අද සිට පොලිතින් භාවිත කලොත් අත්අඩංගුවට.. අලුත් ලන්ච් ෂීට් එකක් 3.50යි.. බත් පාර්සල් මිල ඉහලට..

January 1, 2018 at 8:40 am | lanka C news
අද සිට පොලිතින් භාවිත කලොත් අත්අඩංගුවට.. අලුත් ලන්ච් ෂීට් එකක් 3.50යි.. බත් පාර්සල් මිල ඉහලට..

පසුගිය සැප්තැම්බර් මාසයේ පටක් තහනම් කරමින් ගැසට් කරන ලද පොලිිතින් තහනම අද දිනයේ සිට නිල වශයෙන් ක‍්‍රියාත්මක වෙයි.

ඒ අනුව අද දිනයේ සිට පොලිතින් වෙලදුන් සොයා රට පුරා වැටලීම් සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරයි.

මෙම නීතිය කඩකරනන්හට රුපියල් 10,000ක දඩ මුදක් හෝ දෙවසරක සිර දෟවම් නියම කිරීමට නියමිතය.

මේ අතර සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය මෙම නව නීතිය සම්බන්ධයෙන් සිය විරෝදය පල කරයි.

අද දිනයේ සිට අලුත් ලන්ච් ෂීට් එකක් රුපියල් 3.50ක් හා කෑම පෙට්ටියක් රුපියල් 10.00ක් වන බවද සංගමය සදහන් කරයි.

මෙම තහනම ඉවත් නොකරන්නේ නම් ලබන සතියේ සිට කෑම පාර්සලයක මිලද ඉහල දමන බව සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටී.

238 views

9 Comments to “අද සිට පොලිතින් භාවිත කලොත් අත්අඩංගුවට.. අලුත් ලන්ච් ෂීට් එකක් 3.50යි.. බත් පාර්සල් මිල ඉහලට..”

  1. Green Force says:

    පොලිතීන් නැති කාලේ මුං කෑම පාර්සල් එතුවේ මොනවයින්ද දන්නේ නෑ.අතීතය දන්නා කෙනෙක්ගෙන් අහලා ඒ විදියට කරපියව්!

  2. cft says:

    කුණු කසල කළමනාකරණය කරගන්න සැලසුම් හදන්න නිබුනේ මීට අවුරුදු 20 කලින්, දේශපාලකයන්ට දුර දක්නා නුවණක් නැතිවීම සහ මඩ ගසන්නයි, මැරකම කරන්නයි විතරක් දන්නා අය දේශපාලන ආයතනවලට යැවීමේ විපාක විදින්න වෙලා, දැන් මේ අය තමන්ගේ නොහැකියාව වහගන්න ජනතාව මර්දනය කරන්න හදනවා. ව්‍යාපාරිකයාට ඉඩ, ඇස්බැස්ටෝස් තහනම ඉවතට, කළු දුම් ඉහලට , ඇත්තටම ජනතාවද වගකියන්න්න ඕනේ ?
    ආහාර ඇසුරුම්, යෝගට් කෝප්ප විනාශ කරන්නේ කොහොමද ? පහත තැනින් යයි ගලා ජලේ,????

  3. Sithmal says:

    අනේ හොදයි… දාපන් ඉහල. මේව කොහේ තියෙන සOගම් ද බO? මරා පිහිටවපු එකක්වත් ද?

  4. SUNIMAL says:

    රජකාලේ කෙසෙල් කොලවලින් නෙලුම් කොළවලින් බත බැද ගත්තේ ඇයි දැන් බැරි?

  5. Upali says:

    මේ තහනම් තීරනය ඉතාම හොඳයි. කවුරු කලත් කලයුතු දැයක් ලෙස පිලිපැදිය යුතු වේ. අන්තර් ගැටලු ඇතිවිය හැක. ජනපතිතුමා ට මෙම අවස්තාවේ සියලු දේශපාලන මතබේද අමතක කර සහයෝගය දිය යුතුය.

  6. love nature says:

    Plastic bags will be banned in France from July 1. This measure will concern supermarkets, pharmacies, bakeries, petrol stations, covered and open-air markets.

  7. love nature says:

    England’s plastic bag usage drops 85% since 5p charge introduced ..

  8. love nature says:

    France just passed a law that says all plastic plates, cups, and utensils will be banned by 2020, and replacements will need to be made from biologically sourced materials that can be composted.

    The new law follows a total ban on plastic shopping bags in July, and is part of the country’s Energy Transition for Green Growth Act – a plan to make France a world leader in adopting more environmentally friendly practices, and in reducing greenhouse gas emissions.

Main News