අද සිට ඖෂධ මිල අඩු කරනවා..

September 23, 2016 at 7:05 am | lanka C news
අද සිට ඖෂධ මිල අඩු කරනවා..

ඖෂධ වර්ග 30 ක මිල අඩු කිරීෙමි ක‍්‍රමෙවිදය අද (23) රටට හදුන්වා දෙන බව සෞඛ්‍ය ඇමැති පවසයි.

විශ්ව ළමා දිනය කේන්ද්‍ර කර ගනිමින් රාජිත සේනාරත්න පදනම සංවිධානය කරන ලද  ර්‍ණස්ව ශක්ති මාතා” වැඩසටහන ඊයේ(22) පස්වරුෙවි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ෙබිරුවල කාලවිල කන්ද ක‍්‍රීඩා පිටියේ දී පැවැත්විනි. පිය සෙනෙහස අහිමි වූ දරුවන් 150 කට පාසල් උපකරණ හා පෝෂණ මලු බෙදාදීම මෙහිදී සිදු කෙරෙිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘හෙට (23) සිකුරාදා දින මහාචාර්ය  සේනක බිබිලේ  මැතිතුමාගේ උදාර සංකල්පය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරිෙමි වැඩපිළිවෙල මම දියත් කරනවා. රාජ්‍ය ඖෂධ නීතිගත  සංස්ථාව ස්ථාපිත කර අඩු මිලට ඖෂධ ලබාදීෙමි වැඩපිළිවෙල සේනක බිබිලේ මහතා ආරම්භ කළේ මිීට වසර 43 කට පෙරයි. නමුත් එම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට මෙතෙක් කිසිම කෙනෙකුට නොහැකි වුනා. වසර 43 කට පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියක් ස්ථාපිත කොට ඖෂධ මිල අඩු කිරීෙමි වැඩපිළිවෙල මම හෙට ආරම්භ කරනවා.

ශ‍්‍රී ලංකාවට ඖෂධ වර්ග 3000 ක් වාර්ෂිකව ආනයනය කරන අතර, එම සියළුම ඖෂධ විශ්ලේෂණය කිරීම අසීරුයි. සේනක බිබිලේ මහතාගේ ප‍්‍රතිපත්තියේ සදහන් වුයේ අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කළ යුතු බවයි. ඒ අනුව ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ඖෂධ මිල අඩු කිරීෙමි ක‍්‍රමෙවිදය හෙට දින ප‍්‍රකාශයට පත් කරනවා. එහිදි ඖෂධ වර්ග 30 කට වැඩි සංඛ්‍යාවක මිල අඩු කරන අතර, උසස් ගුණයෙන් යුත් ඖෂධ අඩු මිලට ජනතාවට ලබාගැනීෙමි හැකියාව හෙට සිට උදාවෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් ෙමි සදහා විශාල කැපවීමක් සිදු කළා. ජාතික ඖෂධ වානිජ මණ්ඩලයේ නිලධාරීන් සහ සුළු පරිමාණ ඖෂධ ආනයනය කරුවන්ගේ සංගමය සමග ද ෙමි පිළිබදව සාකචිඡුා කළා. ඉන් පසු මෙම අවසන් ක‍්‍රමෙවිදය සකස් කළ අතර, දෙවන අදියරේ දී එනම් තවත් මාස එකහමාරකින් වැඩි මිලට අලෙවි කරන ඖෂධවල මිල අඩු කිරීෙමි ක‍්‍රමෙවිදය සකස් කර මම ජනතාවට හදුන්වා දෙනවා. ඉන් පසු එම ප‍්‍රතිලාභ ජනතාවට ලබානොදෙන ඔසුසැල් සොයා වැටලීම් සිදු කරන අතර, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය සුදානමින් සිටිනවා. එවනි ඔසුසල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් මම සුදානම්” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට රාජිත සේනාරන පදනෙමි සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

6 views

2 Comments to “අද සිට ඖෂධ මිල අඩු කරනවා..”

  1. ඇස says:

    දොස්තරයෝ සෙට් ඒක මේකටත් වර්ජනය කරයිද දන්නේ නෑ තමන්ගේ දරුවන්ට බඩේ පහර වදිනවා කියලා. කොහොම උනත් දොස්තරයෝ මේක කරන්න නම් දෙන එකක් නෑ, ඉර හද වගේ ෂුවර්!

    මහාචාර්ය සේනක බිබිලේ සංකල්පය ලෝකයේ සියලුම රටවල් දැනට ක්‍රියාත්මක කර හමාරයි . අපේ සිරි ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරිෙමි වැඩපිළිවෙල මයිත්රීටත් කරගන්න බැරි උනා . මෙයා මොනවා කරන්නද ?මේකේ පිටිපස්සේ ඉන්නේ වනචාරි දොස්තරයෝ . මුන් දිය යටින් ගින්දර ගෙනියන්න උපන් හපන්නු. වැඩපිළිවෙල සේනක බිබිලේ මහතා ආරම්භ කළේ මිීට වසර 43 කට පෙරලු .

    .සේනක බිබිලේ සංකල්පය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක නොකලොත් අපි වර්ජනය කරනවා කියලා දොස්තරයෝන්ට මේකට ස්ට්‍රික් කරන්න පුළුවන් .එත් එහෙම නොකරන්නේ , කලොත් උන්ට බඩේ පහර වදිනවා .අහින්සක අවින්ඤානික දුප්පත් ජනතාවගේ මුදල් කොම්පැනි කාරයොත් එක්ක එකතු වෙලා කපාගන්න අමාරුයි කියලා උන් දානවානේ .

    දොස්තරයින්ගේ තේමාව බඩ ගොස්තර වාදයයි. .පිනට ඉගෙනගත්ත දොස්තරයින් රට යන එක අවුරුදු 30 කට නීතියෙන්ම තහනම් කර නවත්වන්න ඕන.

    මුන්ට කිසිම බුරුලක් දෙන්න නරකයි. අවින්ඤානික ජනතාවක් ඉන්න නිසා තමයි මුන් මෙච්චර සෙල්ලං දාන්නේ .මාද්‍ය කාරයොත් මුන්ගෙන් අහන්නේ ගොන් ප්‍රශ්න ? ඒ වෙලාවට හිතෙන එකක් අහනවා ,එකත් ඒක හේතුවක්.

    • ගමේජ් says:

      දොස්තර සංගමය එක්ටා ගිවිසුම හරහා ලංකාවට සිදුවියහැකි අවාසිය පෙන්වාදීම වරදක්ද ?