අද සියලු ඖෂධ වර්ග රෝහලෙන් නොමිලේ දෙනවා.. එනිසා ෆාමසිවල ආදායම අඩුවෙලා..
July 12, 2017 at 5:30 pm | lanka C news
ඖෂධ හිඟයකින් තොරව රෝහල්වලට සැපයීම නිසා ඔසුසල් වල සහ ෆාමසි වල ආදායම අඩු වී ඇති බව සුව ඇමැති පවසයි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඒකාබද්ධව සංවිධානය කරන “මහජන සුවධන” වෛද්‍ය ප්‍රදර්ශණය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමෙි හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
‘මෙම වෛද්‍ය ප්‍රදර්ශණය ඉතාම වැදගත්. නවීන සොයාගැනීම්, පරික්ෂණ, ජනතාව දැනුවත් කිරීම් මෙහිදී දැකබලා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයටම ප්‍රතිජීවක ඖෂධ විශාල අභියෝගයක්. වසර ගණනාවක් පර්යේෂණ සිදූ කරමින් ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කර ලියාපදිංචි කිරීමෙන් පසු වෙළෙදපොලට නිකුත් කරනවා. නමුත් වැරදි භාවිතය හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා. වර්තමානයේ ඇතැම් සමාගම් සුදානම් නැහැ ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරිමට, ඔවුන් වෙනත් ඖෂධ නිෂ්පාදනය කරනවා. ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීමෙි වැඩපිළිවෙල මම මෙරට රෝහල්වල ආරම්භ කරනවා. ඒ සදහා වෙනම ඒකකයක් ස්ථාපිත කර වැඩපිළිවෙල ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ. එය නවීන වෛද්‍ය ක්‍රමයක්. දූප්පත් මිනිසාට සටන් පාඨ ප්‍රකාශ කරාට නිදහස් සෞඛ්‍ය ලැබෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් ජනතාවට විශාල සහනයක් ලැබුනා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි මෙන්ම ෆාමසි වල ද ආදායම මෙි නිසා අඩු වෙලා. මොකද සියලුම ඖෂධ වර්ග රෝහල්වලින් ලැබෙනවා. ඩෙංගු රෝගීන් සදහා රුධිර පරික්ෂණ ගාස්තු අඩු කර තිිබෙනවා. සියලුම රෝහල් වලට රුධිර පරික්ෂණ යන්ත්‍ර ලබා දී තිබෙනවා. ඩෙංගු රෝගීන් ඇතුලත් කර ඇති රෝහල්වල වෛද්‍යවරුන් ඇතුලු සියලුම කාර්ය මණ්ඩල විශාල සේවාවක් ඉටු කරනවා. ඖෂධ සමාගම් මා සමග විරුද්ධයි. මොකද වෛද්‍ය සංගම් වලට මම දැනුම් දී තිබෙනවා අවශ්‍ය මුදල් සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් ලබාදෙනවා කියලා. ඖෂධ සමාගම් පිටුපස යන්න එපා කියලා එම සංගම් වලට දැනුම් දූන්නා’
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
මේ කක්කුස්සි කටාගෙ බොරු බයිලා ඈර වෙන නිව්ස් ඈත්තෙම නෑද්ද දාන්න?
bath kana harak enna cnews ake. mewa balanavata apita gahanna one.
obatuma gaena boho wiwechana thibbath aushada panathak genawe obatumaya.
navu genaaveth obatuma (LOL)
ඇත්ත නේන්නම්….. මං දැක්කා ෆාමසියක් ඉස්සරහ බෝඩ් එකක් ගහලා තියෙනවා තෝසේ විකිණීමට ඇති කියලා…
“සියලුම” බෙහෙත් නොමිලේ දෙනවනං කොහොමද ෆාමසියේ ආදායම “අඩු” වෙන්නේ බින්දුව නොවී?
අර “රාහුල කොලුවා” කිවුව වගේ ෆාමසි වල දැන් එතකොට තෝසේ විකුනනවවත්ද?
The hospital system gives very little and the low cost poor quality medicine only. No expensive essential medicine is provided. What is this man talking about. HE wants to stop that bit of service that helps the poorest of the cuntry so he and his pharmacy fellows can exploit every last bit of blood from the poorest people in the country?