අද සිට යලිත් මහ වැහි.. කාලගුණේ අනතරු අගවයි..
May 23, 2018 at 8:40 am | lanka C news
අද දිනයේ සිට ශ්‍රී ලංකාව නිරිත දිග කොටසේ වැසි තත්වය වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද රාත්‍රියේ සිට වැඩි වර්ෂාවක් ඇදහැලෙනු ඇති බවත් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති වනු ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ අනෙක් පළාත්වලද පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයිද අද පෙරවරුවේ නිකුත් කර ඇති කාලගුණ වාර්තාවේ දැක්වෙයි.
මේ අතර ගං වතර තත්වයේ තිබූ සියළු ගංගාවන්හි ජල මට්ටම් බැස යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඇති වූ ආපදා තත්වය නිසා පුද්ගලයන් 70,000 කට ආසන්න පිරිසක් ආපදාවට පත්ව සිටින බව ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය කියා සිටී.
ආර්ථික වර්ධන වේගය නගිනවෝ !!!!!
දේව ශාපය බුර බුරා නගිනවා