අද සිට රජයේ රෝහල්වල රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පුද්ගලික අංශයෙන් කිරීම තහනම්..
January 1, 2017 at 8:02 am | lanka C news
2017 ජනවාරි 01 සිට එනම් අද සිට රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් තහනම් කර ඇත.
රජය විසින් සියළුම රසායනාගාර පහසුකම් ඇති රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර (31) දිනය වනවිට ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
සියළුම රුධිර පරීක්ෂණ රෝහල් මගින් පමණක් සිදු කරන අතර, ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විමර්ශණයක් ද සිදු කරනු ලබයි. රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමෙි සිද්ධි වාර්තා වුවහොත් රෝහල් අධ්යක්ෂවරයාට එරෙහිව විනය ක්රීයාමාර්ග ගැනීමට ද නියමිතය. ඒ බව සදහන් කරමින් රසායානාගාර පහසුකම් ඇති සියළුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට උපදෙස් ලබාදී ඇත.
– නිපුන් ඒකනායක