පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…

January 13, 2022 at 10:02 pm | lanka C news
පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…

කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (13) පස්වරුවේ සිට නතර කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

විදුලිය නිපදවීමට ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලංකා විදුලිබල මණ්ඩල ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මේ හේතුව මත අද දිනයේ සිට රට පුරා ප්‍රදේශ ගණනාවකට දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරනු ඇති බවද මණ්ඩලය සඳහන් කර තිබේ.

එමෙන්ම ඉදිරියට ඉන්ධන නොමැති වුවහොත් තවත් තාප බලාගාරවල විදුලි උත්පාදන කටයුතු නතර කිරීමට සිදුවනු ඇති බවද මණ්ඩලය තව දුරටත් සදහන් කරයි.

59,749 views

4 Comments to “පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…”

  1. 69 ලක්සේ... says:

    දැන් සැපද ???????????????????????

  2. saman says:

    බොරුකාරයන්ට හොරුන්ට මීට වඩා දෙයක් කරන්න බෑ

  3. Rajith says:

    Mata eeye ra hithuna loudspeaker ekak daala ape paththe watetama den sepada kiyala announcement ekak daanna. Hiks

  4. Bada says:

    දැන් ෂැපද……….

Leave a Comment

Main News