අද සිට රුපියල් දසදහසේ නෝට්ටු.. ළගදීම රුපියල් ලක්‍ෂයේ තනි නෝට්ටුවක්.. රුපියල මස්තබාල්දුයි.. ආර්ථිකය හාන්සියි..

February 4, 2018 at 3:23 am | lanka C news
අද සිට රුපියල් දසදහසේ නෝට්ටු.. ළගදීම රුපියල් ලක්‍ෂයේ තනි නෝට්ටුවක්.. රුපියල මස්තබාල්දුයි.. ආර්ථිකය හාන්සියි..

අද දිනයේ ශ‍්‍රී ලංකා රජය විසින් රුපියල් දස දහසක වටිනාකමින් යුතු මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට නියමිත බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ශ‍්‍රී ලංකා රුපියලේ අගය කොතරම් බාල්දු වී ඇතිදැයි එයින්ම පෙනෙන බවද ඔහු පෙන්වා දෙයි.

මේ ආකාරයට ගියහොත් වැඩිකල් නොගොස් රුපියල් ලක්‍ෂයේ නෝට්ටුද අච්චු ගසන්නට රජයට සිදුවනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කලේ නුවරඑලියේදී පැවති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනරැුළියක් අමතමිනි.

136 views

4 Comments to “අද සිට රුපියල් දසදහසේ නෝට්ටු.. ළගදීම රුපියල් ලක්‍ෂයේ තනි නෝට්ටුවක්.. රුපියල මස්තබාල්දුයි.. ආර්ථිකය හාන්සියි..”

  1. චම්පා says:

    ඇයි GL පප්පා අපේ කාලේ 5000 කොළයකුත් ගැහුවේ.අමතකද

    • රටවැසියා says:

      ඇයි මුසලියේ 10000 කියන්නේ 5000 ඒවා දෙකක්

  2. ane muge kata says:

    මට ගඩොල් පෝරණුව හදාගන්න විදිහක් නෑ. ගල්ටික කපා ගන්ටත් බෑ.පන්දාහේ කොළ හොදා. ලැප් ටොප් තහනම් තනෙන ලැප් ටොප් තනැත සමග වනෙනා.

  3. සතයපාල says:

    මහින්දගේ කාලේ ආර්ථිකය ටොප් එකට නැගලා ගිය හින්දා වෙන්න ඇති රුපියල් පන්දාහේ නෝට්ටු අච්චු ගැහුවේ!මේ මෝඩ මහාචාර්යාට හරියට බොරුවක් කියන්නවත් දන්නේ නැහෑ.