉල්ලීම් රැසක් ලැබී ඇති නමුත් ඒ සදහා නිසි අවසරය මෙතෙක් ලබාදී නැතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මේ දින වල පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් රට පුරා මත්පැන් සැල් වසා දමා ඇත.

මේ අතර මත්පැන් නිෂ්පාදන සමගම් පවසන්නේ තම නිෂ්පාදන සදහා බදු අයකලද නිෂ්පාදන අලෙවි කිරිම සදහා යාන්ත‍්‍රණයක් නොමැති නිසා බදු ගෙවීම අර්බුදයක් වී ඇති බවයි.

112,042 views

23 Comments to “අරක්කු ඔන්ලයින් නිවසටම… ?”

  1. සෙරෙප්පු සුප් says:

    දැන් එතකොට අරක්කුත් ඔන් ලයින් දෙනවද​?
    හද්ද පිටිසර උන්ට ලයින් එක නැහැනෙ ඔන් ලයින් ඕඩර් කරන්න​.
    ඇයි උන්ට පුලුවන්නෙ අර ඉගෙන ගන්න ළමයි වගේ ගහකට නැගල ඕඩර් කරන්න​.
    මිනී පෙට්ටිත් ඔන් ලයින්ම ඕඩර් කල හැකිද​?
    ඒ මොකටද​?
    ඇයි,පලවෙනි බෝතලේ ගහට නැගල ඕඩර් කරනව​,බිමට බැහැල ඒක බොනව​.
    මදි උනොත්?
    බීල වෙරිමතේ ආයෙ ගහට නගිනව​.ගහ පල්ලෙ ඇද වැටිල මියැදෙනව​.සිහියෙන් ඉන්න එකෙක් ගහට නැගල මිනී පෙට්ටිය ඕඩර් කරනව​.

  2. Silva says:

    හොදයි . බීලා බීලා මැරෙමු.