අද සිට කිලෝ 50 පොහොර මිටියක් යලි රුපියල් 500යි..

April 6, 2018 at 5:30 pm | lanka C news
අද සිට කිලෝ 50 පොහොර මිටියක් යලි රුපියල් 500යි..

අද දිනයේ සිට පෙර පැවති ක‍්‍රමය යටතේම ගොවි ජනතාවට පොහොර ලබා දීමට රජය පියවර ගෙන ඇත.

වී ගොවීන් සදහා පොහොර මිටියක් රුපියල් 500ක් හා වෙනත් වගාවන් සදහා පොහොර මිටියක් රුපියල් 1500ක මිලක අද දිනයේ සිට මිලට ගත හැක.

මේ බව සදහන් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සහනාධාර පොහොර වැඩසටහන 2018 යල කන්නයේ ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

මෙම වැඩසටහන යටතේ වී ගොවිතැන සඳහා යුරියා,ත‍්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී.) හා මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්. ඕ.පී.) පොහොර කි.ග‍්‍රෑ. 50ක් රු. 500/- බැගින් වී ගොවියා වෙත සැපයීමට කටයුතු කරනු ලැබේ.

2018 යල කන්නයේ දී වී වගාව සඳහා සහනාධාර මත පොහොර බෙදාහැරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු හා උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ අඩංගු සහනාධාර පොහොර බෙදාහැරීමේ චක‍්‍රලේඛ 1/2018 මෙයට යා කර ඇත.

එහි සඳහන් ක‍්‍රමවේදය, උපදෙස්, සීමාවන් හා කොන්දේසි මැනවින් අවබෝධ කර ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලමි.

පොහොර සපයා ගැනිමේ දී හා බෙදාහැරීමේ දී ප‍්‍රමාදයන් හා දුෂ්කරතාවයන් වළක්වා ගැනීම සඳහා හා ගොවිජන සේවා මධ්‍යස්ථාන ගබඩාවේ දී කි.ග‍්‍රෑ. 50ක පොහොර මිටියක් රු. 500/- ට අලෙවි කිරීම තහවුරු කිරීම පිණිස පොහොර බෙදාහැරිමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අදාළ සියලූ පාර්ශවයන් මනා අවබෝධයකින් හා සම්බන්ධීකරණයෙන් යුතුව ක‍්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ.

රජය විශාල මුල්‍ය දායකත්වයක් සලසමින් ක‍්‍රියාත්මක කරන පොහොර සහනාධාර වැඩසටහන මඟින් අපේක්ෂා කරන කෘෂිකාර්මික හා ආර්ථික සංවර්ධන අරමුණු සඵල කර ගැනිමට චක‍්‍රලේඛයේ සඳහන් උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ඔබගෙන් ලැබෙන දායකත්වය බෙහෙවින් අගය කරමි.

ලේකම්
කෘෂිකර්ම අමාත්‍යංශය

35 views

7 Comments to “අද සිට කිලෝ 50 පොහොර මිටියක් යලි රුපියල් 500යි..”

  1. Samuvel says:

    සබීතගෙ ත්‍යරිය අත හැරල දැන් බොරු සෝබනයක් පෙන්වනවා. ඒ කියන්නේ මහින්ද මහත්තයා කල දේ හරි කියලනේ. ඕක කරන්න අර සබීත බිල්ඩිමට කෝටි 58ක් ගෙවුවා නේද කිසිම සේවයක් නොගෙන.

  2. වී ගොයියා says:

    අනේ මන්ද දැන් එතකොට වී අස්වැන්න වැඩිවුණාම රට ස්වයංපෝෂණය වෙනවානෙ, එතකොට වී රට යවන්නත් පුලුවන්. එතකොට මට තියෙන ප්‍රශ්නේ, ඒ අතිරේක වීගබඩා කරන්නේ මත්තලද මහත්තයෝ?

  3. Niru says:

    February 10 and the No confidence motion is bringing in the results

  4. නිමල්කා says:

    ජයවේවා ඔබතුමාට විශ්වාස බන්ගයට විරුද්දව චන්දෙ දීලා අපේ මයිත්‍රී ගේ ජනාදිපතිකමත් ඔහුගේ පවුලත් ඔහුගේ ජිවිකාවත් රැකලා දීලා ඔබෙත් ඔබගේ අමාත්‍යංශයේ ගොඩනැගිල්ලේ හිමිකාරියගේ පහසු ආදායම් මාරගයත් රැකලා දුන්නට බොහොම පින් .ඔබතුමා මොන තරම් අපහස වින්දද අපේ නෝනාගේ ආදායම රකින්න ගිහිල්ලා .
    අනේ ඔබතුමා රන් කඳක් .ඔබතුමාගේ ගතිගුණ දන්නේ නැති අය ඔබතුමාට නොයෙක් අවලාද කියන බව අර ප්‍රසිද්ද නිලියෙකුත් කියල තිබුනනේ අනේ පවු ඇත්තටම ඔබ තුමා බොහොම ගුණයහපත් කෙනෙක් ආණ්ඩුවේ ඉන්න ගමන් තමුන්ගේ මිතුරියන්ට ආදායමක් ලබල දෙන ගමන් ඒ ආණ්ඩුවේ ප්‍රධානියාට විරුද්දව විශ්වාස බංග ගෙන එක ආගමට දහමට විරුද්ද බව ඔබතුමාට තේරුනේ ඔබතුමා නිතරම ආගමානුකුල භාවනාමය ජිවිතයක් ගතකරන නිසා වෙන්න ඕනා .ඔබතුමාට ක්රශිකර්ම ඇමැතිකමට අමතරව තවත් මොනවා හරි ලොකු ඇමතිකමක් ලැබේවා කියල පතනවා මම නම් හිතන්නේ ඔඅබතුමාට දෙන්න ඕනා ඖෂධ සහ ආය්ර්වේද ඇමතිකම

  5. David Milli-banda says:

    Moda thaka thiruwa, pohora tikak thoge thatte gaala konde wawa ganin.

  6. Dissanayaka Saman says:

    Mahinda maththya deepu pohora sahanadaraya navaththala dan avurudu 3 yi.dan pohora navatha deela chanda dinanna balanne.palath saba mathivaranayen thopi pannala danawa !!!!

  7. daminda says:

    katae nari waadann redda pallenn…..

Main News