අද සිට ෂොපින් බෑග්, ලන්ච් ෂීට් තහනම්.. නීති කැඩුවොත් 10,000ක් දඩ.. දෙවසරක් හිරේ..
September 1, 2017 at 1:20 pm | lanka C news
මයික්‍රෝන් 20ට අඩු ලන්ච් ෂීට්, ෂොපින් බෑග් භාවිතය, විකණීම, නිෂ්පාදනය කිරීම අද සිට තහනම් කර ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනයද රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර ඇත.
අමුද්‍රව්‍ය ලෙස පොලිස්ටයිරින් යොදා නිෂ්පාදනය කරන ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප, හැඳි ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම හා විකිණීම මෙන්ම භාවිතයද තහනම් කිරීමටද තීරණය කර ඇත.
නීති කඩකරන්නන්ට රුපියල් 10,000 ක දඩ මුදලක් සමග වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමේ හැකියාව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මේ අතර පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්රතිචක්රී කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග පවසන්නේ පොලිතීන් තහනම අද සිට ක්‍රියාත්මක යයි පැවසුනත් ලබන ජනවාරිය තෙක් ක්‍රියාත්මක නොවන්නේ යයි බලධාරින් දැනුම්දී ඇති බවය.